Day: May 15, 2022
රනිල්ට මුහුණ දීමට ගෝල්ෆේස් සූදානම්ද?
– දුලාන් දසනායක- ගෝල්ෆේස් අරගලය ලංකාවේ වඩාත්ම දිග්ගැස්සුණු සාමකාමී සිවිල් අරගලය ලෙස ඉතිහාසගත වී ඇත. එය ආණ්ඩුවද විපක්ෂයද එපමණක් නොව ඇතැම් විට එම අරගලයට සම්බන්ධ වූ කණ්ඩායම්ද නොසිතූ ලෙස දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට හැකි විය. එලෙස දීර්ඝ කාලයක් පැවතීම හේතු කොට ගෙනම ආණ්ඩුවේ අර්බුදය උත්සන්න වූ අතර ඒ මගින් ප්‍රාදේශිය අරගල මධ්‍යස්ථාන කිහිපයක්ද ස්ථාපිත කිරීමට හැකි විය. ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන සටන් පාඨය #GotaGoHome වුවද, එය සංකේතාත්මක බවත් එකී විරෝධ සටන් පාඨයේ ඊට වඩා බොහෝ දේ ගැබ් ව ඇති බවත් සමාජ ක්රමයේ වෙනසක්ද එහි ඇතුළත් බවත් ප්‍රකාශ කලෝ ගෝල්ෆේස් සටන් කාමීහුම…
Read More