ආහාර මිලදී ගැනීමට නොහැකි රටවල් අතරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට – නීතීඥ බැසිල් ප්‍රනාන්දු

ආහාර මිලදී ගැනීමට නොහැකි රටවල් අතරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට

පුද්ගලයෙකුට දෛනිකව අවශ්‍ය ආහාර ප්‍රමාණය මිලදී ගැනීමට ඇති හැකියාව අතින් ලෝකයේ දුර්වලම රටවල් 10 අතුරින් ශ්‍රී ලංකාව 5 වන ස්ථානයට පත්වෙමින් තිබෙන බව බ්‍රිතාන්‍යයේ බුද්ධි මණ්ඩලයක් විසින් ඉදිරිපත් කර ඇති නවතම වාර්තාව සදහන්ව ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂක නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි. ‍බැසිල් ප්‍රනාන්දු මහතා මේ අදහස් ප්‍රකාශ කළේ පසුගියදා අනුරාධපුර හා කුරුණෑගල මානව හිමිකම් ප්‍රථාමාධාර මධ්‍යස්ථාන විසින් සංවිධානය කළ මර්ගගත සාකච්ඡාවේ ප්‍රධාන දේශණය ඉදිරිපත් කරමිනි. ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.. ශ්‍රී ලංකාව තුළ සීග්‍රයෙන් ඉහළ යන ආහාර මිල ගණන් හමුවේ දරිද්‍රතාවයෙන් පෙළෙන ජන…

Read More

තට්ටම් පලන අක්මීමන පොලීසිය

akmeemana police torture in sri lanka

කොට්ටව, තෙල්කොළදෙනිය වත්ත පදිංචි 37 හැවිරිදි ධීවරයෙකු වූ කේ. ජී නිශාන්ත නැමැත්තාට ගාල්ල අක්මීමන පොලීසිය විසින් සිදු කළ අමාණුෂික පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා තිබේ. පරණ බැටරියක් සොරකම් කිරීමේ චෝදනාවට මෙම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 5 වන දින අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහි දී අයිතිකරුට බැටරිය සොයා දීමෙන් පසුව සිද්ධිය සමතයට පත්වී ඇත. නමුත්, මේ සම්බන්ධව වැඩි දුර පරීක්ෂණයන්ට යැයි පවසා මෙම පුද්ගලයා දින 3ක් තිස්සේ රදවාගෙන තිබේ. එහි දී තමුන්ට ඉතා අමානුෂික අයුරින් පහරදුන් බව පවසයි. පසුව අක්මීමන පොලීසිය විසින් හෙරොයින් සන්තකයේ තබා ගැනීම සම්බන්දව චෝදනාවක් ඉදිරිපත් කිරීම…

Read More

ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමට කිසිම ආණ්ඩුවකට උවමනාවක් නැහැ – පිලිප් දිසානායක

philip dissanayaka

බලයට පත් වු කිසිම ආණ්ඩුවකට පොලිස් ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීමේ උවමනාවක් තිබුනේ නැති බව රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂක පිලිප් දිසානායක මහතා පවසයි. සමාජයක් තුල ප්‍රජාත්‍රන්තවාදය සුරක්ෂිත කර ගැනීමට නම් පොලිස් ප්‍රචණ්ඩත්වය, වදහිංසාව වළක්වා ගත යුතු බව ඒ් මහතා පවසයි. පූගොඩ පොලිසිය තුලදි වදහිංසාවට ලක්ව මිය ගිය ගයාන්ගේ මරණය පොලිස් ප්‍රචණ්ඩත්වය නිසා සිදු වු පළමු හා අවසන් සිදුවීම නොවන බව පෙන්වා දෙන ඒ් මහතා පවසන්නේ කොවිඩ් වසංගතය තුල මෙවැනි සිදුවීම් වාර්තා වීම බරපතල ප්‍රශ්නයක් බවය. නීතියට පිටින් අත්අඩංගුවට ගැනීම්, කෲර ලෙස පහර දීම්, අසනීප අවස්ථාවකදී වහාම රෝහල් ගත…

