තායලන්ත ප්රජාතන්ත්රවාදී අරගලයේ සංකේතය බවට පත් තෙඇඟිළි විරෝධය මියන්මාර ප්‍රතිවිරුද්ධකම්පෑමේ සළකුණ බවටද පත් කැරුණේ වෛද්‍ය ශිෂ්‍යාවන් පිරිසක් එය යොදා ගැනීම මගිනි. මෙම ආචාරවය/විරෝධය Hunger Games නම් ජනප්‍රිය රූපවාහිනී කතා මාලාවෙහි ජනාධිපති ස්නෝ නම් එකාධිපතියට එරෙහිව පිඩිත ජනයා විසින් මුලින්ම පාවිච්චි කරන ලදී. මෙම සංකේතය මගින්ද ප්‍රතිවිරුද්ධකම් පෑම විශ්වමය ස්වරූපයක් ලබා ගනී. අප කවුරුත් දන්නා පරිදි මියන්මාරය 1962 දෙකේ සිට 2010 දක්වා හමුදා පාලනයක් යටතේ පැවති රටක්. 1974 න් පසු ජෙනරාල් නේ වින් යටතේ හමුදාව විසින් පාලනය කරනු ලබන, සමාජවාදී රාජ්‍යයක් යැයි කියාගන්නා එක් පක්ෂයක් පමණක් පාලනය කරන රාජ්‍යක් ලෙස එකළ…
Read MoreTag: anti-democratic actions in myanmar
මියන්මාර මාධ්‍යවේදීන්ගේ සටනට AMCA සහාය පළ කරයි.
මියන්මාර හමුදා පාලනය ගෙන යන ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියා හමුවේ බැටකන මියන්මාර මාධ්‍යවේදීන් වෙනුවෙන් පෙනී සිටින බවත් ඔවුන් තම අයිතීන් වෙනුවෙන් ගෙන යන සටනට සහය පලකරන බවත් ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය (Asian media and cultural association) පවසා සිටියි. මියන්මාරයේ වත්මන් හමුදා පාලනය විසින් එරට මාධ්‍ය නිදහස ඇහිරීමට ගෙන ඇති පියවරයන් දැඩි ලෙස හෙලා දකින බව ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය අවධාරණය කර සිටී. ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමය විසින් ශ්‍රී ලංකාවේ මියන්මාර තානාපති කාර්යාලය වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර ඇත. මෙහි සභාපති උපුල් ජනක ජයසිංහ හා ලේකම් පැතුම්…
Read More