අනුරාධපුර බන්ධනාගාර දෙමළ සිරකරුවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

anuradahapura prison

රාජ්‍ය ඇමැතිවරයකුගේ මරණීය තර්ජනයට ලක් වූ දෙමළ  දේශපාලන සිරකරුවන් තමන්ගේ ජීවිතාරක්ෂාව සඳහා අධිකරණයේ පිහිට පතා ඇත. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන දෙමළ දේශපාලන සිරකරුවන් අට දෙනකු කියා සිටින්නේ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ  ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට වැදී සිරකූඩුවලින් තමන් එළියට ගෙන දණ ගස්වා බැණ වැදී තර්ජනය කර හැසිරුණ ආකාරයෙන් තමන් දැඩි බියට පත්ව සිටින බැවින්, තමන් බන්ධනාගාරයෙන්ම හෝ ඇප පිට හෝ මුදා හැරීමට නියෝග කරන මෙන් හෝ එසේ නැතිනම් යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙසටය. පෙත්සම විභාගයට ගනිමින් තමන්ගේ මූලික අයිතින් උල්ලංඝනය වී ඇති බවට තීන්දු කරන ලෙස ද…

Read More

අල්ලස් කොමිසම පවරන නඩු ඉල්ලා අස් කර ගන්නේ ඇයි?

Commission to Investigate Bribery or Corruption

හිටපු අගවිනිසුරු මොහාන් පීරිස් මහතා, වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එම්. ඩී. නවාස් මහතා ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව  ඉල්ලා අස්කර ගැනීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්  බුද්ධික ශ්‍රී රාගල මහතා වෙත දැනුම් දී තිබුණි. ඊට හේතු ලෙස ලෙස සඳහන් කර තිබුණේ  එම නඩුව ගොනු කිරීමේදී සිදුව ඇති තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙසේ එය ඉල්ලා අස්කර ගන්නා බවය. ඒ අනුව කරුණු තහවුරු කිරීම සඳහා නඩුව ලබන 30 වනදා කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර තිබුණි. මොහාන් පීරිස් මොහාන් පීරිස් යනු මෙරට 43 වන අග විනිසුරුවරයාය. ඔහු…

Read More