SDIG රන්මල් කොඩිතුවක්කුත් මහ පාරේදි පුද්ගලයෙකුට පාට් දමා වැඩ වරද්දා ගනියි.

එරාවුර් පොලිසියේ පොලිස් කොස්තාපල්වරයෙකු මහ මඟදි තරුණයින් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියේ උණුසුම යන්නටත් මත්තෙන් පොලිස් ලොක්කෙකු මහා මාර්ගයේ සිය අවම බලය භාවිතා කර පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් වාර්තා වී ඇත. සබරගමු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාට මෙසේ සිවිල් වැසියෙකුට පහර දිමේ චෝදනා එල්ල වී ඇත. ඉකුත් 25 දා දහවල් රත්නපුර – කිරිඇල්ල මාර්ගයේදී බීමතින් සිවිල් වැසියෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින සබරගමු පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ඊයේ (26)…

Read More