පොලිස් නිලධාරීන්ට එල්ල වන චෝදනා සය මසකින් ඉබේ අවලංගු වන ක්‍රමයක්!

sarath

පොලිස් නිලධාරීන්ට ඇති  දීර්ඝ කාලීන චෝදනා පත්‍ර  සියල්ල මාස හයක් ඇතුලත විභාග කර අවසන් නොකළහොත් ඒවා ඉබේ අවලංගු වන ක්‍රමයක් සකසන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. ඔහු පෙන්වා  දෙන්නේ පොලිස් නිලධාරීන්ට මානව හිමිකම් නඩු වැටි ඇත්තේ  තමන්ගේ රාජකාරිය හරියට කිරීමට ගොස් ඇති නිසා බවය. ඒ නිසා ඒ වගේ අය පිළිබඳ සොයා බලා ඔවුන්ට සහනයක් ලබා දීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා පවසයි. එමෙන්ම  දීර්ඝකාලීන චෝදනා පත්‍ර තියෙන සමහරු සිටින බවත්  සහකාර පොලිස් අධිකාරී තනතුරට පත් වන විට තිස් පස් දෙනෙකුට මෙම චෝදනා පත්‍ර නිසා උසස්වීම්…

Read More

ලංකාව සාගිනී දර්ශකයේ 65 තැනට.

hungry

ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 65 වන ස්ථානයට පත්ව ඇත. වාර්ෂිකව නිකුත් කෙරෙන එම දර්ශකයෙහි මෙම වසරේ රටවල් 116ක් ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. මන්දපෝෂණය, ළමා මරණ, ළමුන්ගේ උසට සරිලන අඩු බර යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන දර්ශකයේ අඩුම ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා රටවල් සාගිනි අඩුම රටවල් අතරට අයත් වේ. ඒ අනුව මෙවර ලකුණු 16ක් ලබාගත් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ මට්ටමක පසුවන බව එම දර්ශකයෙන් පෙන්වා දී ඇති අතර පසුගිය වසරේ ශ්‍රී ලංකාව පැවතියේ මෙම දර්ශකයේ 64 වැනි ස්ථානයේය. චීනය, බ්‍රසීලය, කුවේට්, කියුබාව, තුර්කිය ඇතුළු රටවල් 18ක්, ලකුණු 5ට අඩුවෙන්ලබාගනිමින් මෙවර…

Read More