අල්ලස් චෝදනා වලට මේ අවුරුද්දේ වැඩියෙන්ම අසුවී ඇත්තේ පොලීසිය

Allegations of bribery against the police

මේ වසරේ පළමු මාස අට තුලදී  අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකළ අල්ලස් වැටලීම් මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් තුනෙන් එකක්  පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයන් බව හෙළි වී තිබේ. ජනවාරි පළමුවනදා සිට අගෝස්තු 31 දින දක්වා වැටලීම් සදහා පැමිණිලි හතලිස් හයක් ලැබුන අතර  එම කාලය තුළ සිදුකළ සාර්ථක අල්ලස් වැටලීම් 25 ක් මගින් සැකකරුවන් 30 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස් දෙනා අතරින් දස දෙනෙකුම පොලිස් දෙපාර්තමේන්තුවේ සාමාජිකයෝ වෙති. දෙවැනියට වැඩිම සංඛ්‍යාවක් අත්අඩංගුවට පත්ව ඇත්තේ සිවිල් පුද්ගලයන්ගෙනි.…

Read More