කැබිනට් සෞඛ්‍ය අමාත්‍ය රූකඩයක් වී ඇති බව රවී කුමුදේශ්ගෙන් චෝදනා.

ravi

ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය පමණක් නොව රසායනාගාර සේවාව වැනි අංශ සියල්ල කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාලනයෙන්  ගිලිහී තිබෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, තමන්ගේ කැබිනට් අමාත්‍ය වරයා සමග ප්‍රසිද්ධියේ මත ගැටුම් ඇති කර ගැනීම ඉතිහාසය තුල ඉතා දුර්ලභ බවත් මේ වන විට ඉතා බහුලව සිදුවෙමින් පවතින එම තත්වයට හේතුව රාජ්‍ය අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශය අභිබවා බලය කෙන්ද්‍ර ගත කරගෙන තිබීම බව ද ඔහු චෝදනා කර සිටියි. සෞඛ්‍ය ලේකම් වරයා වැනි ප්‍රධාන නිළධාරීන්ද කැබිනට් අමාත්‍යාවරයාගෙන් ඔබ්බට ගොස් නියෝග…

Read More

කටුනායක PCR පරික්ෂණ නැවැත්වීම හිතවත් ව්‍යාපාරිකයින් පෝසත් කිරිමක්!

omalpe sobitha thero

කටුනායක ගුවන්තොටුපල හරහා ලංකාවට පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂාවට ලක් කිරීමේදි  විශාල ගසාකෑමක් සිදුවන බවට නැගෙන චෝදනාව දැන් කලක පටන් පවතින්නකි. ඒ් පෞද්ගලික ආයතනයක් වෙත සියලු පුද්ගලයින්ගේ පි.සි.ආර් පරික්ෂණ යොමු කර විශාල මුදලක් අය කරන බවටය. මේ අතර කටුනායක ගුවන්තොටුපලේදි  පි.සි.ආර් පරික්ෂණ නොමිලේ සිදු කර පැය 03 කින් වාර්තාවක් ලබා දිමේ ක්‍රමයක් ආණ්ඩුව ක්‍රියාත්මක කර සිටියේ පහුගිය  මාසයේය. එකී ස්ථාපිත ඒකකයේ තාක්ෂණික කටයුතු අවසන් වීමටත් ප්‍රථම කඩිමුඩියේ විවෘත කෙරුණු එම පි.සි.ආර් පරික්ෂණ සිදු කළේ දින කිහිපයක් පමණි. තාක්ෂණික දෝෂ යැයි පවසා එහි කටයුතු ඇණ හිටියේය. ඒ් හේතුවෙන් යළිත් ගුවන්තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණ…

Read More

කොවිඩ් නිසා හෙට දවසේ ඉරණම – රවී කුමුදේශ්

කොව්ඩ් පිළිබඳ පරීක්ෂණ අඩාල  කිරිම හේතුවෙන් රට විශාල ව්‍යසනයක පාමුලට පැමිණ ඇති බවත් පරීක්ෂණ කර සොයා ගන්නා රෝගීන් මෙන් පස් ගුණයකටත් වඩා ප්‍රමාණයක් රටතුල සිටින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසයි. අද පරීක්ෂණ සිදු කෙරෙන්නේ කිහිප දෙනෙකුගේ පමණක් බවත් හඹා යාම්, ආශ්‍රිතයන් සේවීම්, අහඹු පරීක්ෂණ කිසිවක් නොමැතිව හෙට දවසේ රටට අත්වන ඉරණම පිළිබදව කිසිවක් කිව නොහැකි බවද ඔහු අවධාරණය කරයි. රටේ වත්මන් කොවිඩ් තත්ත්වය පිලිබඳ අදහස් දක්වන ඒ් මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය. රෝගය පුරෝකථනය කරල කල යුතු දේ, අනාගතයේ සිදුවිය හැකි දේ, පිළිබඳ වාර්තා සැපයීම සෞඛ්‍ය…

Read More

පි.බී. ජයසුන්දරට කොවිඩ් ඉවර වුණාට සෞඛ්‍යය සේවයට කොවිඩ් ඉවර නැහැ – රවී කුමුදේශ්

පි.බී. ජයසුන්දර මහත්තයාට කොවිඩ් ඉවර වුණාට, සෞඛ්‍ය සේවයට කොවිඩ් ඉවර නැති බවත් මරණ සංඛ්‍යාව දිනපතා වැඩිවෙමින් පවතින අවස්ථාවක රජය කොවිඩ් පාලනය කළ බවට අඟවමින් සියලු සේවකයින් සේවයට කැඳවීම ගැන ගැටලුවක් පවතින බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. රටේ කොවිඩ් වසංගතය තිබියදී එය පාලනය කළ බවට ජනතාවට හැඟවීමට යාමෙන් සිදු වන්නේ ව්‍යවසනයක් බවත් කොවිඩ් වැඩි වී ඇති බව අද සෞඛ්‍ය අමාත්‍යාංශය පවා පිලිගෙන මාධ්‍යට අදහස් කියන අවස්ථාවක පි.බී ජයසුන්දර ට පමණක් මේ පිලිබඳ දැනුවත්භාවයක් නොතිබුණේද යන්න ඔහු ප්‍රශ්න කර සිටියි. රෝගීන් ප්‍රමාණය දිනපතා වැඩිවෙන බවත් මේ වැඩි…

Read More