ලංකාවේ පැවති සිවිල් යුධ සමයේදී සිංහල බෞද්ධ සාමූහික විඥානය විසින් සිංහල සමාජයේ අනෙකා වශයෙන් හදුනා ගැනුණේ දෙමළ ජනයාය, එය යුද්ධය අවසන්වීමත් සමග ක්‍රමානුකූලව මුස්ලිම් ජනයා වෙතට විතැන් වූ අයුරු අපට නිරීක්ෂනය කල හැකිය. මෙම ලිපිය හරහා උත්සහ කරන්නේ ලංකාවේ කොවිඩ් 19 ව්‍යාප්තිය තුළද සමාජය විසින් විවිධ ස්වරූපයන්ගෙන් අනෙකෙකු නැතිනම් සතුරෙකු නිර්මාණය කරගන්නා ආකාරයයි. ලාංකීය සමාජය විසින් විවිධාකාරයෙන් නිර්මාණය කරගැනෙන ‘අනෙකා’ පිළිබඳ මනෝභාවය තේරුම්ගැනීමට ප්‍රවේශයක් වශයෙන් ආචාර්්‍ය ප්‍රභා මනුරත්නගේ මතු දැක්වෙන පැහැදිලි කිරීම වැදගත්වනු ඇත. “එළියෙ ලෝකය නැත්නම් තමන් නොවන ලෝකය සමග සම්බන්ධ වීමේදී නැත්නම් ගැටීමේදී තමයි ‘මම’ කියල කෙනෙක් ඉන්නව…
Read MoreTag: protest of against burial in sri lanka
මුස්ලිම් මෘතදේහ භූමදානයට මඩකළපුවෙන් අක්කර 2 ක්!
කොරෝනා වයිරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ මෘතදේහ මඩකළපුව ඔට්ටමාවඩි කොරළේපත්තුව බටහිර ප්‍රාදේශීය සභාවට අයත් මජීමා නගරයේ සැලසුම් කරන ලද ඉඩමක් භූමදානය සඳහා තෝරාගෙන ඇත. සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ හා ප්‍රදේශයේ වගකිව යුතු නිළධාරීන් පැමිණ මෙම භූමිය නිරීක්ෂණය කර කොරෝනා මරණ භූමදානය සඳහා එම ඉඩම සුදුසු බව තහවුරු කළ කර තිබේ. කොරෝනා මරණ සඳහා තෝරා ගෙන ඇති භූමිය අක්කර දෙකක පමණ වන භූමියකි. එය ගංවතුර හා දැඩි වර්ෂා කාල වලදී මුස්ලීම් ජාතිකයින්ගේ මෘතදේහ හෙවත් ජනසා භූමදානය සඳහාම වෙන් කර තිබුණු භූමි ප්‍රදේශයක් වේ.
Read Moreකොවිඩ් මෘතදේහ භූමදාන අවසරය ඇස් බැන්ඳුමක්ද?
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණවලදි ඒ මෘතදේහ භූමදානය කිරිමට අවැසි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ යුතු ගැසට්ටුව නිකුත් කරන ලද්දේ පහුගිය පෙබරවාරි 25 දා රාත්‍රියේය. ඒ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊට අත්සන් තැබීමෙන් පසුවය. කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානය කිරිම සඳහා අග්‍රාමාත්‍යවරයා අවසර ලබා දී දින කිහිපයක් ගතවු නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඊට අදාල අනුමැතිය සහිත ගැසට්ටුව නිකුත් කෙරුනේ නැත. ඒ පිලිබඳ විවිධ පාර්ශවද විමසීම් කර තිබුණි. ඒ අතරතුර අදාල ගැසට්ටුව නිකුත් කෙරුණි. නමුත් ඒ ගැසට්ටුව නිකුත් කෙරුණද තවමත් මෙරට ජනතාවට කොවිඩ් ආසාදිත මෘතදේහ භූමිදානයට අවසර නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය…
Read Moreමුස්ලිම් මෘතදේහ භූමදාන ගැටළුව තවමත් …
