හතරවෙනි ආණ්ඩුව කියන ජනමාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත අකැපද?

Journalists in Sri Lanka Covid vaccine Ministry Of Health

මෙරට සියලු ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබා දීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පහුගිය දිනෙක මහනුවරදී ප්‍රකාශ කර තිබුණි. ඒ අනුව මෙරට ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන්ගේ නම් හා හැඳුනුම්පත් අංක දිස්ත්‍රික් මාධ්‍ය කාර්යාල විසින් කොළඹට ලැබීමට සලස්වා තිබුණි. ඒ සියලුම දෙනාට මෙම එන්නත කොළඹදී ලබා දීමට නියමිතව තිබූ හෙයිනි. නමුත් බොහෝ දිස්ත්‍රික්ක වල මාධ්‍යවේදීන් මේ අවස්ථාවේ කොළඹට ඒමට කැමති වුයේ නැත. ඔවුන් පෙන්වා දුන්නේ ඒ ඒ දිස්ත්‍රික්කයේ යම් ස්ථානයක මේ එන්නත ලබා දෙන ලෙසටය. නමුත් ඒ් ඉල්ලීමට ප්‍රතිචාර ලැබුනේ නැත. මේ අතර පහුගිය 14 දා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී…

Read More

සිවරාම් ඝාතනයේ 16 වැනි වසර සිහි කෙරේ!

murder of Dharmaratnam Sivaram 16th commemoration

මඩකලපුව දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමය විසින් අප්‍රේල් 29 බදාදා  සමරන ලද්දේ  චන්ද්‍රිකා බණ්ඩාරනායක පාලනය පැවති 2005 අප්‍රේල් 28 දා වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් බම්බලපිටිය පොලීසිය අසලදී පැහැරගෙන ගොස් ඝාතනය කර තිබු තරාකී නමින් ප්‍රකට ධර්මරත්නම්  සිවරාම් ගේ  ගුණානුස්මරණයයි. 1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම් 2005 අප්‍රේල් 28 වැනි දා බම්බලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිටදී පැහැරගැනුණේ සුදු වෑන් රථයකින් පැමිණුනු පුද්ගලයන් සිව් දෙනකු විසිනි. ඝාතනය කර දමන ලද සිවරාම්ගේ සිරුර පසුදින හමුවූයේ ශ්‍රී ලංකා පාර්ලිමේනතුව ආසන්නයේ කිඹුලා ඇල ඉවරේ අධි ආරක්ෂක කලාපයේ දී ය.  ඔහු වධබන්ධනයට ලක්කර හිසට වෙඩිතබා තිබිණ.…

Read More

දැන් මාධ්‍යයේ ප්‍රධාන රාජකාරිය ජනමතය ගොඩනැගීම – මාධ්‍යවේදී  අජිත් පැරකුම් ජයසිංහ

Ethics of Social Media in Sri Lanka ajith parakum jayasinghe

සමාජ මාධ්‍යවල ආචාර ධර්ම සම්බන්ධවයෙන් ඇත්ත ගැටලුවකුත් තියෙනවා. සමාජ මාධ්‍ය යුගය කියන්නේ එක්තරා විදිහකට පස්සේ අර අතීතයේ තිබිච්ච මාධ්‍යකරුවන් වූ මාධ්‍යවේදියා සහ පුරවැසියා අතර වෙනස අවම වෙන කාලයක්. සමාජ මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව ඇත්තටම ගැටලුවක් තියෙනවා. ගැටලු ඇතිවෙන්න හේතුවක් තමයි මේ සමාජ මාධ්‍ය යුගයේ මාධ්‍යකරුවෝ සහ පුරවැසියන් අතර පරතරය නැත්තං වෙනස අවම වෙලා තියෙන එක. අද වෙනකොට සමාජ මාධ්‍යවල තියන පහසුකම් නිසා ඕනෑම පුරවැසියෙකුට මාධ්‍යකරුවෙක් බවට පත්ව තමන්ගේ ප්‍රකාශනය  කරන මට්ටමෙන්ම එහාට ගිහිං ඒක වඩා වැඩි පිරිසක් වෙත සමීප කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේක පුරවැසි මාධ්‍ය කියලා හඳුන්වන්න පුළුවන්.  සමාජ…

