පොලිසියේ ඉහල පුටු වලට කාන්තාවන්ටත් වරම්!

police women

ශ්‍රි ලංකා පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ අලුත් පිටුවක් ඊයේ (07) ලියැවිණි. ඒ් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ පොලිස් නිළධාරිනියන් තිදෙනෙකු එකවර  වැඩබලන ‍නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා  උසස් කිරිමය. ඒ අනුව මෙතෙක් කලක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තනතුර හෙබවු  එන්.ඩී. සෙනෙවිරත්න, ඒ.ආර්. ජයසුන්දර, ඩබ්.ජේ. පද්මිණි යන අය වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස් කර ඇත. මේ අනුව නියෝජ්‍ය පොලිස්පති තනතුරේ කටයුතු කරන පොලිස් නිළධාරිනියන්ගේ ගණන 04 ක් දක්වා ඉහළ ගොස් ඇත. මීට පෙර මෙරට පොලිස් ඉතිහාසයේ පළමුවරට නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා උසස්වීම් ලැබූයේ බිම්ෂානි ජාසිංආරච්චි මහත්මියය. නමුත් ඇයව නියෝජ්‍ය පොලිස්පතිධුරය දක්වා උසස් කිරිම…

Read More