රජය හා පොලිසිය ගැන මහජනතාවගේ විශ්වාසය පලුදු වෙලා – SLCAT පොලිස්පතිට ලියයි.

c d wickramaratne police torture

රජයේ බලධරයන් විසින් බලය අවභාවිතා කිරීමේදී සමාජයේ දුර්වල සහ අසරණ ජනතාවට විරුද්ධව පමණක් නීතිය අත්තනෝමතිකව ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ට ආරක්ෂාව සැපයීම ප්‍රතික්ෂේප කිරීම රජය හා පොලිසිය වැනි රජයේ ආයතන කෙරෙහි මහජනතාව තුළ පවතින විශ්වාසය දිගින් දිගටම පළුදු කරවන්නක් බව වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පවසයි. ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ අත්තනෝමතික ලෙස අත්අඩංගුවේ රඳවා තබාගැනීම් හා අත්අඩංගුවේදී මරණයටපත් වීම වැලැක්වීම සඳහා යන මැයෙන් පොලිස්පති සි.ඩී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් යොමු කරමිනි. වදහිංසාවට එරෙහි ශ්‍රී ලංකා එකමුතුවේ අනුරාධපුර පුරවැසි කමිටුව, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මානව හිමිකම් හා සංවර්ධනය සඳහා මද්‍යස්ථානය, ඩාබිඳු…

Read More

පොලිස් රාජකාරී හා මාධ්‍ය සංදර්ශණ

Police duties and media shows covid situation

රාජකාරිය දේවකාරියටත් වඩා උතුම් යැයි කියමනක් අපේ තිබේ. ඉන් අදහස් වන්නේ තමුන් වෙත පැවරී ඇති යම් කිසි රාජකාරීමය වගකීම අන් සියලු වගකීම් වලට වඩා ඉහලින් ඇති බවත්, කුමණ ගැටලු මධ්‍යයේ හෝ ඒය අකුරට ඉටු කිරීමට තමන් බැදී සිටිය යුතු බවත්ය. අතීතයේ එක්තරා යුගයක ලංකාවේ ද රාජකාරිය දේවකාරිය හා සමානව සලකූ කාලයක් තිබූ බව පැවසේ. නමුත් අද දවස වන විට ඒම තත්ත්වය වේගයෙන් වෙනස් වෙමින් පතින අතර, රජකාරිය යනු කිසිම වගකීමක් නොමැති, රාජකාරි අවශ්‍යතා ලබා ගැනීම වෙනුවෙන් පැමිණෙන අයව බයිට් ඒකට ගැනීම හෝ ඔවුන්ගේ සාක්කු සුද්දකර ගැනීමට මුල් තැන ලබා දෙන,…

Read More

නිලයේ වගකීම පැහැරහැරියාට පොලිස්පතිට එරෙහිව පොලිස් කොමිසමට පැමිණිල්ලක්!

national police commission C D Wickramaratne IGP

රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ සිටි තාරක ධර්මකීර්ති විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක  නැමැති සැකකරුට එල්ල වී ඇති ජීවිත තර්ජනයක් සම්බන්ධයෙන් නීතිඥයකු විසින් පොලිස්පතිවරයා වෙත ලිඛිතවම දැනුම් දී තිබියදීත් එදින රාත්‍රියේම සැකකරු වෙඩිතබා  ඝාතනය කර  තිබුනි. ඊට පෙර දිනයේ දිනිත් මෙලන් මාබුල පොලිස් භාරයේ සිටියදී ඝාතනය කර තිබුණි. දෙදෙනාම රඳවා සිටි පොලිස් ස්ථානවලින් පිටතදී ඝාතනය කිරීම නිසා බියට පත් මරණීය දණ්ඩනය නියම වී සිටින සිරකරුවකු වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ මව ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය ඔහු බන්ධනාගාරයෙන් පිටතට ගෙනයාම තහනම් කරන නියෝගයක් පනවා  තිබේ. තාරක ධර්මකීර්ති…

Read More

35 වැනි පොලිස්පති ස්වාධීනද?

C.D. Wickramaratne 35th IGP in sri lanka

ශ්‍රී ලංකාවේ 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී වික්‍රමරත්න මහතා ඉකුත්  (27) පෙරවරුවේ පොලිස් මූලස්ථානයේදී සිය රාජකාරි ආරම්භ කළේය. කවුද මේ සි.ඩි. වික්‍රමරත්න හෙතෙම 1986 වර්ෂයේ ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස පොලිස් සේවයට බැඳී ඇති අතර ලංකාවේ විවිධ පළාත්වල සේවය කර තිබේ. ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු මෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ බී.එස්.සී උපාධිය සහ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ එම්.එස්.සී උපාධිධාරියෙකි. ඔහු පොලිස් සේවය වෙත බැඳී ඇත්තේ ප්‍රථමයෙන්ම පොලිස් නිලධාරියකු මෙන්ම විශේෂයෙන්ම බුද්ධි නිලධාරියකු ලෙසය. මොහු වරින් වර වැඩ බලන පොලිස්පති තනතුරේ 13 වතාවක් රාජකාරි කළ අයෙකි. ශ්‍රී ලංකා පොලීසිය ව්‍යවස්ථාපිත…

Read More

මධුෂ්ගේ මරණය ගැන මානව හිමිකම් පරීක්ෂණ

HRCSL inquiry into Madhush death

පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මරුමුවට පත්වීම පසුගිය කාලවකවානුව තුළ දී වැඩි වී ඇති  බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි. සිරකරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින මෙරට  ප්‍රමුඛතම සංවිධානයක් පවසන්නේ බන්ධනාගාර ගතව සිටින  රැදවියන්  ඝාතනය කළ බවට එල්ල වන චෝදනාද  මෑත යුගයේ ඉහළ ගොස් ඇති බවයි. 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය යාම් අටක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කරයි. රැඳවුම් නියෝග යටතේ සිටියදී ඔක්තෝබර් 20 දින ඝාතනයට ලක්වූ මාකඳුරේ මධුෂ් නමින් ප්‍රකට සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ෂිතගේ මරණයත් එයට…

Read More