“අයිතිය” හෙළිදරව්වෙන් ඇහැරුණ මිරිහාන පොලීසිය.

Sarath Weerasekera Mirihana Police Station

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධීකරණ ලේකම් ඉන්දික කෝරළගේ මහතාගේ පුත්‍රයා වන ඉසිර කෝරළගේ සංගීත සාදයක් අවසන පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී, ඔවුන් එම සංගීත සාදයට පැමිණි කාර් රථයට අලාභ හානී කිරීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වෙත කර තිබුණ පැමිණිල්ලක් දවස් 10කට පමණ පසුව ‘අයිතිය‘ වෙබ් අඩවිය එම සිද්ධිය හෙළිදරව් කිරීමත් සමග විභාගයට ගෙන සමථයකට පත් කර ඇත. “නීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ” (https://www.aithiya.lk/12700/minister-sarath-weerasekara-abuses-the-law/)මැයෙන් දෙසැම්බර් 29 දා රාත්‍රියේ කිඹුලාවල ප්‍රදේශයේදී සිදුවූ මෙම සිදුවීම අප වාර්තා කළ පසු, ඒ වෙනතුරු ගැඹුරු නින්දක පසුවූ මිරිහාන පොලීසිය අවධිව පසුගිය ජනවාරි 12 දා දහවල් දෙපාර්ශවය පොලීසිය වෙත ගෙන්වා…

Read More

නීතිය අතටගෙන රඟන වීරසේකර ගෝලයෝ.

Minister Sarath Weerasekara abuses the law

අප දැන් කතා කරන්නට යන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ගැනය. නමේ හැටියට නම් මෙම අමාත්‍යාංශයෙන් කළ යුතු රාජකාරිය වන්නේ මහජනයාගේ ආරක්ෂාව තහවුරු කිරීමය. නීතියේ පාලනය පවත්වාගෙන යෑමය. මහජන ආරක්ෂාව භාර පොලීසිය එම රාජකාරිය නිසි පමණ ඉටුකරනවා දැයි ඇස ගසා සිට එම රාජකාරිය නිසි අයුරින් කිරීමට අවැසි මඟපෙන්වීම් එම දෙපාර්තමේන්තුවට ලබාදීම මෙම අමාත්‍යාංශය භාර රාජකාරියයි. එහෙත් මහජනයා ලෙස අප බලාපොරොත්තු වෙන එම වැඩ කොටස මේ අමාත්‍යාංශයෙන් වර්තමානයේ සිදුවෙනවාද? එය විශාල ප්‍රශ්නයක් ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුවේ මෙම අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා ලෙස සේවය කරන්නේ හිටපු හමුදා ප්‍රධානියෙක් ය. ඔහු අපි කවුරුත් දන්න රියර්…

Read More

ජනාධිපතිගේ කාබනික පොහොර ගැන අවධානය රටට ආදරේ නිසයි – අමාත්‍ය සරත් වීරසේකර

Rear Admiral Sarath Weerasekara Use of organic fertilizers

කාබනික පොහොර භාවිතය සඳහා ජනාධිපතිවරයා යොමු වූයේ ඊළඟ මැතිවරණය බලාගෙන නොවන බවත්  රටට ඇති ආදරය නිසා බවත්  මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. මේ තීරණය ගෙන ඇත්තේ ක්ෂණිකව හෝ කාගේවත් කීමකට නොවන බවත්  මෙම රසායනික පොහොර භාවිතය නිසා විශාල ව්‍යසනයක් ලංකාවට වන අතර වකුගඩු රෝගීන් පිළිකා රෝගීන් සංඛ්‍යාව මෙම රසායනික පොහොර භාවිතය නිසා වැඩි වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි. අපේ පසට මේ රසායනික ද්‍රව්‍ය මුසු වී  ඒ තුළින් අපේ ජලයටත් මුසුවීමෙන්  ඒ ජලය පාවිච්චි කළ විට මෙවැනි රෝග නිර්මාණය වන බවද මේ ජලය පාවිච්චි…

Read More

අපරාද මඩින්න ගිහින් පසුගිය අවුරුදු පහේදී පොලිසියේ 15 ක් මිය ගිහින්! – සරත් වීරසේකර

Fifteen policemen have died on duty in the last five years Rear Admiral Sarath Weerasekara

අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටිය දී  ගත වූ වසර පහ තුළ පොලිස් නිලධාරීන් පහලොස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වී තිබේ. පාර්ලිමේන්තුවේදී ඒ බව හෙළි වූයේ 2020 ජුනි මස සිට ඔක්තෝබර් 20 දක්වා හාරමාසයක කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී මිය ගිය සංඛ්‍යාව අටක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වාර්තා කර තිබියදීය. අපරාධ මැඬලීමේ කටයුතුවල යෙදී සිටිය දී, 2015 වර්ෂයේ සිට මේ දක්වා ඝාතනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 15 ක් බව අලුතින් පිහිටුවන ලද මහජන ආරක්ෂක අමාත්‍යාංශය භාර රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සඳහන් කළේ දෙසැම්බර් 4 සිකුරාදා පාර්ලිමේන්තුවේ දීය. පාර්ලිමේන්තු මන්ත්‍රී…

Read More