මාධ්‍යවේදී මලික අබේකෝන් ගැන උසාවියට වැරදි වෛද්‍ය වාර්තා!

journalist attack Malika Abeykoon maradana police torture

අත්අඩංගුවේදී සිදුකළ වධහිංසා පැමිණවීමක් වසන් කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් දරන ලද උත්සාහයක් පීඩාවට පත් මාධ්‍යවේදියා විසින් අධිකරණය හමුවේ හෙළිදරව් කර තිබේ. නිදහස් ඡායාරූප ශිල්පී  සහ දේශපාලන ක්‍රියාධාරී මලික අබේකෝන් අධිකරණය හමුවේ කියා සිටියේ, රාත්‍රියක් පුරාවට අමානුෂික වධහිංසා පැමිණවීමෙන් පසුව, පොලිසිය විසින් තමන් අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී බොරු වෛද්‍ය සාක්ෂි සකස් කරන ලද බවයි. අගනගරයේ පැවැති  සෞඛ්‍ය සේවකයන්ගේ විරෝධතාවක් වාර්තා කරමින් සිටියදී  අප්‍රේල් 7  බදාදා මලික අබේකෝන් පොලිස්  අත්අඩංගුවට ගෙන තිබුනි. නිදහස් මාධ්‍යවේදියා  අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තරවශයෙන් ද  හෙලා දකිනු ලැබූ අතර, මාධ්‍ය අයිතිවාසිකම් කණ්ඩායමක් වන  වන දේශසීමා රහිත වාර්තාකරුවන්…

Read More

Dhanushka Madushanka | හක්මන පොලිසියේ අමානුෂික වධහිංසා | Hakmana Police Torture

Read More

ගල්කිස්සේ මිය ගිය සැකකරුට නියුමෝනියාව හැදුනේ පොලිස් වධහිංසා වලින්ද?

police torture in mount lavinia police stasion

ගල්කිස්ස පොලිසීය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර මුදා හැරීමෙන් පසු පුද්ගලයෙකු මිය යාම සම්බන්ධව ඔහුගේ පවුලේ ඥාතීන් විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ. මෙසේ අසනීප වී මිය ගොස් ඇත්තේ කලුබෝවිල, පාසල් මාවත පදිංචි වාසනා සුසන්ත දිසානායක (49) නම් විවාහක අයෙකි. මොහු වෘත්තියෙන් යතුරුපැදි අලුත්වැඩියා කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන අයෙකු බව පැවසේ. ඔහුගේ පුතුද යතුරුපැදි අමතර කොටස් වෙළඳසැලක් අත්තිඩිය ප්‍රදේශයේ පවත්වාගෙන ගොස් ඇත. ඉකුත් මාර්තු 18 වෙනිදා මිය ගිය වාසනා සුසන්ත සිය යතුරු පැදියෙන් පුතුට ආහාර රැගෙන යමින් සිටියදී රත්මලාන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.…

Read More

ප්‍රචණ්ඩ නොවන පොලිසියක් ගොඩනගන්නේ කෙසේද?

How to build a non-violent police force

ශ්‍රී ලංකාවේ පොලිස් ප්‍රචණ්ඩත්වය දෛනික මාතෘකාවක් බවට පත්වී තිබේ. ශ්‍රී ලංකාව තුළ 2020 වසරේදී පමණක් නීති විරෝධී ඝාතන 26ක් සිදු වී තිබෙන බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ ප්‍රකාශක පිලිප් දිසානායක පැවසීය. එම ඝාතන අතරින් අඩක් පමණ සම්බන්ධයෙන් පොලිසිය වගකිව යුතුය. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඉතිරියට වගකිව යුතු ප්‍රධාන ආයතනයයි. එයට අමතරව පොලිසිය විසින් සැකකරුවන් වධහිංසනයට ලක්කිරීමේ සිදුවීම් රැසක් ද 2020දී වාර්තා විය. සාමකාමී මහජන උද්ඝෝෂණවලට බාධාකිරීම්, පහරදීම්, අත්අඩංගුවට ගැනීම් හා හිංසනයට පත්කිරීම් ද රැසක් වාර්තා විය. ජුනි මාසයේදී ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනයට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ…

Read More

ප්‍රසූත නිවාඩු කැපීමට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්.

Human Rights Commission Of Sri Lanka maternity leave

අලුතින් රාජ්‍ය සේවයට එක්වන දසදහස් සංඛ්‍යාත කාන්තා බලකායක ප්‍රසූත නිවාඩු හරි අඩකින්ම කප්පාදු කිරීම සඳහා සම්මත රෙගුලාසි වලට පටහැනිව රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන්  මානව හිමිකම් කොමිසමට යළිත් වරක් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මාර්තු 12 සිකුරාදා එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය , වෘත්තීය සමිති හා කාන්තා සංවිධාන ඒකාබද්ධවය. ප්‍රසූත නිවාඩු කප්පාදුවට එරෙහිව 2020 සැප්තැම්බර් 7 දින කරන ලද පැමිණිල්ලට අදාළ විභාගය අද  දිනයේ මානව හිමිකම් කොමිසමේදී පැවැත්වු බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සදහන් කරයි. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් නියෝජනය කරමින් ඒකාබද්ධ…

