වැලිකඩ සමූහ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුට නැවතත් මරණ තර්ජන!

Leading witness in Welikada prison massacre receives death threats

වත්මන් ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම් ධුරය දරන සමයේ සිදු වු  වැලිකඩ සිරකරු සමුහ ඝාතන සිද්ධිය ඇසින් දුටු ප්‍රධානතම සාක්ෂිකරුවකුට යලිත් වරක් ජීවිත තර්ජන එල්ල වී ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි. එම සංගමයේ සභාපති නීතිඥ සේනක පෙරේරා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ සුදේශ් නන්දිමාල් සිල්වා වාසය කරන මාලිගාවත්ත, ලක්හිරු සෙවණ දුම්රිය මහල් නිවාසයේ පිහිටි නිවස වෙත  ජුලි 07 වැනි දින  නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඔහු යන එන ස්ථාන සම්බන්ධයෙන් අසල්වාසීන්ගෙන් විමසා ඇති අතර  ඔහුට ඉදිරියේදී ජීවිත තර්ජනයක් සිදු කිරීමට සුදානම් වන බවට හැඟවෙන ආකාරයට එකී පුද්ගලයන් ප්‍රකාශ…

Read More

“අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දෙන්න එපා” ජනතා නීතිඥයෝ  සජිත්ට දන්වයි!

Sajith Premadasa lawyers forum of the people

අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ පල කරමින් ජනතාව තුළ වැරදි අදහසක් ඇති වන ආකාරයට  කටයුතු කළ බවට ලෝක සමාජ මාධ්‍ය දිනයේ දී  විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී තිබේ. ඊට හේතුවී ඇත්තේ පැහැරගෙන ගොස් උසාවියට ඉදිරිපත් කරන ලද ප්‍රමුඛ පාරිභෝගික අයිතිවාසිකම් ක්‍රියාධරයකු වෙනුවෙන් සමගි ජන බලවේගය නීතිඥ සහාය ලබා දුන් බවට විපක්ෂ නායකයා මුහුණු පොතේ පල කළ සටහනකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමු කරමින් ජනතා නීතිඥයෝ සංවිධානය දැනුම් දී ඇත්තේ ඔහුගේ එම පළ කිරීම හේතුවෙන් තම සංවිධානය මෙන්ම නීතිඥවරුන්ද බලවත් අපහසුතාවයකට පත්ව ඇති බවයි. නීතිඥ නාමල් රාජපක්ෂගේ අත්සනින් යුතුව…

Read More

CID ය නීතියට පිටින් වැඩකරන බවට චෝදනා!

CID works illegally committee for protecting rights of prisoners

රටේ පවතින නීතිය ඉක්මවා යමින් කටයුතු කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට චෝදනා එල්ල වී තිබේ. අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කළ සැකකරුවකුට රැඳවුම් නියෝග ලබා ගැනීමට ඉල්ලුම්  කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතියේ “නැති ප්‍රතිපාදන ඔස්සේ” කටයුතු කර  තිබෙන බව සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ප්‍රමුඛතම සංවිධානයක් පවසයි. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා ඒ බව සදහන් කළේ ජුනි 16 බදාදා කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. නීතිඥයා‌ පවසන පරිදි පසුගිය දිනෙක අත්අඩංගුවට ගත් පල්ලේවත්ත ගමගේ  චමින්ද දිල්රුක් යන සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත රිමාන්ඩ් කර සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…

Read More