කොවිඩ් මෘතදේහ භූමිදානය ජීනිවා වලට ධනාත්මක බලපෑමක්!

මාස දහයක් ප්‍රමාද වුවද, දැඩි අභ්‍යන්තර විරෝධතා හමුවේ කොවිඩ් ආසාදිත මෘතදේහ භූමදානය කිරීමට අවසර දීමට රජය ගත් තීරණය ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ පැවති සාකච්ඡාවලට ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇතැයි ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය පවසයි.

ජාතික සාම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා ඇති අතර එහි සඳහන් වන්නේ. මෙම තීරණය ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුරවැසියන්ට ඔවුන්ගේ ගැඹුරු හැඟීම් වලට රජය අවසානයේ ප්‍රතිචාර දක්වා ඇති බවට හැඟීමක් ඇති කිරීමට ද ඉවහල් වනු ඇති බවය.

කොවිඩ් වින්දිතයින් භූමදානය කිරීමට අවසර දීමට රජය ගත් තීරණය බොහෝ කල් ගත වු අතර මාස දහයක් තිස්සේ මෙම ප්‍රතිපත්තිය මගින් කොවිඩ් ආසාදිතව මිය ගිය මෘතදේහ භූමදානය කරන ලෙස ආගමික විශ්වාසයන් ඉල්ලා සිටි අයට අනවශ්‍ය ශෝකයක් ඇති වු බව පෙන්වා දී ඇත.

සෞඛ්‍ය හේතු මත කෝවිඩ් වින්දිතයින්ගේ ආදාහනය බලාත්මක කිරීමේ තීරණයට විද්‍යාවට කිසිදු පදනමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ  කමිටුව සහ ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය පෙන්වා දිමෙන් අනතුරුව  කෝවිඩ් භූමදානය සඳහා අවසර ලබා දෙන බවට මුල් නිවේදනය කළ අගමැති මහින්ද රාජපක්ෂගේ දේශපාලන ධෛර්යය ගැන  ජාතික සාම මණ්ඩලය මෙම නිවේදනයෙන් ඇගයීමට ලක් කර ඇත.

මෙම තීරණය මගින් රජයේ ප්‍රතිපත්තිය රටේ බහු වාර්ගික, බහු ආගමික, බහුභාෂා සහ බහු සංස්කෘතික දේශපාලනයේ සියලු කොටස් විසින් සාධාරණ වන වඩාත් ඇතුළත් කළ හැකි ප්‍රතිපත්තියක් වෙත යොමු කරනු ඇතැයි අපේක්ෂා කරන බවද ජාතික සාම මණ්ඩලය බලාපොරොත්තු වේ.

ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ඉහළ නැංවීම, යහපාලනයේ මූලධර්ම ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලාංකික ස්වෛරීභාවයේ පරාමිතීන්ට අනුකූල වන නිර්දේශයන්ට එකඟ වන ලෙස ජාතික සාම මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.

-ශානි-

Social Sharing
නවතම