ලංකාවේ මාධ්‍යයට අහිතකර ජනවාරිය

ලංකාවේ මාධ්‍යයට අහිතකර ජනවාරිය

තවත් ජනවාරියක් අවසන් විය. ජනවාරි මාසය ලංකාවේ නිදහස් මාධ්‍ය සංස්කෘතියට විශාල බලපෑම් ඒල්ල කළ මාසයක් ලෙස සැලකේ. පසුගිය කාලය තුළ ප්‍රගීත් ඒක්නැලිගොඩ අතුරැදහන්කරවීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, සිරස මාධ්‍ය ආයතනය ගිණිතබා විනාශ කිරීම ඇතුලු බොහෝ බරපතල සිද්ධීන් ජනවාරි මාසයන් තුල සිද්ධ විය. ඒම නිසා ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස වෙනුවෙන් කටයුතු කරනු ලබන සංවිධාන ජනවාරි මාසය කළු ජනවාරියක් ලෙස නම් කර තිබේ.

ඒසේ දශක කිහිපයක් තිස්සේ සිදු කළ මාධ්‍ය මර්ධනය නිසා පාලකයින් බලාපොරොත්තු වූ ආකාරයේ මාධ්‍ය සංස්කෘතියක් වර්තමානයේ රට තුළ නිර්මාණය විය. ඒ් හේතුවෙන් අද මාධ්‍යවේදීන් හා දේශපාලඥයින් අතර තිබූ වෙනස වේගයෙන් වියැකෙමින් තිබෙන අතර, අද පවතින බොහෝ මාධ්‍ය ආයතනත්, ඒහි කටයුතු කරනු ලබන මාධ්‍ය සේවකයින් ද දේශපාලඥයින්‌ගේ රෑකඩ බවට පරිවර්තනය වෙමින් තිබේ.

ගරුකටයුතු වෘත්තීයක් ලෙස පැවති මෙම වෘත්තීය අද දේශපාලකයාට කඩේ යන, ඔවුන්ගේ රෙදි අපූල්ලන, ඔවුන්ව ප්‍රමෝට් කරන ව්‍යාපෘතියක් බවට පත්ව ඇත. නමුත් මේ අතරින් ඉතා අතලොස්සක් වූ පිරිසක් තවමත් විවිධ දුෂ්කරතා, පීඩාවන් යටතේ, හරි හැටි වැටුපක් හෝ දීමනාවක් නොමැතිව විදේශ රටකට සංක්‍රමණය වීමට ඔ්නෑතරම් අවස්ථාව තිබිය දී පවා තම වෘත්තීය අචාර්යධර්මයන්ට අනූකලව තම වෘත්තීය ගරගෙන යාම පිළිබදව අප සතුටු විය යුතුය.

ඒමෙන්ම, ඔවුන් තවමත්, ඝාතණය වූ අතුරැදහන් වූ හෝ කෲර වදහිංසනයට පාත්‍ර වූ තම මාධ්‍ය සගයින් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඩ නගමින් සිටී. ඒහි ප්‍රථිපලයක් ලෙස පසුගිය යහපාලන රජය තුළ දී මෙවැනි සිද්ධි කිහිපයක් සම්බන්ධව පැවැත් වූ විමර්ෂණයන්ගෙන් පසුව අධිකරණයේ නඩු පවරනු ලැබුවත්, ඒම නඩු කඩිනමින් ඉදිරියට ගෙනයාමට අවශ්‍ය යාන්ත්‍රණයක් ස්ථාපිත නොකිරීම හේතුවෙන් මෙම නඩු කටයුතු ඉදිරියට ගෙනයාමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත.

ඒමෙන්ම, නීතිපතිවරයා විසින් පැවරෑ මෙම නඩු ඔහු විසින්ම නැවත ඉල්ලා අස්කර ගැනීමේ සූදානමක් ඇති බවට වාර්තා වන අතර, මෙම සිද්ධි සම්බන්ධව කැපවීමෙන් විමර්ශණයන් පැවැත් වූ නිලධාරීන්ට ඒරෙහිව විවිධ ක්‍රියාමාර්ගයන් දියත් වෙමින් තිබෙන බවද දක්නට ලැබේ.

ලංකාවේ පවතින මෙම පසුගාමී මාධ්‍ය සංස්කෘතිය හේතුවෙන්, ඊට විකල්පයක් ලෙස සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය වේගයෙන් දියුණු වූ අතර, ඒය පරිහරණය කරන්නන්ගේ ප්‍රමාණය ද මේ වන විට මිලියන හත ඉක්මවා ගොස් තිබේ. මෙම අලුත් මාධ්‍ය සම්ප්‍රදාය නිර්මාණය නොවන්නට අප නවීන ලෝකය තුළ අතරමං වූ ජාතියක් බවට පත්වීමට නියමිතව තිබුනි.

සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය වේගයෙන් දියුණු වීමත්, ඒ හරහා විවිධ දක්ෂතා ඇති අය සම්බන්ධ වීමත්, හේතුවෙන් අද තොරතුරැ ලබා ගැනීම හා තොරතුරැ හුවමාරුව සදහා ඇති සුදුසුම මාධ්‍ය බවට, සමාජ මාධ්‍ය පරිවර්තනය වී තිබේ.

පසුගිය රජය මෙන්ම, වත්මන් රජයද මෙම සමාජ මාධ්‍ය පාලනය කිරීම සදහා විවිධ උපක්‍රම යොදමින් සිටින අතර, ඒහි යම් කිසි අයුරින් සීමාව ඉක්මවා කටයුතු කලා යැයි චෝදනා ලැබූ සමාජ මාධ්‍ය භාවිතා කරැවන් කිහිපදෙනෙකු අල්ලා ඔවුන්ට විරැද්ධව නීතිමය පියවර ගත් අවස්ථා කිහිපයක් පිළිබදව පසුගිය දින වල වාර්තා විය.

සාහිත්‍යකරුවෙකු වූ ශක්තික සත්කුමාර, නිදහස් සාමජ මාධ්‍යකරුවෙකු වූ රම්සි මොහොමඩ් රසීක් ඇතුලු කිහිප දෙනෙකුට ඒසේ නීතිමය පියවර ගනු ලැබූ අතර, ඒක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් ප්‍රඥ්ඥප්තියට අනුකූලව ලංකාවේ සම්මත වූ නව ICCPR පණත යටතේ ‌මෙම නිර්මාණකරැවන්ට ඒරෙහිව නඩු පැවරීම විශේෂත්වයක් විය.

ප්‍රවීන මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය මහතා විසින් පලකල ලිපියක 2006 වර්ෂයේ සිට මෙරට මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතන හා ඒම වෘතීය වෙත ජනවාරි මාසයන් හි දී ඒල්ල වූ බලපෑම් හා මර්ධනයන් සදහන් සිද්ධි 51ක වාර්තාවක් ප්‍රසිද්ධ කර තිබුනි. නමුත් ඒහි 2013 ජනවාරි මාසයේ පසු වූ සිද්ධින් වාර්තා වී නොමැති බවද සදහන් වේ. පහත පලවන්නේ ඒම සිද්ධි පෙලගැස්මයි.

