ගාලු මුවදොර පිටියට අරලියගහ මන්දීරයේ සිට පැමිණි පිරිස විසින් ගාලු මුවදොර අරගල භූමියේ සිටි පිරිසට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය 13 වන සිකුරාදා දින මානව හිමිකම් කොමිසමට කැඳවූ අවස්ථාවේ දී ඔහු විසින් දෙදෙනෙකු විසින් ගෝල්ෆේස් වටරවුමේදී කඳුලු ගෑස් සහ ජලප්රහාර එල්ල කිරීම වැළකූ බවට මානව හිමිකම් කොමිසමට දැනුම් දී ඇති බව ඉතාමත් විශ්වාසදායි ආරංචි මාර්ග ඔස්සේ දැන ගන්නට ලැබී ඇත. ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එදින ජනාධිපතිවරයා විසින් තමාට මෙම කලහකාරී පිරිස ගාලු මුවදොර පිටියට ඒම වලක්වන ලෙස පැහැදිලිව උපදෙස් ලබා දී තිබූ බවයි. ඒ අනුව තමන්…
Read MoreTag: මානව හිමිකම් කොමිෂන් සභාව
මහජන දේපල වලට අත තිබ්බොත් වෙඩි කන්න වෙයි !!!
මහජන දේපල විනාශ කරමින් කොල්ල කෑමට ලක් කරන පුද්ගලයන් මර්ධනය කිරීම සදහා ඔවුන්ට වෙඩි තැබීමට ආරක්ෂක අංශ වෙත නියෝග ලබා දී ඇත.
Read Moreදහම්රත්නගේ ඔලුකට්ට කුඩුකල කළුතර පොලිසිය
SSP කීර්තිරත්න අත්අඩංගුවට..!
රඹුක්කන ප්‍රදේශයේ පැවති සාමකාමී විරෝධතාවයකට වෙඩිතැබීමට අණදුන් කෑගල්ල ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න CIDය අද (28) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට අමතරව මෙම වෙඩි තැබීම සුදුකළා යැයි කියන පොලිස් නිළධාරීන් 03ක් ද අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය අප්‍රේල් 19 දා කෑගල්ල පොලිසියෙන් පැමිණි පොලිස් නිළධාරීන් කණ්ඩායමක් මෙම වෙඩිතැබීම සිදුකළ බවට ප්‍රකාශ වෙන අතර එම වෙඩි තැබීම නිසා 41 හැවිරිදි පුද්ගලයෙක් මරණයට පත්විය. තවත් 29 දෙනෙක් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් නියෝග ලබාදෙමින් කැගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ප්‍රකාශ කළේ මෙය මනුෂ්‍ය ඝාතනයක් බවයි. ඒ අනුව…
Read Moreරඹුක්කන චමින්ද ලක්ෂාන්ගේ මරණය ඝාතනයක්
රඹුක්කන ඝාතකයන් අත්අඩංගුට ගැනීමට නියෝගයක්
ඉන්ධන ඉල්ලා රඹුක්කන ජනතාව විරෝධතා දැක්වීමේදී එම විරෝධතාවයට වෙඩි තියන්නට අණ දුන් කෑගල්ල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න සහ එම අණ ක්‍රියාත්මක කළ පොලිස් නිළධාරීන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න යැයි, කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න අද (27) පොලිස්පතිවරයාට නියෝග කර ඇත. පසුගිය 19 වැනි දින උදෑසන 1.30 පමණ සිට රඹුක්කන නගරයේ උණුසුම් තත්ත්වයක් පැවතී ඇති අතර සවස 4ට පමණ එම ස්ථානයට පැමිණි කෑගල්ල කොට්ඨාශ භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා උද්ඝෝෂයකන්ට වෙඩි තැබීමට අණ දී ඇති අතර එහිදී වෙඩි තැබීමෙන් චමින්ද ලක්ෂාන් නැමැත්තා මරණයට පත්විය. මෙහිදී පුද්ගලයින් 27 දෙනෙක් තුවාල…
Read Moreඅරාබි වසන්ත ලෙස නම් පටබැඳුනු ඉන්දික සුබසිංහගේ කථාව.