Read More

ජනාධිපතිවරයාගේ ප්‍රකාශය මාධ්‍ය බියගැන්වීමක් – මාධ්‍ය එකමුතුව

President Gotabaya Rajapaksa media organisations

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය මාර්තු 20 දා  ගම සමඟ පිලිසඳරක් වැඩසටහනේදී මාධ්‍ය නිදහස ගැන කථා කළේය. ඔහු කියා සිටියේ මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවය. එමෙන්ම මාධ්‍ය මාෆියාවක් ඇති බවට චෝදනා කළ ඔහු මාධ්‍ය සම්බන්ධයෙන් දීර්ඝ විවේචනයක් සිදු කරන ලදි. මෙම විවේචනය සම්බන්ධයෙන් මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, මාධ්‍ය සංවිධාන යන එකතුව මගින් කියා සිටින්නේ මාධ්‍ය  සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය මාධ්‍යට බරපතල අනතුරු ඇඟවීමක් බවය. මාධ්‍ය නිදහස යනු මාධ්‍යය හිමිකරුවන්ගේ නිදහස නොවන බවටත්…

Read More

මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය වහා තහවුරු කරනු!

Democracy in Myanmar

මාධ්‍ය නිදහසට ගරු කරමින් මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනයන්ට නිදහසේ  ඔවුන්ගේ වැඩකටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සළසාදෙන ලෙස  මියන්මාරයේ බලය පැහැරගෙන සිටින හමුදා බලධාරීන්ගෙන් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය ඉල්ලා සිටියි. මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ නියෝජිතයන් අත්අඩංගුවට ගනිමින්, රටේ පාලන බලය මියන්මාර හමුදාව විසින් පැහැර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය (IFJ) සහ ආසියා-පැසිෆික් අනුබද්ධ මාධ්‍ය සංවිධාන සමඟ එකතු වෙමින් මියන්මාර මාධ්‍යවේදී සගයන් වෙත සහයෝගීතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. මේ නිවේදනය නිකුත් කර ඇත්තේ එහි…

Read More

මේ ආණ්ඩුව නැවත ජනමාධ්‍ය මර්දනයකට යාමේ ඉඩක් තිබෙනවා! – අජිත් පැරකුම් ජයසිංහ

There is a possibility of this government suppressing the media again - Ajith Parakum Jayasinghe

දැන් බලයේ ඉන්නේ කළු ජනවාරිය නිර්මාණය කළ පිරිස මයි. ඔවුන් විසින් ICCPR  පනතෙහි නීති අපහරණය කෙරෙමින් ජනමාධ්‍යවේදීන්ට එරෙහිව කටයුතු කරන බව අජිත් පැරකුම් මහතා ප්‍රකාශ කරයි. ඔහු මේ බව සදහන් කර සිටියේ කොළඹ ජානකී හෝටලයේ දී අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය මගින් අද දින [02] පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවේදී ය. මෙහි ප්‍රධාන තේමාව වූයේ “තවත් ජනවාරි ඉවරයි,මාධ්‍යවේදීන් වෙනුවෙන් නැගී සිටිය යුතුය” යන්නයි. අජිත් පැරකුම් ජයසිංහ මහතා එහිදී තවදුරටත් මෙසේ අදහස් පැවසීය. “මාධ්‍ය මර්දනය තෝරාගත් ආකාරයකින් සිදු කරන අතර ICCPR සම්මුතිය නොතකා හැර රජය මගින්, රජයට  සම්බන්ධ හිතවතුන් මගින්, රජයට සම්බන්ධ හෝ…

Read More

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට යම් සීමා පැනවීමට හැක. එහෙත්  එය නීතියට අනුව විය යුතුයි! – FMM

Restrictions on the right to freedom of expression

සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අවිචාරවත් ලෙස අවහිර කෙරෙන සහ ඊට බාධා කෙරෙන අන්දමේ ප්‍රවණතාවයක් හඳුනාගෙන ඇති අතර, ඒ පිළිබද බරපතල කණස්සල්ල පළ කර සිටින බවත්  නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇත. එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ. කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල විවිධ අදහස් පළ කළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් තවදුරටත් අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට නියමිත බවද පසුගිය දා ප්‍රකාශ විය. 2020 නොවැම්බර් මාසයේ දී සමාජ ජාල ඔස්සේ අදහස් පළකිරීම, අදහස් හුවමාරු කරගැනීම සම්බන්ධයෙන් උතුරු…

Read More