උතුරටත් දකුණටත් නීති දෙකක්!

වසංගත ව්‍යාප්තිය හමුවේ රට අගුලු දැමීමෙන් ආර්ථික පීඩාවට පත්ව සිටින දුප්පත්  ජනතාවට මුදල් බෙදු උතුරේත්, දකුණේත් කෝටිපතියන්  දෙදෙනකු  වෙනුවෙන් නීතිය දෙයාකාරයකට ක්‍රියාත්මක වී ඇත. ආර්ථික පීඩාවට පත්ව සිටින කැලණිය ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් නිදහසේ  මුදල් බෙදීමට  ව්‍යාපාරිකයකුට ඉඩදුන් පොලීසිය  යාපනයේ ජනතාවට මුදල් බෙදු  දානපතියකු  අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් කෝටි දෙක හමාරක මුදලක් එක් අයෙකුට රුපියල් දහස බැගින් අගෝස්තු 25 වැනිදා සිට කැලණිය, නාහේන ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙක් වන මංජුල පෙරේරා විසින් බෙදා දී තිබුනි. එම මුදල් ලබාගැනීම සඳහා විශාල පිරිසක් රැස්ව සිටි අයුරු ද  ජනමාධ්‍ය විසින් ද වාර්තා කරන ලදී. නමුත් පහුගියදා යාපනයේදී…

Read More