මන්නාරම් පොලිසියේදී මියගිය තරුණයකු ගැන මානව හිමිකම් පරීක්ෂණයක්!

police torture Mannar human rights commission

අත්අඩංගුවේ සිටියදී පහර දී මරා දැමූ බවට ශ්‍රී ලංකා පොලිසියට චෝදනා එල්ල වන, මුස්ලිම්  තරුණයකුගේ  මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  පරීක්ෂණයක්  ආරම්භ කර තිබේ. යාපනයේ පිහිටි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ උතුරු පලාත් කාර්යාලයේ සම්බන්ධිකාරක ටී කනගරාජ් පවසන්නේ එම පරීක්ෂණයේ පළමු පියවර ලෙස  තරුණයා අත්අඩංගුවට ගත් පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවයි. මියගිය තරුණයා ඇතුළු දෙදෙනකු 2021 ඔක්තෝබර් 1 වැනිදා මන්නාරම පොලීසිය විසින් එරුකලම්පිට්ටු, පුදුකුඩිඉරිප්පු ප්‍රධාන මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබුනේ මත් ද්‍රව්‍ය ලඟ තබා ගැනීමේ චෝදනාව මතයි. අත්අඩංගුවට ගත් එක් තරුණයකු  ඔක්තෝබර් 2 දා අළුයම…

Read More

චෙක් පොයින්ට් | human rights violations | police torture | තාරික් අහමඩ්ගේ කතාව

Read More

තට්ටම් පලන අක්මීමන පොලීසිය

akmeemana police torture in sri lanka

කොට්ටව, තෙල්කොළදෙනිය වත්ත පදිංචි 37 හැවිරිදි ධීවරයෙකු වූ කේ. ජී නිශාන්ත නැමැත්තාට ගාල්ල අක්මීමන පොලීසිය විසින් සිදු කළ අමාණුෂික පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා තිබේ. පරණ බැටරියක් සොරකම් කිරීමේ චෝදනාවට මෙම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 5 වන දින අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී අයිතිකරුට බැටරිය සොයා දීමෙන් පසුව සිද්ධිය සමතයට පත්වී ඇත. නමුත්, මේ සම්බන්ධව වැඩි දුර පරීක්ෂණයන්ට යැයි පවසා මෙම පුද්ගලයා දින 3ක් තිස්සේ රදවාගෙන තිබේ. එහි දී තමුන්ට ඉතා අමානුෂික අයුරින් පහරදුන් බව පවසයි. පසුව අක්මීමන පොලීසිය විසින් හෙරොයින් සන්තකයේ තබා ගැනීම සම්බන්දව චෝදනාවක් ඉදිරිපත් කිරීම…

Read More

පොලීසිය අද අපරාධ නිවාරණය පසෙකලා කොන්ත්‍රාත් කරන තැනක් වෙලා! – නීතිඥ දුලාන් දසනායක

Sri Lanka police torture Human Rights dulan dasanayake

අද පොලිසීය අපරාධ නිවාරණය වෙනුවට සිදු කරන්නේ කොන්ත්‍රාත් භාර ගැනීම බව නීතිඥ දුලාන් දසනායක මහතා පවසයි. අපරාධ නිවාරණය ගැන පුහුණුවක් නැති පොලිස් නිලධාරීන් අද විවිධ පුද්ගලයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් කොන්ත්‍රාත් භාර ගන්න තැනට පත්ව ඇතැයිද අපරාධ නිවාරණය විනාශ වී ගොස් ඇතැයිද ඔහු පවසයි. පොලීසිය ප්‍රචණ්ඩත්වය මුදා හැරීම නිසා පුද්ගලයින් තුවාල ලබා ඇතැම් අය මරණයටද පත් වෙන බව පෙන්වා දෙන දුලාන් දසනායක මහතා පවසන්නේ එසේ වින්දිතභාවයට පත් වු ඇතැම් අයට නීතියෙන් සාධාරණය ඉටු වී තිබෙන බවය. රටක් සංවර්ධනය වන විට පොලිස් ප්‍රචණ්ඩත්වය අඩු විය යුතු වුවත් ලංකාවේ එවැනි ආකාරයට පොලිස් ප්‍රචණ්ඩත්වයේ අඩුවක්…

Read More

කන්දෙකැටිය පොලීසිය ඝාතනය කළ “සඳුන් මාලිංග” | Sandun Malinga

Read More

අසාධාරණයට ලක් වූ නාවික සෙබලාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු වේ!

Supreme Court seeks justice for unjust naval personnel

සේවා කොන්ත්‍රාත් කාලය දිගු නොකර නාවික හමුදාවෙන් නෙරපීම සම්බන්ධයෙන් නාවික හමුදාවට  එරෙහිව ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබු නැවියෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් යුක්තිය ඉටු වී ඇත. ඇඹිලිපිටිය තෙල්බදුරුඹය, සිසිල් උයන ප්‍රදේශයේ පදිංචි පේදුරු ආරච්චිලාගේ ජානක පුෂ්පකුමාර මහතා නාවික හමුදාවේ විදුලි ශිල්පියෙකු වශයෙන් සේවය කරමින් සිටියදි සේවා කොන්ත්‍රාත් කාලය දිර්ඝ නොකර නාවික හමුදාවෙන් නෙරපීම සම්බන්ධයෙන් ඔහු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂඨාධිකරණයේ ගොනු කර තිබුණි. මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණේ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේ විදුලි හා විද්‍යුත් අංශයේ අධ්‍යක්ෂ ජනාරාල්, නාවික හමුදාපතිවරයා ඇතුළ පස් දෙනෙකුවය. මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම …

Read More

පොලීසියෙන් ඔබට ගැහුවොත් බලාගෙනයි, පොලීසියට වැඩ වරදිනවාමයි. – නීතීඥ ලක්ෂාන් ඩයස්

The police have no right to attack people Lakshan Dias

පොලීසියේ පහරදීම් අවසන් කල යුතු බවට සැකයක් නැත. ඒ ගැන සුවිශේෂී සංශෝධන පනතක් 2021 ජූලී මස 15 දින කථානායක අත්සන යෙදීමෙන් ලංකා නීතියේ කොටසක් බවට පත්වීය. වර්ථමාන අධිකරණ ඇමතිතුමා වන අලී සබ්රී මැතිතුමාට ඒ ගැන විශේෂ ස්තූතියක් කල යුතුය. දැන් මේ පනත අපේ රටේ නීතියේ කොටසකි. නීතිය පාලක පංතියේ ආයුධයක් බව මාක්ස්වාදී නිර්වචනයයී. ඕනෑම ආණ්ඩුවක් නීතිය තම වාසියට භාවිතා කරන බව එහි අදහසයි සහ මර්ධනයටද නීතිය භාවිත කරන බව කාල් මාක්ස් ගේ න්‍යායයි. කෙසේ වෙතත් නුතන ලෝකයේ එය එසේ විය යුතු නැති බවට සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය හා නීතියේ ආධිපත්‍ය භාවිතා…

Read More