ජිනීවා තත්ත්වය බැරෑරුම් – රමණි මුත්තෙට්ටුවේගම

මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරියකු වූ නීතිඥ රමණි මුත්තේට්ටුවේගම මහත්මිය සමග පැවැත් වූ කතා බහක් ඇසුරිනි. අපේ රටේ මේ සිදුවන අතුරුදහන් කිරීම්, ඝාතන අපිට එදිනෙදා හොඳින් හුරු – පුරුදු සාමාන්‍ය තත්වයක් වෙලා. දැන් අලුතින් ඒ පිළිබඳ සොයා බැලීම් කරන්න නැවත වතාවක් රජය විසින් කොමිසමක් පත් කරලා තියෙනවා. මෙතෙක් කලක් ඇති වූ සිදුවීම් සහ ඒ පිළිබඳව පරීක්ෂණ කරපු ආකාරය බලනකොට මොනවද මේ සම්බන්ධයෙන් කියන්න තියෙන්නේ? මුලින්ම කියන්න ඕනේ අවුරුදු ගණනාවක් අපි කතා කරමින් හිටියේ දණ්ඩ මුක්තිය (impunity) ගැනයි. අපි කිව්වේ අතුරුදහන්වීම පිළිබඳ තියන දණ්ඩ මුක්තිය නිසා මේක තවදුරටත් කරගෙන යනවා…

Read More

වයිරසයෙන් මළ අයගේ පරීක්ෂණ රාගම රෝහලේ බෑ!

Statement of the Human Rights Commission regarding the autopsy at the Ragama Hospital

කොවිඩ් 19 වසංගතයේ දෙවැනි රැල්ල නැග එද්දී ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහලක වයිරස් ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට නොහැකි බව හෙළිවී තිබේ. මෙම විමතිය උපදවන තොරතුරු අනාවරණය වී ඇත්තේ මහර හිරගෙදර සමූහ ඝාතනයෙන් මියගිය අය සම්බන්ධ විභාගයක් කෙරෙද්දී ඔවුන්ගේ සිරුරු විනාශ නොකරන ලෙස ඉල්ලා සිටිමින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් රාගම දකුණු කොළඹ මහ රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම් ෂෙල්ටන් පෙරේරා වෙත ලියා ඇති ලිපියකිනි. කොමිසම එම ලිපිය ලියා ඇත්තේ මහර බන්ධනාගාරයේ ප්‍රහාරයෙන් මරණයට පත්වූවන් 11 දෙනකු අතරින් නම දෙනකු කෝවිඩ් ආසාධිත බවට ආණ්ඩුව කරන ප්‍රකාශ ඥාතීන් සහ සිරකාර අයිතිවාසිකම් වෙනුවෙන්…

Read More

“මහර ගැටුමින් පසු සැමියා ගැන කිසිඳු තොරතුරක් නෑ” බිරිඳ මානව හිමිකම් කොමිසමට

A complaint to the Human Rights Commission regarding the Mahara prison clash

රැඳවියන් එකොලොස් දෙනෙකුට දිවි අහිමි කරමින් සියයට අධික පිරිසක් තුවාල ලැබු  මහර  බන්ධනාගාරයේ රඳවා සිටි  සිය සැමියා සම්බන්ධ කිසිඳු තොරතුරක් ගැටුමින් පසුව දැනගන්නට නොමැති වීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිනිල්ලක් කර තිබේ. දෙසැම්බර් 4 සිකුරාදා පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය මාධ්‍ය වෙත කියා සිටියේ සිය සැමියා සම්බන්ධයෙන් මහර බන්ධනාගාරයෙන් විමසුවද ඔවුන් කිසිවක් නොපවසන බවයි. “මගේ මහත්තයා නෑ. මහර බන්ධනාගාරයට ගියා එහෙන් මුකුත් කියන්නෙත් නෑ. දැන් දවස් ගාණක් මං කියන්නේ මගේ මහත්තයා හොයලා දෙන්න කියලා. මොකක්ද වෙලා තියෙන්නේ කියලා කියන්න කියලා තමයි මම අහන්නේ. ”…

Read More

මහර ගැටුම ගැන මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ

Recommendations of the Human Rights Commission on the Mahara Prison Conflict

මහර බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව රජයට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත. ඔවුන් කියා සිටින්නේ මිය ගිය රැඳවියන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදු කර මරණ වලට හේතුව දැන ගත යුතු බවය. එමෙන්ම බන්ධනාගාර වල තදබදය අඩු කිරීම සදහා වහාම පියවර ගත යුතු බවත් ඇප ලබා දිය හැකි වරදවල් වලට රිමාන්ඩ් භාරයෙන් නිදහස් කිරීම, අන් අයට හදිසි නඩු විභාග කිරීම, සුලු වැරදි සම්බන්ධයෙන් ඇප දිය හැකි ඒවාට රිමාන්ඩ් කිරීමෙන් වලකින ලෙසත්ය. නොවැම්බර් 30 සවස 4 වන විට අදාල බලධාරීන්ට මේ ගැටුම පිලිබඳව මානව…

Read More

මහර මරණ ගැන මානව හිමිකම් කොමිසමට

අවම වශයෙන් නම දෙනකුට ජීවිතය අහිමි කරමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කරමින් මහර බන්ධනාගාරය තුළ ඇති වු ඝාතන සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා ශ්‍රී ලංකා  මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. දෙසැම්බර් පළමු වැනිදා එම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසිනි. පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය. එහිදී ඔහු මාධ්‍ය වෙත වැඩි දුරටත් සදහන් කලේ  මහර බන්ධනාගාරයේ රැදවියන් කිසිදු ආහාරයක් නොමැතිව මේ වන විට නිරාහාරව සිටින අතර අඩු තරමේ ඔවුන්ට බීමට  වතුරවත් නොමැති  තත්වයක් උද්ගතව…

Read More

ශානිගේ ජීවිතය ගැන මානව හිමිකම් කොමිසමේ අවධානය

Shani Abeysekara former director of Criminal Investigation Departmen

සිරගත කොට සිටියදී කොරෝනාබාධිත වූ බවට වාර්තා වී ඇති හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බන්ධනාගාර ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ. මහර රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටින ශානි අබේසේකරට කොවිඩ් 19 වෛරසය ආසාදිත වී ඇතිනම් ඔහු වහාම රෝහල් ගත කර ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති පියවර දැනුම් දෙන ලෙස මානව හිමිකම් කොමිසම බන්ධනාගාර කොමසාරිස් වරයාට නොවැම්බර් 25 දා ලියා ඇති ලිපියකින් නිර්දේශ කර සිටී. එම ලිපිය බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියට යවා ඇත්තේ හිටපු රහස් පොලිස් ප්‍රධානියා ගේ ජීවිතාරක්ෂාව සම්බන්ධයෙන් පැමිණිලි ලැබීමෙන් අනතුරුවය.…

Read More