ශ්‍රී ලංකාව තුළ උද්ගත දැවැන්ත ආර්ථික අර්බුදය සමනය කරගැනීම සඳහා සංචාරක කර්මාන්තය තවදුරටත් පුලුල් කිරීමේ අරමුනෙන් යාපනේ සහ ඉන්දියාවේ නගර දෙකක් අතර ගුවන් ගමන් සේවාවක් සහ යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වෙයි. මෙම අමාත්‍ය මණ්ඩල අනුමැතිය සමග යාපනයේ සිට තමිල්නාඩුවේ තිරුචිරපල්ලි (Trichi) දක්වා ගුවන් ගමන් සේවාවක් සහ කන්කසන්තුරේ සිට පුදුචේරියේ කරෙයිකාල් දක්වා යාත්‍රා (Ferry) සේවාවක් ආරම්භ වෙනු ඇති. මෙම යෝජනා සඳහා කැබිනට් අනුමැතිය ලැබුණ බවත් යාත්‍රා සේවාව ලබන මස වෙනවිට ආරම්භ කරන්නට හැකි වෙනු ඇති බවත් ඩග්ලස් දේවානන්ද අමාත්‍යවරයා ඉන්දියානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.…
Read MoreTag: ලංකාවේ සංචාරක කලාප
ඉන්දියානුවන් පැමිණෙන්නේ සංචාරක බුබුල හරහා, මෙතන කිසිදු ජාවාරමක් නෑ – සංචාරක ඇමති
දිනෙන් දිනම තෙවැනි කොවිඩ් රැල්ල ඉහළ යමින් ඇත. මේ නිසා රට පත්ව ඇත්තේ දැඩි ඛේදජනක තත්ත්වයකටය. මේ අතර ඉන්දියාවෙන් පැමිණෙන සංචාරකයින්ට ලංකාවේ නිරෝධායනය වී පිටව යා හැකි ආකාරයේ ව්‍යාපාරයක් ලංකාවේ සිදු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා චෝදනා කර තිබුණි. නමුත් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ඉන්දිය සංචාරකයින් මෙරටට පැමිණෙන්නේ සංචාරක බුබුල ක්‍රමය (travel bubble) හරහා බවත් මෙතන කිසිදු ජාවාරමක් සිදු නොවන බවත්ය. අමාත්‍යවරයා පවසන ආකාරයට මේ වන විටත් ඉන්දියාවෙන් එන සංචාරකයින්ට විවිධ සීමා කිරීම් පනවා ඇත. ඉන්දියාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙරටට පැමිණෙන ඉන්දීය සංචාරකයන් වෙනමම හෝටල්…
Read More