රජයේ සේවයේ නම් රජය විවේචනය බැහැ!

සමාජ මාධ්‍යය ඔස්සේ රජය සහ රජයේ ප‍්‍රතිපත්ති විවේචනය කිරීමෙන් වළකින ලෙසට වූ නියෝගයක් ස්වදේශි කටයුතු අමාත්‍යාංශය විසින්  රාජ්‍ය සේවකයන් වෙත නිකුත් කර ඇත. නොවැම්බර් 19 දින නිකුත් කර ඇති මෙම ලිපියේ සඳහන් කර ඇත්තේ මීට පෙර නිකුත් කරන ලද  11-05 දින නිකුත් කරන ලද ලිපිය අවලංගු කර මෙම ලිපිය නිකුත් කරන බවය. රාජ්‍ය සේවකයින් සමාජ මාධ්‍ය ඔස්සේ රජය සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරිම ආයතන සංගහ්‍රයට අනුව බරපතල වරදක් බවත් මෙම නියෝගය කඩකළහොත්, විනය ක්‍රියාමාර්ග  ගන්නා බවට රාජ්‍ය සේවකයන්ට අනතුරු අඟවා ඇත. මේ වන විටත් එලෙස ක්‍රියා කළ පුද්ගලයින් සොයා තොරතුරු…

Read More

රාජ්‍ය මාධ්‍ය අසාර් ථක වීම රජයට අමතර බරක්.

Sri Lanka Press Council Ministry of Mass Media

රාජ්‍ය මාධ්‍ය වාණිජ වශයෙන් අසාර්ථක වීම රජයට තවදුරටත් දරා ගත නොහැකි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කර සිටියි. එබැවින් දැනට පාඩු ලබමින් පවතින රාජ්‍ය මාධ්‍ය ලාභ ලැබීමේ තත්ත්වයට පත් කර ගැනීමට නම් වඩාත් නිර්මාණශීලී වැඩසටහන් ඉදිරිපත් කළ යුතු බව ඔහු පවසයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය. එහිදි පැහැදිලිවම රාජ්‍ය මාධ්‍යයන් තුළ නිර්මාණශීලීත්වයේ පසුබෑමක් පවතින බව පිළිගත් ඒ මහතා ඒ සඳහා කඩිනමින් පියවර ගත යුතු බවත් සඳහන් කළේය. රාජ්‍ය මාධ්‍ය නඩත්තු කිරීම සඳහා එක් ආයතනයකට මසකට මිලියන 35ක පමණ…

Read More

තොරතුරු නැති තැන අඳුර රජ කරනවා – ජනමාධ්‍ය ඇමති

dalas

නිවැරදි තොරතුරු දැනගැනීම සත්‍ය අවබෝධය බවත් සත්‍යය පවසන්නට සත්‍ය බෙදාහරින්නට බිය නොවන ලෙසත් තොරතුරු දැනගැනීමට කිසිවිටෙක බිය නොවන ලෙසද ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. තොරතුරු නැති තැන අඳුර රජ කරන මුත් අඳුර රජ කිරිම තාවකාලික බවත්  එවැනි අවස්ථාවක තොරතුරු දැනගැනීම ආලෝකය බවද පෙන්වා දෙන ඔහු පවසන්නේ දාර්ශනික ප්ලේටෝ වසර දෙදහස් පන්සියයකට පෙර එම සත්‍යය අවබෝධ කර ගත් බවය. කුඩා දරුවකු අඳුරට බිය වීම සමාව දිය හැකි වුවත් වැඩිහිටියෙකු ආලෝකයට බිය වීම කණගාටුවට කරුණක් යැයි ඔහු ප්‍රකාශ කළේය. ජනමාධ්‍ය  අමාත්‍යවරයා මේ බව කියා සිටියේ තොරතුරු සඳහා විශ්වීය ප්‍රවේශයක් වෙනුවෙන් ජාත්‍යන්තර…

Read More