විදේස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ගලා එන මුදල් 50% කින් අඩු වෙයි.

විදෙස් ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ 50% කින් අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. 2020 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව එම අඩුවීම පෙන්නුම්කරන බව විදේශීය අංශයේ 2021 සැප්තැම්බර් මාසයේ ක්‍රියාකාරීත්ව වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මේ බව කියා ඇත. 2020 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 703 ක් ලෙස  විදෙස්ගත සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ ලැබි ඇති අතර 2021 වසරේ සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 353 ක් දක්වා එය අඩුවී ඇත. එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ සමුච්ඡිත පදනම මත, 2021 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ දී…

Read More

ලංකාව හැර යන පුද්ගලයින් ඉහළ යයි!

නීති විරෝධී ආකාරයට මුහුදු මාර්ගයෙන් රට අත්හැර යෑමේ සිදු වීම්වල ඉහළ යමින් ඇත. එසේම කටුනායක ගුවන්තොටුපළ හරහාද පුද්ගලයින් රැසක් විදේශ ගත වෙමින් ඇත. විශේෂයෙන්ම නීති විරෝධි ආකාරයෙන් බෝට්ටු මඟින් විදෙස්ගත වීම් මීට පෙර යුද සමයේ දී රට තුළ දක්නට ලැබුණු බව ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි. නීති විරෝධීව රටින් පලා යන පුද්ගලයන්ට ඔවුන් බලාපොරොත්තු වන වාසනාව උදා නොවන බව ද ඔහු සඳහන් කළේය. එමෙන්ම ජාවාරම් කරුවන් කුමන පොරොන්දු ලබා දුන්නද, මුහුදු මාර්ග ඔස්ස මෙලෙස යාම විශාල දඩ මුදලක් ගෙවීමටත් සිරදඩුවම් විදීමටත් සිදුවන බව ද ඔහු අවධාරණය කර සිටියි.…

Read More