රඹුක්කන සිද්ධියේදී මූලික අයිතිවාසිකම් උල්ලංඝනයට ලක්වූ පුද්ගලයින් වෙනුවෙන් නීති ආධාර ලබා දීම වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය, වධහිංසාවට එරෙහි ශ්‍රී ලාංකික එකතුව, ජනමාධ්‍යවේදීන් සහ නීතීඥයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පසුගිය අප්‍රේල් 23 වන දින රඹුක්කන ප්‍රදේශයට ගොස් පීඩාවට පත් වින්දිතයින් ඇතුළු ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් මුණගැසීම සිදුවිය. එහිදී ජනමාධ්‍ය තුළින් මෙතෙක් අසන්නට නොලැබුනු තොරතුරු කිහිපයක් රඹුක්කන සිද්ධියේ ඉන්ධන බවුසරය ගිනිතැබීමට තැත්කලායැයි කියන අරාබි වසන්ත ලෙසින් සමාජ මාධ්‍ය ඔස්සේ නම් පටබැදී ඇති ඉන්දික සුබසිංහ නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් දැන්ගැන්මට ලැබුනි. මෙහිදී ඔහුගේ මව, පියා, පවුලේ ඥාතීන් ඇතුළු අසල්වාසින් පවසා සිටියේ ඉන්දික රඹුක්කන පොලේ…
Read Moreරතුපස්වල මුද්‍රාව දැන් රඹුක්කනට ඇවිත්?
මහජනතාව නිරායුධව මහපාරට පැමිණි දා සිට ගෝඨාභය රාජපක්ෂ ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාධරයන් පෞද්ගලික සාකච්ඡාවලදී අප සමග කියා ඇති කතා ගණනාවක් තිබේ. ඒවායින් එක කරුණක් හැරුණු විට, අන් සියල්ල ඔහු පිළිබඳ විවේචනයන් ය. ආණ්ඩුවේ මෙකී නායකයෝ ඒ විවේචන කිසිවක් ප්‍රසිද්ධියේ නොකියති. ගෝඨාභය රාජපක්ෂට 69 ලක්ෂයක ජනවරමක් තවදුරටත් නොමැති බව අපට වැටහී ගියේ එවැනි නායකයන්ගේ පෞද්ගලික විවේචන ඇසීමෙනි. මහපාරට පැමිණ මේ මොහොතේ ජනතාව නඟන උද්ඝෝෂණ රාශියත් එම විවේචනයන්ට එකතු කළ විට, පොහොට්ටුවේ ඊනියා 69 ලක්ෂයේ ජනවරම සහසුද්දෙන් සේදී ගොස් ඇති බව සක්සුදක් සේ පැහැදිලියි. කෙසේ වෙතත්, ආණ්ඩුවේ ඉහත කී නායකයන් එක…
Read Moreරඹුක්කන සිද්ධියේදී පොලීසියේ හැසිරීම නීත්‍යානුකූලද?
නැවතත් තෙල් මිල වැඩි කිරීමට එරෙහි ව, පසුගිය 19 වන අඟහරුවාදා දින රඹුක්කන දී විරෝධතා දැක්වූ දහස් ගනනක ජනයාට වෙඩි තැබූ පොලීසිය, එක් පුද්ගලයෙකු මරා දමා 27 දෙනෙකුට පමන තුවාල සිදු කල අතර, ඉන් කිහිප දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා සිටිති. අනෙක් ප්‍රදේශවල මෙන් ම, පෙට්‍රල් හා ඩීසල් නොලබා, රඹුක්කන ඉන්ධන බෙදාහැරීමේ ස්ථානයේ ද දහස් ගනනක් මහජනයා පසුගිය දවස් තුන තිස්සේ පෝලිම්වල බලා සිට ඇත. සඳුදා රාත්‍රීයේ දී පෙට්‍රල් බවුසරයක් ඉන්ධන පොලට ලඟා විය. ඊයේ බෙදාහැරීම ආරම්භ කල විට, තමන් දවස් ගනනක් තිස්සේ බලා සිටි නිසා, ඉන්ධන කලින් මිලට ම…
Read More