පොලිස් ඇමැතිගේ නව ප්‍රතිපත්තිය, යුක්තිය පසිඳලීමට කරන මරු පහරක්!

Rear Admiral Sarath Weerasekara Minister of Public Security

අත් අඩංගුවට ගන්නා සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර මින් ඉදිරියට මාධ්‍යයට නිකුත් කිරීමට පොලිසිය බාර අමාත්‍යවරයා ගෙන ඇති තීරණය රටේ ඉහලම  නීති උපදේශකයන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ගේ හෙලා දැකීමට ලක් වද්දී, අමාත්‍යවරයාගේ ප්‍රකාශය මාධ්‍ය නිරීක්ෂකයන් විසින් සමාජ සංවාදයකට ලක් කර තිබේ. මහජන ආරක්ෂාව පිළිබඳ රියර් අද්මිරාල් සරත් වීරසේකර අමාත්‍යවරයා සිදු කිරීමට යන ක්‍රියාව යුක්තිය පසිඳලීමට එල්ල කරන මරු පහරක් ලෙසින් අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන නීති උපදේශකගේ හෙලා දැකීමට ලක්වෙද්දී මාධ්‍ය හමුවක් පවත්වමින් අලුත් පියාපත් සංවිධානය පවසා තිබුනේ සැකකරුවන්ගේ ඡායාරූප සහ විස්තර  මාධ්‍යයට නිකුත්  කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි මෙන්ම පුද්ගලික අයිතීන් උල්ලංඝනය කිරීමක් ලෙසිනි.…

Read More

සැකකරුවන්ගේ ඡායාරූප මාධ්‍යයට මුදා හැරීම සුදුසුද?

Photos of the suspects Rear Admiral Sarath Weerasekara

මෙරට සිදුවන කාන්තා හා ළමා හිංසනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් හඳුනා ගැනීමෙන් පසුව අධිකරණයේ නඩු පවරන අතරම ඔවුන්ගේ ඡායාරූප, තොරතුරු මාධ්‍යයට මුදා හරින බව පහුගියදා (12) මහජන ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා ප්‍රකාශ කර තිබුණේය. ඒ තුලින්වත් ලැජ්ජාවක් හෝ බියක් ඇති වී මේ අපරාධ රැල්ල යම් ප්‍රමාණයකට හෝ නැවැත්විය හැකි බව ඔහු විශ්වාස කරන බවද එහිදී ප්‍රකාශ කර තිබුණි. යුක්තිය පසඳලීමට මරු පහරක්! නමුත් මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ සාධාරණ සැකයකින් තොරව ඔප්පු කරන තුරු යම් පුද්ගලයෙකු නිවැරදි බව නීතියේ සඳහන් කර තිබියදී…

Read More