බැසිල්ගේ 5000 දීමනාව නිසා විරෝධතා අවදානමක්!

Basil Rajapaksa Allowance of Rs. 5000

ඉහල යන ජීවන වියදමට සහනයක් ලෙස  රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 දීමනාව වතු, ඇඟළුම් ඇතුළු පෞද්ගලික අංශයේ සියළුම කම්කරුවන්ටත් ලබා නොදුන හොත් ආණ්ඩුවට එරෙහිව විරෝධතා දියත් කරන බවට වෘත්තීය සමිති අනතුරු අඟවා තිබේ. “රජයේ සේවකයන්ට ලබා දෙන රුපියල් 5000 සහන දීමනාව වතු, ඇඟළුම් ඇතුළු අනෙකුත් පෞද්ගලික අංශයේ කර්මාන්ත හා සේවා කම්කරුවන්ටත් ජනවාරි 21 වැනිදාට පෙර ලබා දෙන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. ඒසේ  නැත්නම් අපි ආණ්ඩුවට එරෙහිව 21 දා  විරෝධතා හා වෘත්තීය ක්‍රියා මාර්ග ගන්න වෘත්තීය සමිති විදිහට තීරණය කරලා තියෙන්නේ,” යැයි රජයේ කම්කරු උපදේශක සභාව නියෝජනය කරන වෘත්තීය සමිතියක්…

Read More

ඇතුලෙත් ගැට පිටත් ගැට, අලුත් කැබිනට්ටුව ප්‍රමාදවෙයි?

president gotabaya rajapaksa Cabinet reshuffle

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම පිටතිනුත් විශාල දේශපාලන අභියෝගයක් එල්ලවී තිබීම නිසා ආණ්ඩුව මහා උජාරුවෙන් ප්‍රකාශ කළ කැබිනට් සංශෝධනය අද නෙවෙයි හෙට තත්ත්වයට පත්වී ඇතැයි දැනගන්නට ලැබේ. කැබිනට් මණ්ඩලයෙන් දැනට සිටින අමාත්‍යවරුන් ඉවත් කිරීම මෙන්ම නව අමාත්‍යවරුන් පත් කිරීම ආණ්ඩුව තුළ අභ්‍යන්තරයේ උද්ගත ප්‍රශ්නය බෝම්බයක් වී පුපුරා යන්නට හේතුවෙනු ඇතැයිද එනිසා කැබිනට් සංශෝධනය කල් දැමීම නුවනට හුරු බවද ජනාධිපතිවරයා වෙත ඔහුගේ සමීපතම උපදේශකයන් දැනුන් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලිට්‍රෝ සභාපති ඉවත්කර නව සභාපතිවරයෙක් පත්කිරීම මෙන්ම, ජනාධිපතිවරයා එම ගෑස් අංගනය වෙත…

Read More

සුසිල් ප්‍රේමජයන්ත තවමත් පුන්නක්කු කෑම හෙවත් වෙනසක මහත!

සුසිල් ප්‍රේමජයන්ත තවමත් පුන්නක්කු කෑම හෙවත් වෙනසක මහත ! - ගාමිණී වියන්ගොඩ

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලයේ සිදු වූ අපරාධ සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන්, පිළිවෙලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත්, පොලිස් මූල්‍ය අපරාධ පරීක්ෂණ කොට්ඨාශයත් වැදගත් පරීක්ෂණ ගණනාවක් මෙහෙයවමින් සිටි කාලයක් තිබුණි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න භාරයේ තිබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ මෙහෙයවීම යටතේ බිම් මට්ටමේ පරීක්ෂණ සිදු කරමින් සිටි දක්ෂ පොලිස් පරීක්ෂකවරයෙක් සිටියේය. ඔහු, නිශාන්ත ද සිල්වා ය. එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ හදිසි නියෝගයක් ප්‍රකාරව, වහා ක්‍රියාත්මක වන පරිදි, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මීගමුව පොලිස් ස්ථානයට ඔහුව මාරු කෙරුණි. ඒ කාලයේ ස්වාධීන පොලිස් කොමිසමක් තිබුණි. පැය 24 ක්…

Read More

මිනිස්සු රට අත ඇරලා යනවා නම් ඒක සෞභාග්‍යයේ දැක්ම නෙවෙයි, රටේ කාළකණ්ණිකම – මහචාර්ය සිරිමල් අබේරත්න

People leaving the country is a crisis - Prof. Sirimal Abeyratne

‘අලුත් කතාබහ’ නැමති සමාජ කතිකාව පුරවැසියා වෙත සක්‍රීයව ගෙනයෑමේ අරමුණෙන් එහි වෙබ් අඩවිය ‘බිහිදොර’ දියත් කිරීමේ වැඩසටහන පසුගිය 13 දා කොළඹ ජානකී හෝටලයේදී සිදුවුණ අතර එහිදී රටේ වර්තමාන ආර්ථික තත්ත්වය ගැන කෙටි දෙසුමක් පවත්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා අදහස් දැක්වූ අතර මේ එහි සාරාංශයකි. ආර්ථික විද්‍යාව ගැන කතා කිරීමේ දී සියලුදෙනාගේම ප්‍රයෝගික ජීවිතය හා සම්බන්ධ විද්‍යාව තමයි ආර්ථික විද්‍යාව කියන්නේ. ඒකයි එම විෂය සමාජ විද්‍යා ගොඩට වැටෙන්නේ. ඕනෑම මනුස්සයෙකුට ආර්ථික විද්‍යාව ගැන ප්‍රශ්නයක් යොමුකරොත් තමන්ගේ ප්‍රයෝගික ජීවිතය දිහා බලලා පිළිතුරු ලබාදෙන්න දන්නවා. වර්ථමානයේ අපේ…

Read More