පහසුකම් නොදී ආණ්ඩුව සුවවිරුවන්ට එරෙහිව මර්දනයක්!

government represses health staff president gazette

මාරාන්තික වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා පහසුකම් ඉල්ලා සටන් වදින අවස්ථාවේ සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය යයි ජනාධිපතිවරයා හදිසියේ නියෝග පැනවීම මර්දනීය ක්‍රියාමාර්ගයක් ලෙස පෙන්වා දෙන වෘත්තිය සමිති  එයට දැඩි විරෝධය පළ කර තිබේ. කොවිඩ් 19 වසංගත තත්වය තුළ දැඩි අවදානමකට ලක්වෙමින් රෝගීන් සමග ඍජුව ගැටෙමින් කටයුතු කරන්නේ සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩලයයි. එහෙත් ඔවුන්ට වසංගතයෙන් ආරක්ෂා වීමට අවශ්‍ය අවම පහසුකම් ලබාදීමට ආණ්ඩුව කටයුතු කර නැති බවයි වැඩ කරන ජන බලය සංවිධානය පවසන්නේ. එසේ තිබියදී, සෞඛ්‍ය බලධාරීන් අබිබවා යමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කර ඇති කොවිඩ් මර්දන අධිකාරියේ ප්‍රධානී යුද හමුදාපති…

Read More

ආණ්ඩුව වැඩ වර්ජන වලට බයද?

President Gotabhaya Rajapaksa has issued a special gazette

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් ඊයේ (02) දින  නිකුත් කර ඇත. 1979 අංක 61 දරණ අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ අංක  2230/9 දරණ එම ගැසට් පත්‍රයට අනුව සෞඛ්‍ය සේවයට අදාළව ඉටුකළ යුතු වන්නා වූ කවර හෝ ස්වභාවයේ සියළුම සේවාවන්, පළාත් සභා යටතේ වන සියළුම රජයේ කාර්යාල මගින් ඉටුකළ යුතු වන්නා වූ සියලුම සේවාවන් සහ සීමාසහිත ලංකා සතොස ආයතනය සහ සමූපකාර සමිති ඇතුළු අනුබද්ධ ආයතනවල සියළුම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කර ඇත. ජුනි 07 දා අවසන් වීමට තිබු සංචරණ සීමා ජුනි 14 වෙනිදා දක්වා දීර්ඝ කෙරුණේද…

Read More

ඉන්දියාවේ උද්දච්ච නරේන්ද්‍රමෝඩිට දෙවෙනි නෑ අපේ පාලකයෝ – වකමුල්ලේ උදිත හිමි

Covid rule in Sri Lanka Wakamulle Uditha Thero

අපේ රට දිවයිනක්. බුද්ධිමත් පාලකයෙකුට මේ දිවයින තුළ කොවිඩ් පාලනය කිරීම සදහා එතරම් අසීරු වන්නේ නෑ. අපේ රටට පිටරැටියන් එන මාර්ග දෙකයි තිබෙන්නේ. එකක් තමයි ගුවන් මගින්. අනෙක තමයි මුහුද මගින්.  ඒ දෙක පාලනය කරන්න ආණ්ඩුව උනන්දු වූවානම් මේ ව්‍යසනයට මේ රට ට මුහුණ දෙන්න වෙන්නේ නෑ. උදයංග වීරතුංගගේ විනෝදාංශය වෙනුවෙන් ආණ්ඩුව මේ රට බිල්ලට දුන්නා යැයි ජාතික භික්ෂු පෙරමුණේ ප්‍රධාන ලේකම් වකමුල්ලේ උදිත හිමියන්  29 දින  පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ආණ්ඩුව කොවිඩ් වසංගත තත්වයට මුහුණ දෙනවා වෙනුවට තම බලය තහවුරු කර ගැනීම සදහා කටයුතු කරමින් සිටිනවා. පසුගිය වසරේ ජනවාරි…

Read More

මිස්ටර් ශවේන්ද්‍ර, මෙවරත් අශ්වයා යනකන් ඉන්නවාද?

