කාලී තරහ වෙලා – පැණිය ෆේල් වෙලා!

dhammika bandara paniya covid 19 Ministry of Health

කෑගල්ලේ ධම්මික බණ්ඩාර ගැන මුලු රටම දැන ගත්තේ පහුගිය කොරෝනා වසංගතයත් සමඟිනි. රට පුරා කොරෝනා පැතිර යද්දී කෑගල්ලේ ධම්මික බණ්ඩාර පැණියක් පෙන්වා කීවේ තමන් කොරෝනාවට බෙහෙතක් සොයා ගත් බවකි. මේ සඳහා විශාල ප්‍රසිද්ධියකුත් මාධ්‍ය මඟින් හිමි වීමත් සමඟ ධම්මික පොරක් බවට පත් වුයේ නිතැතිනි. ඔහු මේ පැණිය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට පවා පෙවීමට සමත් වු අතර ඉන් නොනැවතී ඔහු මේ පැණිය පාර්ලිමේන්තුවට රැගෙන ගොස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද පෙවීමට තරම් දක්ෂ විය. ඔහුගේ පැණිය ලබා ගැනීමට රට පුරා ජනතාව කෑගල්ලට එද්දී ඒ පිරිස පාලනය කිරීමට පොලිසීයට හැකි වුයේද නැත. ඒතරම් ඔහුගේ…

Read More

දේශීය ඖෂධ වට්ටෝරු ගැන අනතුරු ඇඟවීමක්!

Indigenous Ayurvedic Medicine ministry of indigenous medicine

කොරෝනා වසංගතය සදහා ගුණදායක බව පවසමින් අන්තර්ජාලය තුළ සංසරණය වන ඖෂධ වට්ටෝරු භාවිත නොකරන ලෙස දේශීය වෛද්‍ය අමාත්‍යංශය ඉල්ලා සිටී. නිවේදනයක් නිකුත් කරමින් දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාතාංශය පවසන්නේ කොව්ඩ් 19 තුන්වැනි අවස්ථාවත් සමග ඇති වී තිබෙන රෝගී තතත්වයේ ව්‍යාප්තියේ වැඩිවීමත් සමග කොව්ඩ් 19 රෝගය සදහා ගුණදායක බව පවසමින් දේශීය වෙදකම තුළ භාවිත වන අමුද්‍රව්‍ය සහිත වට්ටෝරු පසුගිය අවස්ථා වලට වඩා සීඝ්‍රයෙන් මෙම අවස්ථාවේ විශාල වශයෙන් අන්තර්ජාලය තුළ සංසරණය වන බවයි. එවැනි ආගන්තුක ඖෂධ අත්හදා බැලීම සිදු නොකරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් කුමාරි…

Read More

“දේශීය ඖෂධ අධිමාත්‍රා ශරීරයට අහිතකරයි” – ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමය හෙළිකරයි.

Government Ayurvedic Medical Officers Association

සාදික්කා අධිකව ලබා ගැනීම නිසා ශරීරයේ විෂ තත්ත්වයක් ඇති විය හැකි බවද  හිතුමතේ දේශීය ඖෂධ භාවිතා නොකර වගකීමක් ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත නියමිත මාත්‍රාව පමණක් ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකා රජයේ ආයුර්වේද වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය ප්‍රසාද් හෙන්දාවිතාරණ මහතා පවසයි. මේ වන විට කොරෝනා රෝගය සුව කිරීම සඳහා යැයි ඉදිරිපත්ව තිබෙන දේශීය ඖෂධ සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, ආයුර්වේද දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩිනමින් නිසි නියාමනයක්,අධික්ෂණයක් කළ යුතු බවද අවධාරණය කරයි. අද විවිධ පුද්ගලයින් දේශීය ඖෂධ යොදාගෙන කොවිඩ් වලට බෙහෙත් හඳුන්වා දෙමින් තිබෙන බවත් ඒ නිසා මේ වන විට…

Read More