Read More

ගොවීන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරන්න එපා – පා. ම. කිංස් නෙල්සන්

kins nelson

වර්තමානය වන විට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්  ප්‍රසිද්ධියේ රණ්ඩු වීමට පටන් ගෙන ඇති බවත් ආණ්ඩුවේ වැරදි තීරණ නිසා අහිංසක අසරණ ගොවියාගේ වී මිල රුපියල් 10ක් 12 ත් අතර ප්‍රමාණයකින් පහල වැටී ඇති බවත් සමගි ජනබලවේගයේ පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංස් කුමාර නෙල්සන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (12) පොලොන්නරුවේ දී විශේෂ මාධ්‍ය හමුවක් කැදවමිනි.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේ ද කීය. “රජයේ වගකීම තමයි රටේ ගොවි ජනතාවත් පාරිභෝගිකයාත් ව්‍යාපාරිකයාත් ආරක්ෂා කර ගන්න එක.  අද ඒ එකක්වත් මේ ආණ්ඩුවෙන් වෙලා නෑ. අද වැඩියෙන් ම බැට කන්නේ…

Read More

හදිසි නීතිය නිසා මාධ්‍යයට විය හැකි බලපෑමක් ගැන මාධ්‍යවේදී පෝදදල ජයන්තගෙන් හෙළිදරව්වක්!

poddala jayantha

හදිසි නීතිය ගෙන ආ නිසා තමා මහජනතාවට අත්‍යවශ්‍ය සේවා සැපයීමට හැකි වුනේ යන මතය මේ වන විට සමාජ ගත කිරිමේ උත්සහයක නිරත වන බවත් නමුත් උපරිම මිල / ගබඩා වැටලීම් සිදු වන්නේ  හදිසි නීතිය අනුව නොව සාමාන්‍ය නීතිය යටතේ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා පවසයි. හදිසි නීතිය යටතේ පවතින නීති අත්හිටුවීමටත් / සංශෝධනයට හා නව රෙගුලාසි ගෙන ඒමටත් හැකියාව තිබෙන බවත් හදිසි නීතිය අප අනුමත කිරිම හිස් චෙක්පතකට අත්සන් තැබීමක් වැනි කරුණක් බවත් ඔහු කියා සිටියි. ජනාධිපතිවරයාට ඇවැසි පරිදි නීති ගෙන ඒමේ හැකියාව හදිසි නීතිය හරහා හිමි වන බව…

Read More

යට ඇඳුම් දෙන්න ඇමති බන්දුල සුදානම්!

bandula gunawardana sri lanka economy news

අත්‍යාවශ්‍ය හා හදිසි නොවන බව පවසමින් භාණ්ඩ වර්ග හයසියයකට වැඩි සංඛ්‍යාවක් රට තුලට ගෙන්වීම  වැලැක්වීම සඳහා ඒවායේ  සම්පූර්ණ වටිනාකමට සමාන තැන්පතුවක් ආනයනකරු විසින් ණයවර ලිපි ඉදිරිපත් කිරීමේ දී අදාල බැංකුවේ තැන්පත් කළ යුතු බවට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබුණේ මීට දින කිහිපයකට ඉහතදීය. ඒ අනුව ජංගම දුරකථන, ගෘහ විදුලි උපකරණ, රෙදිපිලි, සපත්තු, අත් ඔරලෝසු, මුළුතැන්ගෙයි උපකරණ, රබර් ටයර්, වායු සමීකරණ, පලතුරු, සුවද විලවුන්, චොකලට්, මාලු, චීස්, බටර්, සංගීත භාණ්ඩ, සෙල්ලම් බඩු, ලිපි ද්‍රව්‍ය, ඇතුළු රැසක් අත්‍යවශ්‍ය නොවන ගණයට වැටුණි. ඒ අතර සමාජයේ කථාබහ‌ට ලක් වු කරුණක් වුයේ පිරිමි…

Read More