covid third wave Government of Sri Lanka shavendra silva

ඡායාරූපය අන්තර්ජායෙනි : ඉන්දියාවේ පවතින දරුණු කොවිඩ් තත්වය හමුවේ මෘත දේහ ආදාහනය ‘ මචං සංජීව තත්ත්වය දරුණුයි, ඔක්සිජන් වුණත් හිඟවෙන්න පුලුවන් පොඩ්ඩක් අහලා බලපං උබලට තමයි ඕක කරන්න පුලුවන් ‘ කොරෝනා වෙනුවෙන් වෙන්කළ රෝහලක සේවය කරන මගේ වෛද්‍ය මිත්‍රයෙක් අද (28) හවස මාව ඇමතුවේ ය. ඔහුගේ කතාව සමග කොවිඩ් වර්තමානය ගැන ටිකක් සොයන්නට හිතුනි. (ඇත්තටම අපි තමයි හොඳටම කළේ පන්නයේ ආණ්ඩු පුරාජේරු නිසා අපි සිටියේ ඔව් වැඩේ හොඳටම කර ඇතැයි යන විශ්වාසයෙන් ය. එනිසා හෙව්වේ බැලුවේ නැත) අද සමස්ත කොරෝනා ආසාදිතයන් 1,451ක් වාර්තාවූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය…

Read More

ඉන්දියානු මග ගිය ශ්‍රී ලංකාව

ඉන්දියානු මග ගිය ශ්‍රී ලංකාව

ඉන්දියාවේ සෞඛ්‍ය අංශ විසින් කොවිඩ් 19 දෙවෙනි රැල්ලක් ඇති වීම පිළිබඳ සිදු කරනු ලැබූ අනතුරු ඇඟවීම ඉන්දීය රජය විසින් නොසළකා හැර තිබුනි. දහස් සංඛ්‍යාත ජනතාවක් සහභාගී වන ක්‍රිකට් තරග මෙන්ම දසදහස් ගනනින් මිනිසුන් සහභාගී වන ගංගා නදියේ ශුද්ධ දියේ ගිලීම සඳහා පැවැත් වූ හින්දු ආගමික උත්සව ඇතුලු බොහෝ උත්සව පැවැත්වීමට මෝදි රජය අවස්ථාව ලබා දී තිබුනි. ඒමෙන්ම, කොවිඩ් ආරක්‍ෂිත නීති කිසිසේත් මායිම් නොකරමින් විශාල මැතිවරණ රැළි රට පුරා පැවැත්වීමට ද මෝදි රජය අවසර දී තිබුනි. ඒහි ප්‍රථිපලය වුයේ අප්‍රේල් මාසයට පෙර ඉන්දියාවේ ලක්ෂයකට අඩු අගයකින් වාර්තා වූ කොවිඩ් රෝගීන් ප්‍රමාණය…

Read More

ඔක්සිජන් නැතිව දිනෙන් දින මිය යන ඉන්දීය ජනතාව

covid Disease Indian people dying without oxygen

මේ වන විට මුලු ලෝකයේම අවධානය යොමුව ඇත්තේ ඉන්දියාවටය. ඒ කොවිඩ් 19 වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතු කොටගෙනය. ඊයේ (26) දිනයේදී ඉන්දියාවේ කොවිඩ් 19 ආසාදිතයින් වාර්තාවීම 350,000 සීමාව ඉක්මවා ගොස් තිබු අතර විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අයුරින්  ඊයේ දිනය තුළ පමණක් ආසාදිතයින් 354,531 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව එරට සමස්ත වෛරස ආසාදිතයින් සංඛ්‍යාව එක්  කෝටි හැත්තෑ තුන්  ලක්ෂ හයදහස් තුන්සියයක්  වන අතර මරණ 195,116ක් සිදුව තිබේ. නවතම වාර්තාවලට අනුව සෑම මිනිත්තු 4කට වරක්ම දිල්ලි අගනුවරින් එක් කොවිඩ් මරණයක් වාර්තාවෙමින් පවති. මෙය ඉතාම ඛේදජනක ත්ත්වයකි. විශේෂයෙන්ම එරට කොවිඩ් මරණ ගණන …

Read More

ජනතාව රට වටේ යයි, ශ්‍රී ලංකාවත් ඉන්දියාවට සමාන වෙයිද?

covid in india Sri Lanka Coronavirus Disease

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන ඊයේ (24) පස්වරුව වන විට ලක්ෂයේ සීමාව ඉක්මවා ගියහ. ඒ් ඊයේ  දිනයේදී නව කොවිඩ් ආසාදිතයින් 826 දෙනෙකු හඳුනා ගැනීමත් සමගිනි. ඒ අනුව මේ වන විට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 100,517 කි. පවතින තත්ත්වය මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් කොළඹ, ගම්පහ සහ කුරුණෑගල කොරෝනා අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබූහ.  ඒ දෛනිකව වාර්තා වන ආසාදිතයන්ගේ ප්‍රමාණ සැලකිල්ලට ගනිමිනි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසන්නේ රටපුරා කොරෝනා සීග්‍ර ලෙස පැතිරීමේ අවදානමක් මතුව ඇති බවත් මේ තත්ත්වය යටතේ ජනතාව මේ සති…

Read More