මධුෂ්ගේ මරණය ගැන මානව හිමිකම් පරීක්ෂණ

HRCSL inquiry into Madhush death

පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මරුමුවට පත්වීම පසුගිය කාලවකවානුව තුළ දී වැඩි වී ඇති  බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට  ප්‍රමුඛතම සංවිධානයක් පවසන්නේ බන්ධනාගාර ගතව සිටින  රැදවියන්  ඝාතනය කළ බවට එල්ල වන චෝදනාද  මෑත යුගයේ ඉහළ ගොස් ඇති බවයි. 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය යාම් අටක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි. රැඳවුම් නියෝග යටතේ සිටියදී ඔක්තෝබර් 20 දින ඝාතනයට ලක්වූ මාකඳුරේ මධුෂ් නමින් ප්‍රකට සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිතගේ මරණයත් එයට…

Read More

සහරාන් බිරිඳගේ ජීවිතාරක්ෂාව ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

සහරාන් බිරිඳගේ ජීවිතාරක්ෂාව ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

කොරෝනා ආසාදනය වූ බව පවසා වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් මාරුකර යවා ඇති පාස්කු බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකකරුවකුගේ බිරිඳගේ ආරක්ෂාව වහාම තහවුරු කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාට නිර්දේශ කර තිබේ. පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙයවමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා ලබන මොහොමඩ් සහරාන් ගේ බිරිඳ වන ෆාතිමා කාදර් සාදියා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව වැලිකඩ රිමාන්ඩ් සිරගෙදරින් වැලිකන්දට මාරුකර  ඇති බව කෝවිඩ්  පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබුණි. මෙම මාරුව සිදු කර තිබුනේ පාස්කු බෝම්බ ප්‍රහාර පිළිබඳව විභාග කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දීමත් සමගමය.…

Read More