Read More

යුනිෆෝම් අඳින හැමෝටම අපරාධ විසඳන්න බැහැ- පිලිප් දිසානායක

police torture Right to Life sri lanka philip Dissanayake

2020 වසරේ පමණක් නීතියට පිටින් කළ ඝාතන 26 ක් වාර්තා වී ඇති බව වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුවේ කැඳවුම්කාර මණ්ඩල සභික පිලිප් දිසානායක මහතා පවසයි. සිද්ධි 16 ක් සිදුව ඇති අතර මහර සිද්ධියේ මිය ගිය රැඳවියන් 11 නා සමඟ ඝාතනය වූ ගණන 26 ක් බව ඔහු පෙන්වා දෙයි. රටක මානව හිමිකම් ස්ථාපිත වී ඇති බව පෙන්නුම් කරන ප්‍රධාන සාධකයක් ලෙස නිර්නායක තුනක් ඇති බවත් පළමුවැන්න නම් ඒ රටේ නීතියට පිටින් ඝාතන සිදු විය නොහැකි බවත් දෙවැන්න නම් අතුරුදහන් වීම් සිදු විය නොහැකි බවත් තුන්වැන්න නම් වධහිංසා සිදු විය නොහැකි බවත්…

Read More

පොලීසිය සිදු කරන වධහිංසා සම්බන්ධ පැමිණිලි 90% කින් අඩු වෙලා! – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

police torture in sri lanka DIG Ajith Rohana

පොලීසියට කිසිම අවස්ථාවක, කිසිම හේතුවක් මත සාමාන්‍ය පුද්ගලයෙකුට පහර දිය නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. නමුත් පුද්ගලයෙකුට පොලීසිය පහර දිය හැකි අවස්ථා ඇති තිබෙන බවද එය දණ්ඩ නීතී සංග්‍රහයේ පුද්ගලික ආරක්ෂාවේ අයිතිය නම් පරිච්ඡේදයක් 89 වෙනි වගන්තියේ සිට 99 වෙනි වගන්තිය දක්වා අවස්ථා පැහැදිලිව සඳහන් කර තිබෙන අතර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 23 වෙනි වගන්තියේද සඳහන් කර ඇතැයි ඔහු පෙන්වා දෙයි. යම් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදි ඔහු හෝ ඇය ප්‍රතිරෝධය දක්වන්නේ නම් අවම බලය පාවිච්චි කර අත්අඩංගුවට ගත් හැකි බවත් අත්අඩංගුවට ගැනීමට යමේදී තමන්ගේ…

Read More

දරුවන්ගේ ඉරණම මෙන්න!

child abuse in sri lanka

ළමයින්ට සිදුවන හිංසාවන් සම්බන්ධයෙන් 2020 වසරේදී ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි 8165 ක් ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. 2020 ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා මෙම පැමිණිලි ලැබී ඇත.’1929′ ළමා දුරකථන සේවය මාර්ගයෙන්, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණ වාචිකව ඉදිරිපත් කිරීමෙන් , තැපැල් මගින්, ලිඛිතව ආදී  මාර්ග වලින් මෙම පැමිණිලි  ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබී ඇත. මෙහිදී වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වන පැමිණිලි 2580 ක් ලැබී ඇත්තේ විවිධ හිරිහැර සම්බන්ධයෙනි. කෲරත්වට පත් කිරීම් 2237 ක්, අනිවාර්යෙන් අධ්‍යාපනය ලැබීම සම්බන්ධයෙන් 643 ක්, ලිංගික හිරිහැර 548 ක්, නොසලකා හැරීම් 466 ක්, බරපතල ලිංගික අපයෝජන 373 ක්,…

Read More

දිගන ප්‍රහාරයේ වාර්තාව ආගිය අතක් නෑ!

digana Teldeniya attack human right commission sri lanka

කන්ද උඩරට මුස්ලිම් ජනයා ඉලක්ක කරගනිමින් දියත් කළ මාරාන්තික ප්‍රහාරයකට තෙවසරක්  ගතව ඇතත් ඒ සම්බන්ධයෙන් පවත්වන ලද විමර්ශනයේ වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීමට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම මේ තාක් අසමත්ව තිබේ. 2018 වසරේ මාර්තු හතර රාත්‍රියේ දිගනින් ආරම්භ වී මහනුවර වෙලාගත් ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ල සම්බන්ධයෙන් එම වසරේම මැයි මස 9 දින සිට 12 දින දක්වා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සාක්ෂි විමසීමේ කාර්යය සිදු කොට තිබුනි. කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩුගමගේ ප්‍රධානත්වයෙන් කොමසාරිස්වරුවන් කිහිප දෙනකුගේ එක්වී  මහනුවරදී සාක්ෂි විමසීම සිදු වු අතර කොමිසමේ සභාපතිනිය එවකට ප්‍රකාශ කර තිබුනේ විමර්ශන…

Read More

පිළියන්දල පොලීසිය පක්ෂග්‍රාහී වූ බවට චෝදනාවක්!

police torture Police Station Piliyandala

පිළියන්දල පොලිසිය එකම පවුල් ආරවුලක් සම්බන්ධයෙන් පක්ෂපාතිව අංශ දෙකකින්  පරීක්ෂණ පවත්වා  අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පිළියන්දල පොලිසියට එරෙහිව තරුණයෙකු විසින් පොලිස්පතිවරයාට හා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙසේ පැමිණිලි කර ඇත්තේ කසුන් තිවංක වික්‍රමසිංහ නම් තරුණයෙකි. ඔහුගේ බිරිඳ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයක සේවය කරනු ලබයි. ඔහු කියා සිටින්නේ සිය බිරිඳත් සමඟ ජනවාරි 09 දා ඇති වු ආරවුලක් මත බිරිඳ  පිලියන්දල පොලිසියට පැමිණිලි කර තිබු බවය. ඒ අනුව පිළියන්දල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ අංශයේ නිලධාරීන් විසින් තමන්ට දැනුම් දුන් පරිදි ජනවාරි 15 දා පොලිසියට ගොස්…

Read More