මැතිවරණ ඉතිහාසයේ ‌තීරණාත්මක නඩු තීන්දුවක් මොණරාගලින්!

court

ඉදිරි මැතිවරණ වලදී ඡන්දදායකයාට අල්ලස් ලබාදුනහොත් මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ තීරණාත්මක නඩු තීන්දුවක් ඊයේ ( 13) මොණරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් ලබා දී තිබේ. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරමිනි. ඒ අනුව අල්ලස් ලබාදී ජයග්‍රහණය කල අපේක්ෂකයා පළාත් පාලන මන්ත්‍රී ධුරයෙන් ඉවත්කල අතර ඊළඟ වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා පත්කරන්නට නියෝග කරන ලදී. මෙය ශ්‍රී ලංකා මැතිවරණ…

Read More

අලි ගැසට්ටුවට නිසා වනජිවි සංරක්ෂණයට දැඩි බලපෑම්!

wild life

වනජීවී භාරයේ සිටි හීලෑ අලි ඇතුන් නැවතන් හිමිකරුවන් ට භාර දීම සහ හීලෑ අලි ඇතුන් ලියාපදිංචියට නිකුත් කළ ගැසට් නිවේදනය හේතු කොටගෙන වනජීවී සං‍රක්ෂණයට දැඩි බලපෑම් එල්ලවන බව වනජීවී අඩවි සහකාරවර වෘත්තිකයින්ගේ සංගමය  පවසයි. එමෙන්ම මෙය වන සත්ත්ව හා -වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනතට පටහැනි බවත් වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා නිකුත් කළ මෙම නිවේදනය හේතුවෙන් ව්‍යාජ තොරතුරු මත පදනම්ව බලපත්‍ර නොමැති හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීම ට අවසර දීමෙන් දඩුවම් ලැබිය හැකි වරදක් සිදුවන බවත් වනජීවී අඩවි සහකාරවර වෘත්තිකයින්ගේ සංගමය  වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වෙත ලිඛිතව දැනුම් දී තිබේ. වනජීවී භාරයේ සිටි හීලෑ…

Read More

පාසල් ඇරීමට ප්‍රථම කළ යුතු දේ ගැන ගුරු සංගම් කියයි!

school

කොවිඩ් 19 වෛරසය හේතුවෙන් මාස කිහිපයක් තිසසේ තාවකාලිකව වසා ඇති රජයේ පාසල් ආරම්භ කිරීමට පෙර දරුවන්ගේ ආරක්ෂාව උපරිමයෙන් සැලසිය යුතු බවත් ගුරු විදුහල්පති වැටුප් ගැටළුවට වහා විසදුම් හිමිවිය යුතු බව ලංකා ගුරු සංගමයේ සභාපති එස්.ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ  (12දා) සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්චාවක් අතර තුරදිය. එම සාකච්චාවට දෙමාපියන් විද්වතුන් විදුහල්පතිවරුන් හා ගුරුවර ගුරුවරියන් රැසක් එක්වි සිටියහ. එහිදි තවදුරටත් කථා කළ සභාපතිවරයා. මේ අවස්ථාව වනවිට රජය ඔක්තොම්බර් මස සිට රජයේ පාසල් අධ්‍යාපන කටයුතු සදහා විවෘත කරන්න දේශපාලනමය තීන්දුවක් අරන් තියෙනවා.මේ ගැටළුවෙදි දේශපාලන තීන්දු…

Read More

ශ්‍රි ලංකා ගැටලු වලට මුල මිලිටරිකරණය සහ වගවීමක් නොමැති ආණ්ඩුවක් පැවතීම – මිෂෙල් බැචලෙට්

michelle bachalet

වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දෙන සමාජ, ආර්ථික හා පාලන අභියෝගයන් පෙන්නුම් කරන්නේ මිලිටරිකරණය සහ වගවීම නොමැතිකම මූලික අයිතිවාසිකම්, සිවිල් අවකාශය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන, සමාජ සමගිය සහ තිරසාර සංවර්ධනය කෙරෙහි අඛණ්ඩව බලපාන විඛාදනීය බලපෑම බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බැචලෙට් මහත්මිය  පවසයි. එමෙන්ම ශ්‍රි ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයින්, මාධ්‍යවේදීන් සහ අතුරුදන් වූවන්ගේ පවුල් නිරීක්ෂණය සහ සෝදිසි කිරීම, බිය ගැන්වීම සහ අධිකරණ හිරිහැර කිරීම අඛණ්ඩව සිදු වනවා පමණක් නොව, රජයේ ප්‍රතිපත්ති විවේචනයට ලක් කරන පුළුල් පරාසයක පිරිස් එනම්, සිසුන්, ශාස්ත්‍රාලිකයින්, වෛද්‍ය වෘත්තිකයන් සහ ආගමික නායකයින් දක්වා පුළුල් වී තිබීම…

Read More