පනත් පහක් සංශෝධනයට

Five Acts to be amended

මෙවර පැවති කැබිනට් මණ්ඩලය විසින් පනත් පහක් සංශෝධනය කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇත. ඒ අතර සේවකයින්ගේ අවම වේතනය පිළිබඳ පනත සංශෝධනය සුවිශේෂිය. ඒ අනුව අවම වැටුප සියයට 25කින් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එමෙන්ම  තවත් පනත් කිහිපයක් සංශෝධනයට අදාළව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනා සඳහා නිර්දේශ ලබා ගැනීම සඳහා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමුකර ඇති බව  (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර සිටියි. ඒ අනුව, එම අනුකාරක සභාව විසින් ඉදිරිපත් කරන ලද…

Read More

අභියාචනාධිකරණය වෙනුවට මහාධිකරණයෙන් ඇප ලබා දීමට සැලසුම්!

witness and victim protection act sri lanka

අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත සංශෝධනය  කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 2015 අංක 4 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතේ දහ වැනි වගන්තියේ විධිවිධාන පරිදි ඇප ලබා ගැනීම සදහා අභියාචනාධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු නිසා සැකකරුවන්ට සහ චුදිතයන්ට දැඩි පීඩාවකට ලක්වීමට සිදුව ඇති බවයි අධිකරණ අමාත්‍යවරයා පවසන්නේ. විශේෂයෙන්ම, අභියාචනාධිකරණය කොළඹ පිහිටා තිබීම හේතුවෙන් ඉතා දුර ප්‍රදේශයක පදිංචි සැකකරුවන්ට අදාළ ඇප ඉල්ලීම ඉදිරිපත් කිරීමේදී අපහසුතාවලට මුහුණ දීමට සිදු වන බැවින් අභියාචනාධිකරණය වෙනුවට ඇප ලබා  දීමේ අධිකරණය මහාධිකරණය වශයෙන්…

Read More