ලංකාවේ හදිසි අනතුරු නිසා දොළොස් දහසක් මරුට.

Twelve thousand die in accidents in Sri Lanka

හදිසි අනතුරු නිසා ශ්‍රී ලංකාවේ  වාර්ෂිකව පුද්ගලයන් දොලොස් දහසක් පමණ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග ඒකකයේ විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග පවසන්නේ හදිසි අනතුරු නිසා වාර්ෂිකව රජයේ රෝහල්වලට නේවාසිකව ප්‍රතිකාර සදහා ඇතුළත් වන පුද්ගලයන් ගණන ලක්ෂ 13 ක් පමණ වන බවයි. ඔහු ඒ බව සදහන් කර ඇත්තේ උත්සව සමයේ සිදුවන අනතුරු අඩු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් දෙසැම්බර් 29 වැනිදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමිනි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇති පරිදි පසුගිය වසර කිහිපය තුළ වාර්තා වී ඇති හදිසි අනතුරුවලින් වැඩි ප්‍රමාණයක්…

Read More

කැබිනට් සෞඛ්‍ය අමාත්‍ය රූකඩයක් වී ඇති බව රවී කුමුදේශ්ගෙන් චෝදනා.

ravi

ඖෂධ නීතිගත සංස්ථාව, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ඖෂධ නියාමන අධිකාරිය, වෛද්‍ය සැපයීම් අංශය පමණක් නොව රසායනාගාර සේවාව වැනි අංශ සියල්ල කැබිනට් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පාලනයෙන්  ගිලිහී තිබෙන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, තමන්ගේ කැබිනට් අමාත්‍ය වරයා සමග ප්‍රසිද්ධියේ මත ගැටුම් ඇති කර ගැනීම ඉතිහාසය තුල ඉතා දුර්ලභ බවත් මේ වන විට ඉතා බහුලව සිදුවෙමින් පවතින එම තත්වයට හේතුව රාජ්‍ය අමාත්‍යාංශය කැබිනට් අමාත්‍යාංශය අභිබවා බලය කෙන්ද්‍ර ගත කරගෙන තිබීම බව ද ඔහු චෝදනා කර සිටියි. සෞඛ්‍ය ලේකම් වරයා වැනි ප්‍රධාන නිළධාරීන්ද කැබිනට් අමාත්‍යාවරයාගෙන් ඔබ්බට ගොස් නියෝග…

Read More