මේක ඇවිල්ල ඩොලර් උල්පතක්! – ලාල් බංගමුවගේ (ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති)

Eastern Terminal of the Port of Colombo

විශේෂයෙන්ම අද වෙද්දි ලෝකෙ බොහෝ නැව්වලින් containers පහළොස්දාහක් විසිදාහක් අරන් එනවා. නැගෙනහිර පර්යන්තය මීටර දහ අටක් ගැඹුරයි. එතනට ඕනෑම නැවක් අල්ලන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි 2029 දී නැගෙනහිර පර්යන්තයට එහා පැත්තේ තිබෙන SAGT  ජෝන් කීල්ස්ලගෙ ජැටියත් අපට අයිති වෙනවා. එහෙම අයිති උනාම මේ පෝර්ට් එක සම්පූර්ණයෙන්ම අපිට බැක් ටු බැක් මෙහෙයුමක් කරන්න පුළුවන්. මොකද ඒ වගේ පෝර්ට් ලෝකෙ තියෙන්නෙ කිහිපයයි. එතකොට අපට දෙපැත්තෙන්ම නැව් අල්ලන්න පුළුවන්. එතකොට ට්‍රාන්ස්පෝට් වියදම නැති වෙනවා. අපිට ලෝකෙ අඩුවෙන් සහනදායි මිලකට මේකේ වැඩ කරන්න පුළුවන්. එතකොට මේ ලෝකෙ තියෙන බිස්නස් එක අපි කෙරෙහි ඇද ගන්න…

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට අත්සන් කළ ත්‍රෛයිපාර්ශවීය ගිවිසුම කුමක්ද?

What is the tripartite agreement signed for the Eastern Terminal of the Port of Colombo

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිලිබඳ තිබු ගැටළුව සමතයකට පත් කරමින් රජය ප්‍රකාශ කර සිටියේ 100% ක්ම වරාය නැගෙනහිර කොටස සංවර්ධනය කෙරෙන්නේ වරාය අධිකාරිය විසින් බවය. කැබිනට් මණ්ඩලයෙන්ද ඊට අනුමැතිය ලැබුණු අතර ඔවුන් කියා සිටියේ නැගෙනහිර කොටස මෙරටට තබා ගනිමින් බටහිර කොටස ඉන්දියාවේ ආයෝජකයින් වෙත පැවරීම පිලිබඳ සොයා බැලීමට අනු කමිටුවක් පත් කළ බවය. නමුත් මේ පිලිබඳ මාධ්‍ය වාර්තා කර සිටිමත් සමඟ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් කියා තිබුණේ  2019 මැයි 28 වන දින කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමග කොළඹදී ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් තැබූ එකඟතා ගිවිසුම…

Read More

නැගෙනහිර බැරිනම් බටහිරින් ආදානිගේ දොලදුක සංසිඳවයිද?

Eastern Terminal of the Port of Colombo mahinda rajapaksha

සමාජ ආන්දෝලනයට තුඩු දී ඇති කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වරාය අධිකාරිය යටතේම පවත්වා ගැනීමට ඊයේ (01) විෂය භාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අද සියලුම පුවත්පත් වාර්තා කර තිබේ. එම පුවත් වලට අනුව වරාය වෘත්තිය සමිති සිය සටනින් ජයගෙන ඇත. නමුත් විෂය භාර අමාත්‍යවරයාගේ ප්‍රකාශය හොඳින් කියවා බැලීමේදි පෙනී යන්නේ වරාය වෘත්තිය සමිති ජයගෙන නොමැති බවය. මන්ද රජය ඉදිරියට තැබු පය ආපසු ගෙන නැත. සිදුකර ඇත්තේ පාදය තබන ආකාරය මඳක් වෙනස් කිරිම පමණකි. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ ආදානි සමාගමට දිය…

Read More

වරාය සටනට මොනවා වෙයිද?

What will happen to the port battle

කොළඹ වරාය පිලිබඳ ගැටලුව මේ වන විට  දසත ඔඩු දුවමින් ඇත. ඇතමුන් විකණීමට කථා කරන වරාය තවකෙක් කියන්නේ විකුණන්නේ නැති බවය. කථා දෙකක් කිව්වත් ඔවුන් එකම පිලේය. දේශපාලන වාසි තකා ඔවුන් දෙපැත්තටම කථා කරති. මෙයින් තැලෙන්නේ වරාය සේවකයාය. මේ වන විට වරායේ  නැගෙනහිර පර්යන්තය පවතින්නේ ඉහළම ලංසුවකය. එහි ප්‍රධාන ගැණුම්කරු ඉන්දියාවේ ආදානි සමාගමය. මේ අතර ද ලීඩර් පුවත්පත මේ සම්බන්ධව වාර්තා කර තිබුණේ අපූරු පුවතකි. ඒ  ඉන්දියාවේ අදානි සමාගමෙන් වැටුප් ලබාගන්නා පිරිස් ආණ්ඩුව තුළත් සිටින්නේදැයි සැක මතුවන බව ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසන බවය. වරාය…

Read More

වරාය ඉන්දියාවට දෙනවා හැර වෙන විකල්පයක් නැද්ද?

The problem with the Eastern Container Terminal

වැඩකරන ජනතාවගේ අධ්‍යයන කණ්ඩායම කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට බදු දීමට විරුද්ධව වරාය වෘත්තීය සමිති සහ දේශපාලන බලවේග වලින් සැදුම්ලත් ව්‍යාපාරය, නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ සටනට නායකත්වය දෙමින් තිබේ. එම කණ්ඩායම් සංවිධානය කල නැගෙනහිර පර්යන්තය බදු දීම පිලිබඳ දැණුවත් කිරීමේ සාකච්ඡා මෙන්ම නැගෙනහිර පර්යන්තය රැකගැනීම සඳහා ජාතික ව්‍යාපාරයක් දියත් කිරීමට කෙරෙන සමාජය පෙළ ගැස්වීමේ ක්‍රියාකාරකම් තුල අපි නිරීක්ෂණය කල කාරණා කිහිපයකි. සෞභාග්‍ය දැක්ම යටතේ දේශීය ආර්ථිකයක්, නිවහල්, ස්වාධීන රටක් ආදී තේමාවන් මුල් කරගෙන ගෝටාබය රාජපක්ෂ සහ පොදු ජන පෙරමුණ ආණ්ඩුව බලයට ගෙන ඒමට උදව් කල කණ්ඩායම් තමන් අපේක්ෂා…

Read More