ගේ ඉස්සරහ අඹ පැලේ හිටවලා පටන් ගත්තේ, දැන් පරිසරයම විනාශ කරනවා – අනුර

anura kumara dissanayake gotabaya rajapaksa

ගෝඨාභයගේ ආණ්ඩුව සාදාගෙන මාස 15 ක් ගත වී ඇති අතර මේ කාලය තුල රටේ ජනතාවට දෙන ලද සියලු එකඟතාවයන්, පොරොන්දු, අපේක්ෂාවන් බිඳ වට්ටපු පාලනයක් බවත් මේ වන විට රටේ රාජ්‍ය සම්පත් සහ ස්භාවික සම්පත් කුණුකොල්ලෙට, තරඟේට විදේශීය සමාගම් වෙත පැවරීම සඳහා ගෝඨාභයගේ ආණ්ඩුව කැස කවමින් සිටිනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි. කොළඹ වරායේ බටහිර ජැටිය අඬගහලා ඉන්දියාවට දෙන්න සැලසුම් කර ඇති බවත් ත්‍රිකුණාමලය වරායේ පිහිටා තිබෙන තෙල් ටැංකී 2002 දී IOC සමාගමට පවරා දෙනු ලැබුවත් එය නිසි පරිදි ගිවිසුම් ගත නොකර තිබීම නිසා…

Read More

මහවැලි අධිකාරිය අක්කර දහස් ගණනක් පවරා දීමට විරෝධතා!

Protests to hand over lands to Mahaweli Authority

අම්පාර දිස්ත්‍රික්කයේ ආදිවාසී ජනතාවගේද ජීවිත පවා අනතුරේ හෙලමින් මහවැලි අධිකාරිය කාසි බෝග වගා කිරීම සදහා සමාගම් වලට ඉඩම් ලබා දී ඇති බවට චෝදනා කරමින්  මහඔය නගරයේ දී විරෝධතාවක් දියත් කර තිබේ. උද්ඝෝෂකයන් පවසන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පොල්ලෙබැද්ද – රඹකැන්ඔය ගම්මානය කේන්ද්‍ර කරගනිමින් වනාන්තර අක්කර 5,426ක් මේ වනවිට සමාගම් ගණනාවකට බඩඉරිඟු වගාව සදහා ලබා දී ඇති බවයි. එම වනාන්තර කේන්ද්‍රකරගනිමින් තම ජීවිකාව ගෙනයන ආදිවාසී ජනතාවද මින් දැඩි පීඩනයකට ලක්වී තිබෙන අතර ඔවුන්ගේ ජීවිතවලට පවා තර්ජන එල්ලවී ඇතැයී උද්ඝෝෂකයෝ පවසති. දෙසැම්බර් 10 දින මහඔය නගරයේ දී දියත් කළ  විරෝධතා ව්‍යාපාරය  බින්තැන්නපත්තුව සුරැකීමේ…

Read More