මිරිහානෙන් භෞතීස්ම වී, ගෝල්ෆේස් පිටියට එය විස්තාරණය වෙද්දී නැඟී සිටි රැඩිකල් තරුණ පරම්පරාව ඇතුළු ස්වයං-සිද්ධ මහජන උද්ඝෝෂණ රැල්ල පිළිබඳ මුලදී බොහෝ විචිකිච්ඡා තිබුණි. තරුණයන්ගේ දඩබ්බර ගතියත්, සම්ප්‍රදායික පක්ෂයකට අයත් නොවීම නිසා අයාලේ යාමට ඉඩ ඇතැයි යන සැකයත්, නිශ්චිත නායකත්වයන් නැති නිසා විනාශකාරී අන්තයන් වෙත ගමන් කිරීමට ඇති ශක්යතාවනුත්, විවිධ මාත්රාවන්ගෙන් විවිධ විද්වත්හු පෙන්වා දුන්හ. එය, සද්භාවයෙන් කෙරුණු සංවාදමය මැදිහත් වීමකි. එහෙත්, ඇතැම් මිනිසුන් මිරිහානේ පටන්ම මේ දෙස බැලුවේ නිග්‍රහාත්මක ඇසකිනි. ඔවුන් කෙතෙක් අන්තවාදී වීද යත්, එය “බළල් අතක්” වශයෙන් හැඳින්වීමට පවා සාහසික වුණි. එම හැඳින්වීම සමාන වුණේ, ගෝල්ෆේස් පිටිය ‘කොන්ඩම්…
Read MoreTag: freedom of expression in sri lanka
සජිත්ගේ පැමිණීම සහ අනුරගේ පැමිණීම අතර පරතරය..!
අනුර කුමාර වාහනේ දාලා පයින් ආවා සජිත් වාහනේ සහ ගාඩෙක පිටින් ආවා ඒ නිසයි ගැහුවේ කියන බබාලට කියන්න තියෙන්නේ මෙච්චරයි… සජිත්ට ගහපු එක, එතන ඒ වෙලාවේ හිටපු ජාතික ජන බලවේගයේ අපේ මිත්‍රයෙක් තමයි ලීඩ් කළේ. අවුලක් නෑ මට ඒ ගැන. ඒක ඔහුගේ දේශපාලන දැක්ම. මගේ කතාව ඒක නෙවෙයි.. එතන ඒ අවස්ථාවෙ කවුරුහරි කිව්වනම් ශැංග්‍රීලා එකට ගහමු කියලා ඒකත් ඒ මිනිස්සු කරනවා. ඒක තමයි මෙවැනි අවස්ථාවක තත්ත්වය. අනුරකුමාර ආපු වෙලෙත් කවුරුහරි එතන එහෙම කරන්න ඕනී කෙනෙක් හිටියනම් කරන්න තිබුණා. ඒ තත්ත්වය හැටියට එතන ඒ අවස්ථාවේ මිනිස්සු උසිගන්වනවා කියන්නේ මහාලොකු දෙයක් නෙවෙයි.…
Read Moreගෝල්ෆේස් අරගලය ඉවරකරන සැළැස්මක්..!
අද දින (24) අන්තරේ පාගමන සමග හමුදා බුද්ධි අංශ සාමාජිකයන් ගෝල්ෆේස් අරගල භූමිය වෙත ඇතුල් කර එම භූමියේ ගැටුමක් නිර්මානය කිරීමේ සූදානමක් ඇතැයි දැනගන්නට ලැබේ. මේ වනවිට කොළඹ කොටුව ප්‍රධාන මාර්ග සියල්ලම ස්ථිර මාර්ග බාධක යොදවා අවහිර කර ඇති අතර අරලියගහ මන්දිරය වෙත සහ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය වෙත විශාල වශයෙන් හමුදාව කැඳවා ඔවුන් එහි කඳවුරු ලාගෙන සිටී. මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් විපක්ෂයේ ඉහළම දේශපාලකයෙක් ප්‍රකාශ කළේ අන්තරයේ පාගමන යොදාගනිමින් ගෝල්ෆේස් අරගලය නතරකර දැමීමට හමුදාව මේ වනවිට වැඩට බැස ඇති බවය. මේ සඳහා රජයේ ඉහළින් හමුදාවන් වෙත උපදෙස් ලැබී…
Read Moreනිර්ප්‍රචණ්ඩත්වයෙන් අරගලය දිනමු!
