ලොහාන් කැමැත්තෙන් අස් වුණාද? අස් කළාද?

lohan

බීමතින් සුරූපිනියන් සමග වැලිකඩ හා අනුරාධපුර බන්ධනාගාරවලට කඩා පැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ සිය ඇමැතිධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අද (15)  අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමු කර ඇති අතර එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගත් බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරයි. ලොහාන් රත්වත්තේ ඇතුළු කණ්ඩායමක්, කොට කලිසම් හැද වැලිකඩ බන්ධනාගාරයට කඩා පැන ඇති ආකාරය පිලිබඳ පහුගියදා මාධ්‍ය මඟින් අනාවරණය කර තිබුණි. ඒ් අකාරයෙන් අනුරාධපුර බන්ධනාගාරයටද කඩා වැදී සිරකරුවන්ගේ හිසට පිස්තෝල තබා තර්ජනය කර තිබුණි. මේ සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශකවරයා මුල් අවස්ථාවේ සිටම…

Read More

මහ බැංකු නව අධිපතිට විපක්ෂයේ විරෝධය!

central bank

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව  අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂයේ  දැඩි විරෝධය එල්ල  වී තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පෙන්වා දෙන්නේ  මහ බැංකු අධිපති ධුරය  අඳුරු  ඉතිහාසයක් සහිත පුද්ගලයෙකුට  ලබා දීම මඟින්, ශ්‍රී ලංකාව පිලිබදව ජාත්‍යන්තර ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටීම වැලැක්විය නොහැකි වනු ඇති බවය. “මහබැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගනිමු!” තේමාවෙන් යුතුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මහතාගේ අත්සන සහිතව සැප්තැම්බර් 14 වැනි අගහරුවාදා නිකුත් කර තිබෙන එම නිවේදනයේ පවසන්නේ මහ බැංකුවේ ප්‍රධාන කාර්යය වන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම,බැංකු පද්ධතියේ නියමුවා ලෙස කටයුතු…

Read More

අනුරපුර බන්ධනාගාරයට කඩා වැදුනු රාජ්‍ය ඇමතිගෙන් සිරකරුවන්ට තර්ජන!

anuradhapura prison

ජාත්‍යන්තර සිරකරුවන්ගේ දිනයේ රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු ස්වයං ක්‍රීය ගිනි අවියක් රැගෙන අනුරාධපුර බන්ධනාගාරයට ගොස් යකා නැටීම සම්බන්ධයෙන් සිය විරෝධය පල කරන බවත්, ඒ පිළිබදව වහාම පරික්ෂණයක් පැවත්විය යුතු බවත්  අනුරාධපුර දිස්ත්‍රික් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසුවේය. ඒ මහතා මේ බව කියා සිටියේ පසුගිය (12දා) ජාත්‍යන්තර සිරකරු දිනය පැවති දිනයේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ආයුධ සන්නද්ධව අනුරාධපුර බන්ධනාගාරයට ගොස් උපරිම ආරක්ෂක සිර මැදිරියේ (මැක්සිමස්) රදවා සිටි අංක 140 සිරකරුගේ හිසට පිස්තෝලයක් එල්ල කිරීමට විරෝධය පලකරමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා. මේ ඇමතිතුමා හරිම ප්‍රසිද්ධයි ගිණි…

Read More

වසංගතය, අයිතිවාසිකම් මැඩළීමට රජයට ඇති බලපත්‍රයක් නොවේ – සිවිල් සංවිධාන හා ක්‍රියාකාරීන් 127ක් රජයට කියයි

වසංගතය අයිතිවාසිකම් මැඩළීමට රජයට ඇති බලපත්‍රයක් නොවේ

වසංගතය යනු අයිතිවාසිකම් පසෙකලා ක්‍රියාත්මක වීමට රජයට ලබාදෙන බලපත්‍රයක් නොවන බවත්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත් කෙටුම්පත සම්පූර්ණයෙන් ඉවත්කර ගන්නා ලෙසත්, විරෝධය පෑමට හා අදහස් ප්‍රකාශ කිරීමට ජනතාවට ඇති අයිතිය අහිමි නොකරන ලෙසත්, රඳවාගෙන සිටින ශිෂ්‍ය නායකයන් නිදහස් කිරීමට වහා පියවර ගන්නා ලෙසත් රජයට බලකරමින් සිවිල් සංවිධාන හා පුද්ගලයින් 127ක් විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කර තිබේ. පහත දැක්වෙන්නේ ඒම සම්පුර්ණ ප්‍රකාශයයි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා අධ්‍යාපනය මිලිටරිකරණයට ගන්නා උත්සාහය නතර කරන ලෙසත් විරෝධතාවන්ට නායකත්වය දුන් ක්‍රියාකාරීන් අඛණ්ඩව රඳවා තබා ගනිමින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව අනතුරේ නො හෙළන ලෙස පහත නම් සඳහන්…

Read More

කෝවිඩ් – 19 සමයේ කම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් රකින්නට කිහිළිකරු ප‍්‍රමාණවත් නැත!

katunayaka

හාම්පුතුන් විසින් ඉතා අමානුෂික ලෙස නිදහස් වෙළඳ කලාප කම්කරුවන් සූරාකනු ලබන බවට වූ කතා මෙරට ප‍්‍රචාරය වූවා වාගේම අපේ වෙරළෙන් ඔබ්බටද ඒවා ගමන් කර තිබේ. මෙම කතා බොහෝ විට කටුනායක නිදහස් වෙළඳ කලාපය පිළිබඳව හා ඇඟළුම් අංශ සේවකයින් පිළිබඳව වූ කතා ය. නිදහස් වෙළඳ කලාප කම්කරුවන්ගේ සෝචනීය තත්ත්වය පිළිබඳව හඬ නැගීමට අනේකවිධ හවුල් කටුනායකත්, කොළඹත් බිහි වී ඇති අතර ඉන් සමහරකට කම්හල්වල සාමාජිකත්වයක් හෝ ඇත්තේ නැත. වසංගතය හමුවේ බොහෝ කලාපීය සේවක සේවිකාවන්ද මෙවැනි අසීරුකම් වලට හා ජීවිත තර්ජන වලට මුහුණ දෙන හෙයින් මේ කතා කලාපීය විරෝධතා වලටද ඇතුළුව ඇත. තමන්…

Read More