කොවිඩ් වසංගතය පැමිණිමත් සමග මෙරට මුස්ලිම් ජනතාව මුහුණ දුන් සංකීර්ණ ගැටලුවක් විය. ඒ කොවිඩ් ආසාදිතව මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනය කිරීම නිසාය. . ඔවුන්ගේ ආගමට අනුව මෘතදේහ භූමදානය කළ යුතුව ඇත. කොවිඩ් සම්බන්ධව ක්‍රියා කළ යුතු උපදෙස්, නිර්දේශ ඇතුලත් ගැසට් පත්‍රයක්ද නිකුත් කර තිබීම නිසා ඔවුන්ට සැමවිටම සිදුවුයේ අකමැත්තෙන් වුවද මෘතදේහ ආදාහනය කිරීමටය. මේ නිසා ඇතැම් ප්‍රදේශ වල මිය ගිය මුස්ලිම් පුද්ගලයින්ගේ මෘතදේහ ඥාතීන් විසින් භාර නොගන්නා තත්ත්වයකට පත් විය. මෘතශරීරාගාර වල මුස්ලිම් පුද්ගලයින්ග් මෘතදේහ ගොඩගැසෙන්නට විය. ඒ නිසා මුස්ලිම් ජනතාව වරින් වර රජයෙන් ඉල්ලා සිටියේ කොවිඩ් ආසාදිතව මිය යන…
Read More“භූමදානය කරන්න ඉඩ දෙනවා” අගමැති
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාව තව දින දොළහකින් ජිනීවාහී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී සමාලෝචනය කිරීමට නියමිතව තිබියදී, කොරෝනා වෛරස් ආසාදනය වී මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානය කිරීමට අවසර දෙන බව ශ්‍රී ලංකාවේ අගමැතිවරයා පවසා තිබේ. “භුමදානය කරන්න ඉඩ දෙනවා.” අගමැති මහින්ද රාජපක්ෂ පෙබරවාරි 10 බදාදා පාර්ලිමේන්තුවේදී සදහන් කළේ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් විමසු පැනයකට පිළිතුරු ලෙසිනි. රජය විසින් තමන්ගේම කමිටු නිර්දේශ නොතකා හැරීම ගැන බ්‍රිතාන්‍ය මුස්ලිම් කවුන්සිලය සිය කනස්සල්ල පළ කර දෙදිනක් ගත වන මොහොතේ අගමැතිවරයා ආණ්ඩුවේ ස්ථාවරය හෙළි කර තිබේ. ජලයෙන් කොරෝනා වෛරසය බෝ නොවන …
Read Moreබලහත්කාර ආදාහනය නැවත්වීමට “විද්‍යානුකූල උපදෙස් පිළිගන්න”
ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන්ගේ උපදෙස්වලට සවන් දී රජය කොවිඩ් 19 ආසාදිතව මළවුන් භූමදානයට අවසර දිය යුතු බවට අත්සන් සීයකට අධික ප්‍රමාණයකින් යුත් ප්‍රකාශයක් නිකුත් කරමින් සිවිල් සමාජය රජයට බල කර සිටී. ශ්‍රී ලංකා වෛද්‍ය ක්ෂේත්රයේ සුප්‍රකට බලධාරී පුද්ගලයන් හා සංවිධාන විසින් කොවිඩ් 19 ආසාදිතයන්ගේ මෘතදේහ භුමදානය කිරීම අනුමත කරමින් පසුගියදා කරන ලද ප්‍රකාශය සාදරයෙන් පිළිගන්නා බව පවසන පුද්ගලයන් 89 දෙනෙක් සහ සංවිධාන 29 ක් ජනවාරි 4 සදුදා අත්සන් කර තිබෙන ප්‍රකාශයක් මගින් රජයට බල කර ඇත්තේ එකී උපදේශ අනුව ක්‍රියා කරමින් දැනට අනුගමනය කරන බලහත්කාරයන් ආදාහනය කිරිමේ පිළිවෙත වහාම…
Read Moreභූමදාන අයිතිය ඉල්ලා උතුරේ සර්වාගමික විරෝධතා.
කොවිඩ් 19 ආසාදනය වී මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ සිරුරු පුළුස්සා දැමීම නව වසර ආරම්භයේ සිට හෝ නවතා දමන ලෙස රජයට බලකරමින් මන්නාරමේදී විරෝධතාවයක් පවත්වා තිබේ. 2020 වසර අවසන් වන දිනයේ මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැති විරෝධතාවය සදහා බෞද්ධ භික්ෂුන් ප්රමුඛ සියලු ආගමිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැති බව පළාත් බද වාර්තාකරුවෝ පවසති. “මුස්ලිම් ආගමික අයිතියට ගරු කරනු, අපේ සිරුරු පුළුස්සන්න එපා – භුමදානය අපේ අයිතියකි, ලෝක සෞඛ්‍ය සංවිධානය බොරු කියනවාද? මළ සිරුරු මත ජාතිවාදයද?” ආදී සටන් පාඨ පෙරටු කරගනිමින් පැවැති විරෝධතාවය සංවිධානය කර තිබුනේ මන්නාරමේ පුරවැසි කමිටුව, සිවිල් සංවිධාන එකමුතුව හා කාන්තා…
Read More