සපත්තුවේ තරමට සිහිනය කොටකර නොගතයුතුය…!
දේවල් ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් තිබෙයි අදහාගත නොහැකි ලෙස මිනිසුන් වංචාවට දූෂණයට තිත තබන්නට කතා කරයි, මිනීමරුවන්ට දඬුවම් දෙන්නට යෝජනා ගෙන එයි. මෙය 2015 තත්වයට සම්පුර්ණයෙන් ම වෙනස් ය. නූල් සූත්‍ර යෝජනාවලට මෙන්ම චෙස් ඇදිලිවලටද ජනතාව එකහෙළා විරෝධය පළකරමින් සිටියි. මෙම තත්ත්වය තුළ බලහෝමාරුව පිළිබඳව නෙක අදහස් නැඟෙයි. අජිත් පැරකුම් ජයසිංහ ලියා තිබෙන අදහස් කියවූවිට මෙය ලියන්නට සිතුවෙමි. මගේ නම් අදහස කුමන හේතුවක් නිසා හෝ මේ තත්ත්වය විනාශ නොකරගත යුතු බවය. පක්ෂ විපක්ෂ දේශපාලකයින්ට වඩා පුරවැසියා ගවුගනනක් ඉදිරියෙන් සිටින බව පෙනෙයි. මෙම තත්ත්වය තුළ 2015 වැනි පාලනයක් පිහිටුවීමට ගන්නා උත්සාහයක් පවා…
Read Moreවාර්තාකරණයේ, විරෝධතා දැක්වීමේ, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතිය සුරකිනු.
අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානයේ මාධ්‍ය නිවේදනයයි! පසුගිය මාර්තු 31 දින සිට පුරවැසියන්ගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහසට බරපතළ බාධා කිරීමේ ක්‍රියාවන් කිහිපයක් සිදු වී ඇති බවත් මෙය අඛණ්ඩව පැවතීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ හෙළීමක් බව අපගේ විශ්වාසයයි. මේ වන විටත් සියළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කරමින් ආණ්ඩුව විසින් ජනතාවගේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මුළුමනින්ම උල්ලංඝනය කර ඇත. සමාජ මාධ්‍ය ජාලා අවහිර කරමින් ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීම වළක්වාලන ආණ්ඩුවේ අත්තනෝමතික මෙන්ම මුග්ධ තීරණය හකුළා ගෙන ජනතාවට නිදහසේ සිය අදහස් ප්‍රකාශ කිරීමට ඉඩ දෙන ලෙස අප ආණ්ඩුවට බලකර කියා සිටිමු. මාර්තු 31 දින මිරිහානේ…
Read Moreමාධ්‍යවේදී කීර්ති රත්නායක ත්‍රස්ත පනත යටතේ රැදවීම නපුරු පූර්වාදර්ශයක් – INSD
මෙම අගොස්තු මස 14දා අත්අඩංඟුව ගත් ලංකා ඊ නිව්ස් මාධ්‍යවෙදී කීර්ති රත්නායක දින පහකට පසු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 90කට සිරගත කිරීම නපුරු පූර්වාදර්ශයක් බව ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිනිස වන අන්තර් ජාතික ජාලය ප්‍රකාශ කරයි. මේ තාක් ඔහුට විරුද්ධව කිසිදු චෝදනාවක් නඟා නැති අතර ජාතික ආරක්ෂක ඇමැති සරත් වීරසේකර ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකාවෙහි ඉන්දීය තානාපති කාර්යාලයට යම් කිසි තොරතුරක් ලබා දීම නිසා ඔහු අත්අඩංගුවට ගත් බවයි. ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ ඔහු විසින් සපයන ලද තොරතුර වන්නේ පසුගිය 15දාට යෙදුණු ඉන්දීය ජාතික දිනය දා කොළඹ ඉන්දීය…
Read More