වසංගත රෝග අංශය නිවැරදි නිල දත්ත රටට හෙළි කළ යුතුයි! – GMOA

covid situation government medical officers association samantha ananda

කොවිඩ් පාලන කටයුතු අභිබවමින් රෝගීන්ගේ වැඩිවීම හා සංකූලතාව ඇති වීම මත රෝගී ප්‍රතිකාර  සේවා වලට දැඩි බලපෑමක් එල්ල වී ඇතැයිද රටක් ලෙස දිනකට වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩිවීම නිසා සමස්ත රෝහල් පද්ධතියට දරා ගැනීමේ සීමාව ඉක්මවමින් පවතින බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පවසයි. සමහර රෝහල් වලට මේ වන විට රෝගීන් භාර ගැනීමේ අපහසුතාවයක් මතුව ඇතැයි ද පෙන්වා දෙන ඒ මහතා පවසන්නේ රෝගීන්ගේ සංකූලතා මතු වීම නිසා මේ වන විට දැඩි සත්කාර ඒකක වල ඇඳන් අර්බුදයක් පවා මේ වන විට ඇති වී තිබෙන බවය. එසේම…

Read More

ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් රටේ තත්ත්වය සලකා තාවකාලිකව පසු බසියි.

Microfinance victims in Hingurakgoda temporarily abandon protest

ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් විසින් දින 55 ක් පුරා හිඟුරක්ගොඩ රාජසභා ස්මාරකය අබියස ගෙන ගිය සත්‍යග්‍රහය රටේ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සලකා ඊයේ  (1) දින තාවකාලිකව නතර කර ඇත. පහුගිය මාර්තු 08 දා ආරම්භ කළ මෙම සත්‍යග්‍රහයට ඊයේ (01) වන තුරු කිසිදු අදාල බලධාරියෙක් අවධානය යොමු කර තිබුණේ නැත. ක්ෂුද්‍ර මූල්‍ය ණය හේතුවෙන් විපතට පත් වූ කාන්තා එකතුව විසින් සිය සත්‍යග්‍රහය තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් මෙහි කැඳවුම්කරු ගොවි නායක කවුඩුල්ලේ ජයතිස්ස මහතා පවසන්නේ වසංගත උවදුර පහව ගිය සැණින් සත්‍යග්‍රහය නැවත ආරම්භ කරන බවය. සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන…

Read More

රටක ආර්ථිකය නැංවීමට මුලිකවම බලපාන්නේ එරට ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප

economic crisis in Sri Lanka capital market central bank

වරලත් ගණකාධිකාරී හර්ෂ ගුණසේන රටක  ආර්ථිකය නැංවීමට එරට සමාජ චින්තනයට අමතරව ව්‍යාපාරික ප්‍රජාවගේ ආකල්ප ද බෙහෙවින් බලපායි. ව්‍යාපාරයක් යනු අත්‍යන්තයෙන්ම තරඟකාරී එකකි. එය තරඟ කල යුත්තේ සමාන ව්‍යාපාර සමග පාරිභෝගිකයා දින ගැනීම සඳහා ය. තරඟයක් නොමැති අවස්ථා වලදී පවා  පාරිභෝගිකයා හෙවත් තමන්ගේ භාණ්ඩ හෝ සේවා හෝ ලබාගන්නා තැනැත්තාට ප්‍රමිතියෙන් ඉහළ දෙයක් දීම සාමාන්‍ය මනුෂ්‍ය ගුණධර්ම අනුවද අත්‍යවශ්‍ය දෙයකි. සමහර ව්‍යාපාරිකයන් තරඟ කරන්නේ පාරිභෝගිකයා සමඟය. පාරිභෝගිකයා ගෙන් වැඩිම ලාභයක් ලබන්නේ කෙසේදැයි ඔවුහු කල්පනා කරති. මෙය ඉතාම කෙටි කාලීන ක්‍රියාවකි. ලෝකය පවතින්නේ දීම සහ ගැනීම මතය. රාජ්‍ය සේවකයා සිය සේවය ජනතාවට දී…

Read More

කොවිඩ් වසංගතය හා දක්ෂිණාංශික දේශපාලනය : විකල්ප කතිකාව

Covid epidemic and right-wing politics

දේශපාලනයේදී බොර දියේ මාළු ඇල්ලීම යනුවෙන් හැඳින්වෙන්නේ රටක පවතින අර්බුදකාරී ත්ත්වය ප්‍රයෝජනයට ගෙන දේශපාලන බලය අත්පත් කර ගැනීමට කරන උත්සාහයයි. මෙය බොහෝවිට රැඩිකල් දක්ෂිණාංශ මෙන්ම රැඩිකල් වම ද ප්‍රයෝජනයට ගනු ලබයි. අද වන විට වසරකට වැඩි කාලයක් ගතවී ඇති කොවිඩ් වසංගතය, වසර සියයක පමණ කාලයකදී ලෝකයම මුහුණ දුන් විශාලතම සෞඛ්‍ය අර්බුදය බවට පත්ව ඇත. මීට වසර සියයකට ඉහත දී ස්පාඤ්ඤ උණ නමින් හැඳින් වූ වසංගතයෙන් පසු මිනිස් සංහතිය මුහුණ දෙන ප්‍රථම ගෝලීය වසංගතය මෙයයි. ආරම්භයේදීම විවිධ රටවල් එක් එක් ආකාරයේ උපක්‍රමයන් තුළින් මෙම රෝගය දමනය කිරීම උත්සාහ කළ නමුත් මේ…

Read More