ඕස්ට්‍රේලියාවෙන් රුසියාවට සම්බාධක

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහාන්ස්ක් ප්‍රදේශයන් ආක්‍රමණය කර ඇති රුසියානු නායකත්වයෙන් යුත් සංවිධානවල නිලධාරීන් 34 දෙනෙකුට ඕස්ට්‍රේලියාව විසින් සම්බාධක පනවා ඇත. මෙම පුද්ගලයින් යුක්‍රේන රජයේ අවසරයකින් තොරව එරට ප්‍රදේශ කෙරෙහි රුසියානු රජයේ අධිකාරිය ප්‍රකාශ කිරීම හරහා යුක්‍රේනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කර ඇතැයි ඕස්ට්‍රේලියාව පවසා අත්තේ. ඒ අනුව රුසියානු දේශපාලඥයින් ඇතුළු එම පිරිසට මූල්‍ය සම්බාධක සහ සංචාරක තහනම් පැනවීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත. මෙම ක්‍රියාව සමග යුක්රේනයේ සහ ඕස්ට්‍රේලියාව අතර මිතුරුකම් නැවතත් අලුත් වී තිබේ.

Read More

රුසියාවට මොනා වෙයිද?

අදින් හරියටම මාසයකට කලින් තමයි ලෝකයේ  හමුදාවන් අතර බලවත් යැයි සැලකෙන  රුසියානු හමුදාව විසින් තමන්ගෙ අසල්වැසියා වූ යුක්‍රේනය ආක්‍රමණය කරන්න පටන් ගත්තේ. ඇමරිකා එක්සත් ජනපදය හා චීනය හැරුණු විට ලෝකයේ බලවත්ම හා විශාලතම හමුදාව විදිහට සැලකෙන රුසියානු හමුදාවටතවමත් එකම ප්‍රධාන යුක්‍රේන නගරයක් හෝ යටත් කර ගැනීමට  හැකි  වෙලා නැහැ. මේ යුද්ධයට හේතු වෙන කරුණු කාරණා, ඉතිහාසය, යුක්‍රේණ ආක්‍රමණය  අසාර්ථක වීමට හේතු, මාධ්‍ය නිදහස, රුසියානු හාලෝක ආර්ථිකය වගේ බොහෝ කරුණු අපි පහුගිය ලිපි වලින් සාකච්ඡා කරා. ඒ එක්කම මාරිනා ඔව්සියන්නිකෝවා එලේනා ඔසිපෝවා වගේ  ප්‍රසිද්ධ   රුසියානුවන් යුක්‍රේනය ආක්‍රමණයට විරුද්ධව තමන්ගෙහඬ අවධි කරපු…

Read More

මරීනා හා රුසියානු මාධ්‍යය මර්දනය

marina ovsyannikova missing Repression of the Russian media

මරීනා ඔව්සියාන්නිකෝවා (Marina Ovsyannikova) කියන නම මේ දවස්වල හැම තැනම ඇහෙනව. කෙවින් කාටර්, ජෙරාල්ඩ් රයිල්, ජුලියන් අස්සාන්ජ් වගේ මාධ්‍ය වේදීන් ගැනත් … පැන්ඩෝරා පත්‍රිකා.. පැනමා පත්‍රිකා වගේ ලෝක මාධ්‍යයේ ඇතිවූ පෙරළි ගැනත් අපි මීට කලින් කතා කරා.  ඒ වගේම හිර මැදිරියක් ඇතුලෙම තනිවම මියගිය ඉබෲ ටිම්ටික් ගැනත් අපිට මතකයි. ඒ නිසා මරීනා හා රුසියානු මාධ්‍යවේදීන් ගැන කතා නොකලොත් ඒක ලොකු අඩුවක්. පහුගිය දවසක රුසියානු ජාතික රූපවාහිනියේ සජීවී ප්‍රවෘත්ති විකාශනය වෙන අවස්ථාවේ යුද්ධය නවත්වනු , රුසියානු මාධ්‍ය ජනතාවට බොරු කියයි යනුවෙන් ලියපු පුවරුවකුත් අරගෙන ප්‍රවෘත්ති මැදිරියට කඩා වැදුනු කාන්තාව තමයි මරීනා…

Read More