පසුගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ උතුරු නැගෙනහිර තරුණයන් රැසක් පොලිස් අත් අඩංගුවට පත්වුණේ ඔවුන් නැවත එල්ටීටීඊ සංවිධානයට පනදෙන්නට උත්සාහ කරනවා කියන චෝදනාව සමග. මේ සිද්ධිය වෙලා ටිකක් කල් ගියත් මේ සිද්ධිය ගැන ප්රමානවත් සංවාදයක් දකුණේ නොතිබුණ නිසා අපි මේ කතාව මෙතනින් පටන් ගම්මු.. ඇත්ත වශයෙන්ම කියනවා නම් නොවැම්බර් 6 වෙනිදා සිට තිස් වෙනිදා දක්වා කාර්තිකේ දීබම් කියන උත්සවය සමරනවා. ඒක උතුරේ ජනතාවට විතරක් අයිති වුණ දෙයක් නෙවෙයි. මුළු ලෝකෙම ඉන්න හින්දු ආගමික කටයුතු කරන සියලුම දෙනාට අයිති වුණ දිනයක්. ඒක අපේ ඓතිහාසික උත්සවයක්. එතකොට ඒක අපි කරනවට විරුද්ධව මේ අත්අඩංගුවට ගන්නවා…
Read More