දරුවන්ගේ ඉරණම මෙන්න!

ළමයින්ට සිදුවන හිංසාවන් සම්බන්ධයෙන් 2020 වසරේදී ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිලි 8165 ක් ලැබී ඇතැයි ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි. 2020 ජනවාරි සිට දෙසැම්බර් මාසය දක්වා මෙම පැමිණිලි ලැබී ඇත.’1929′ ළමා දුරකථන සේවය මාර්ගයෙන්, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණ වාචිකව ඉදිරිපත් කිරීමෙන් , තැපැල් මගින්, ලිඛිතව ආදී  මාර්ග වලින් මෙම පැමිණිලි  ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට ලැබී ඇත. මෙහිදී වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් වන පැමිණිලි 2580 ක් ලැබී ඇත්තේ විවිධ හිරිහැර සම්බන්ධයෙනි. කෲරත්වට පත් කිරීම් 2237 ක්, අනිවාර්යෙන් අධ්‍යාපනය ලැබීම සම්බන්ධයෙන් 643 ක්, ලිංගික හිරිහැර 548 ක්, නොසලකා හැරීම් 466 ක්, බරපතල ලිංගික අපයෝජන 373 ක්,…

Read More

ළමා නිවාසයේ අපචාරයට 12 අවුරුදු සිර දඬුවමක්!

ළමා නිවාසයේ අපචාරයට 12 අවුරුදු සිර දඬුවමක්!

දිනකට අඩුම වශයෙන් ස්ත්‍රී දූෂණ හතරක් වාර්තාවන  ශ්‍රී ලංකාවේ, බාලවයස්කාර දැරියක බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමකට වරදකරු වූ අයකුට අධිකරණය විසින්  වසර 12 ක බරපතල වැඩ සහිතව සිර දඬුවම්  නියම කර තිබේ. පෞද්ගලික ළමා සංවර්ධන මධ්‍යස්ථානයක සිටි වයස අවුරුදු 16 ක බාලවයස්කාර  දැරියක් එම ළමා නිවාසයේ සිටි පුද්ගලයකු විසින් බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමක් සම්බන්ධයෙන්  ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි ලැබී ඇත. ඒ අනුව, අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මඟින් සිදු කළ විමර්ශනයකින් පසු, පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 41 ක් වන  සැකකරු අත්අඩංගුවට ගෙන විමර්ශනය කළ බව ජාතික ළමා ආරක්ෂණ…

Read More

ජාතික ළමා ආරක්ෂක අධිකාරියට කොප් කමිටුවෙන් දොස්!

සෑම පැය දෙකකට වරක්ම කුඩා දරුවකු අපචාරයට ගොදුරු වන ශ්‍රී ලංකාවේ බාල ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති ජාතික ආයතනයේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක දැඩි අප්‍රසාදය පළ වී තිබේ. ළමා අපචාර වැළැක්වීම සහ එවැනි අපචාරවලට ගොදුරුවූ ළමුන් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම අරමුණු කරගනිමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පිහිටුවා දශක දෙකකට වැඩි කාලයක් ගතව ඇතත් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම පමා වීම එයට එක් හේතුවකි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රමුඛතම වගකීමක් වන ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම කඩිනමින් සිදුකරන ලෙස රජයේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ…

Read More

පාසල් දරුවන්ට සාධාරණය ඉටු වන්න අධිකරණයකටම යා යුතුද ?

අතීතයේදි ගුරුවරුන් සැලකූයේ මිහිපිට දෙවිවරු ලෙසිනි. අම්මා, තාත්තාට පසු ජිවිතය කියා දෙන්නේ ගුරුවරුන්ය. නමුත් වර්තමානයේදී ඇතැම් ගුරුවරුන් ක්‍රියා කලාප නිසා මේවන විට දැඩි පීඩාවට පත්ව ඇති දරුවන් බොහෝය. මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට8 පෙරේදා  (12) තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය, සිදුවූ හානිය වෙනුවෙන් එම ගුරුවරයාගේ පෞද්ගලික මුදලින් රුපියල් 150,000 ක් තුවාල ලැබූ සිසුවාට  ගෙවන ලෙසත්, තවත් රුපියල් ලක්ෂ 5ක මුදලක් සිසුවාට වන්දි වශයෙන් ගෙවන ලෙසත් රජයට නියෝගය කළ පුවතක් ලංකාදීප පුවත්පත මඟින් වාර්තා කර තිබුනේය. එම පුවතට අනුව අදාළ වන්දි මුදල්, නියෝග ලබා…

Read More

“අපි කරන්නේ, කාලෙන් කාලෙට එකතුවෙලා කෑගහන එක” – කුමුදු කුමාරසිංහ (රංගන ශිල්පිනී)

child abuse in sri lanka

අපි 2020 වර්ෂය අරගෙන බැලුවොත් අනෙකුත් අවුරුදු එක්ක සංසන්ඳනය කරාම අපිට පේනවා ළමා අපයෝජන සිද්ධීන්ගේ පැහැදිලි වැඩිවීමක්. සියලු රටවල් පෙරළගෙන අපේ රට මේ අංශයෙන් ඉස්සරහට ඇවිත් තිබෙනවා. අපි මේ දවස්වල කියනවා වන සම්පත රැකගනිමු, ඊළඟට අපි කියනවා දේශීය කර්මාන්තය නඟා සිටවමු කියලා. මේ වගේ අපි කාලෙන් කාලෙට එක එක දේවල් ගැන කතා කරනවා, ඒ වෙනුවෙන් පෙනී සිටිනවා, මට තියෙන ප්‍රශ්නය තමයි අපි මේ වගේ ලොකු වටිනාකමක් දෙනවද කාන්තා ප්‍රශ්න වලට ඔවුන්ගේ ගැටලුවලට ඊළඟට ළමයින්ගේ ප්‍රශ්නවලට. නැහැ. අපිට සමාජයක් විදිහට හරිම අඩු අවධානයක් තමයි මේ සම්බන්ධයෙන් තියෙන්නේ. අපි මෙහෙම හිතමු, අපි…

Read More

ළමා හිංසනය වැඩියෙන්ම සිදුවන්නේ ගෙදරදී! – ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

National Child Protection Authority Child abuse in Sri Lanka

ළමයි වැඩි වශයෙන් හිංසනයට පත්වන්නේ සිය නිවස තුළදීම බව පෙන්වා දෙන ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමුන් සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා එකට එක් වන ලෙස  සියලු රට වැසියන්ගෙන් ඉල්ලා සිටී. ළමා හිංසනයට එරෙහි ජාතික දිනය නිමිත්තෙන් විශේෂ පනිවිඩයක් නිකුත් කරමින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ එම ඉල්ලීම  සිදු කර තිබේ. සෑම වර්ෂයකම ජනවාරි 4 දින ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ ළමා හිංසනයට එරෙහිව ක්‍රියාත්මක වීම මෙන්ම ළමා පරපුරේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක්…

Read More