පිලිප් දිසානායක

  1. සිරස මාධ්‍ය ආයතනයේ හිමිකරු ඝාතනයට සැළැස්මක් ඇතැයි සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග විසින් හෙළිදරව් කිරීම (2006 ජනවාරි 01)
  2. පාර්ලිමේන්තු මංත්‍රී ටී. මහේශ්වරන් වෙඩි තබා ඝාතනය කිරීම. ඔහු ඝාතනය කරනු ලැබූයේ යාපනයේ කැරෙන ඝාතන පිටුපස සිටින රජයේ සහ අර්ධ මිලිටරි සංවිධාන නුදුරු දිනෙක පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කරන බවට ප්‍රකාශ කොට පැය කිහිපයක් ගත වීමෙන් පසු ය. (2008 ජනවාරි 01)
  3. සිරස රැපවාහිනී ජාලයේ ශක්ති නාලිකාවේ යාපනය විකාශණ තරංග රජයේ අයිටීඑන් නාලිකාව විසින් අත්පත් කර ගැනීම. (2010 ජනවාරි 01)
  4. සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ ගිනි බෝම්බ ප්‍රහාරය. (2009 ජනවාරි 02)
  5. වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයේ පසුගිය සභාපතිවරයාට ජීවිත ආරක්ෂාව පතා යුරෝපා රටකට පලා ඒමට සිදුවීම. (2013 ජනවාරි 02)
  6. යුද්ධයට ඇති ලොකුම බාධාව අතලොස්සක් වන ද්‍රෝහී ජනමාධ්‍යකරුවන්යැයි එවකට හමුදාපති සරත් ෆොන්සේකා විසින් ප්‍රකාශ කිරීම. (2008 ජනවාරි 03)
  7. යාපනයේ විද්යුත් ජනමාධ්‍යවේදියකු වන ඒ. ඩැනියෙල් අත් අඩංගුවට ගත් පොලීසිය ඔහුගෙන් පැය 3ක් ප්‍රශ්න කළේ ය. ඊට හේතුව වූයේ යාපන ආණඩුකාරයා විසින් යාපනයට පැමිණි බ්‍රිතාන්‍ය මංත්‍රීවරයකුට පනවන ලද වාරණයක් සම්බන්ධයෙන් ඔහු පළ කර තිබූ පුවතකි. (2012 ජනවාරි 04)
  8. වීරකේසරී පුවත්පතෙහි ජායරුප ශිල්පි ජෝ ජෙයකුමාර් පුවත් පතෙහි පළ වූ ජායාරූප සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් ප්‍රශ්ණ කරනු ලැබීම. (2006 ජනවාරි 05)
  9. යාපනයේ යාල් තිනක්කූරල් පුවත්පත් කාර්යාලය යුද හමුදාව විසින් වටලා සෝදිසි කිරීම. (2006 ජනවාරි 05)
  10. හිටපු ජනමාධ්‍යවේදියකු වූ ලලිත් සෙනවිරත්න සහ ‛අකුණ’ නම් වෘත්තීය සමිති වාර ප්‍රකාශණයේ මාධ්‍යවේදීන් වූ සිසිර ප්‍රියංකර සහ නිහාල් සේරසිංහ පැහැර ගෙන යාම. එල්ටීටීඊයට සම්බන්ධ යැයි ප්‍රකාශ කොට දරුණු වධ හිංසාවන්ට ලක් කරන ලද ඔවුන්ට එරෙහිව මේ තාක් කිසිදු චෝදනා ගොනු කිරීමක් කර නැත. (2008 ජනවාරි 05)
  1. යාපනයේ උදයන් පුවත් පත වසා දමන ලෙසට කරන ලද ආයුධ ගත් දේශපාලන පක්ෂයක් විසින් කළ තර්ජනය. අනතුරුව එම පුවත්පතට එරෙහිව දරුණූ මර්ධනයක් දියත් විය. (2008 ජනවාරි 06)
  2. සිරස මැදිරි සංකීර්ණයට එල්ල වූ ආරක්ෂක හමුදා පන්නයේ සන්නද්ධ ප්‍රහාරය. මෙම ප්‍රහාරය ඇතුළේ වැඩක් යැයි ආරක්ෂ ලේකම්වරයා විසින් පරීක්ෂණ ආරම්භවීමටත් පෙරම ප්‍රකාශ කළ අතර ප්‍රහාරයට සම්බන්ධයැයි අත්අඩංගුවට ගත් එජාප ප්‍රදේශීය නායකයකු පසුව නිදහස් කරන ලදී. (2009 ජනවාරි 06)
  3. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද විසින් ශක්ති රෑපවාහිනී අධ්‍යෂකවරයකු වූ ජනමාධ්‍යවේදී ශ්‍රී රංගා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ ත්‍රස්තවාදියකු යැයි වාචික ප්‍රහාරයක් එල්ල කිරීම. අනතුරුව ශ්‍රී රංගාට දිගින් දිගටම මරණ තර්ජන එල්ල විය. (2008 ජනවාරි 07)
  4. ජනමාධ්‍යවේදියකු සහ වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම් වූ පෝද්දල ජයන්ත මහතාගේ නිවෙසට මහ රැයෙහි සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් පිරිසක් පැමිණීම. මෙම පොලිස් කණ්ඩායම පැමිණ තිබුණේ කිසිදු නිල ක්‍රමයක් අනුගමනය නොකර ය. (2008 ජනවාරි 08)
  5. රාජ්‍ය පාලිත ජනමාධ්‍ය විසින් දිගින් දිගටම අධිකරණයට සහ අගවිනිසුරැවරියට එරෙහිව කරගෙන යන අපහාසාත්මක ප්‍රචාරයන් පිළිබදව අධිකරණ සේවා කොමිසම සිය කනස්සල්ල පළ කලේ ය. එසේ නමුත් අපහාස ව්‍යාපාරය නොනැවතුනි. (2013 ජනවාරි 07)
  6. යතුරැ පැදි හතරකින් පසුපස එළවා පැමිණි නාදුනන තුවක්කුකාර කණ්ඩායම සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරන ලදී. (2009 ජනවාරි 08)
  7. විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මෙරට ඉංග්‍රීසි පුවත්පත් ගැරහීමට ලක් කරමින් ඒවා පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව වෙත කැඳවිය යුතු යැයි කියා සිටියේ ය. ඔහු කියා සිටියේ එම පුවත් පත් තමාගේ කතා විකෘති කරන බවයි. (2013 ජනවාරි 08)
  8. එස්.බී. දිසානායකගේ නායකත්වය යටතේ නුගේගොඩ දී පැවැත්වීමට නියමිත වූ එක්සත් ජනතා සංධානයේ මංගල රැලිය අමාත්‍ය මර්වින් සිල්වා විසින් නායකත්වය දුන් පිරිසක් විසින් කඩාකල්ලපල් කිරීම සහ එය වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදී ඥාණසිරි කොත්තිගොඩ සහ අජිත් සෙනවිරත්නට පහර දෙන ලදී. (2007 ජනවාරි 09)
  9. ශ්‍රී ලංකාණ්ඩුව වෙබ් අඩවි ලියා පදිංචිය ආරම්භ කලේ ය. ප්‍රථම වරට ලැබුණූ ඉල්ලුම් පත්‍ර 81කින් අනුමත කරන ලද්දේ 21ක් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ගනේගල මහතා පැවසීය. (2012 ජනවාරි 10)
  10. නීතිවේදී එකමුතුව විසින් අලුත් කඩේ අධිකරන සංකීර්නය අසළ සිට ආරම්භ කළ සාමකාමී පා ගමනට ආණ්ඩුවේ මැරපිරිස් විසින් පහර දුන් අතර පොලීසිය මැරවරයින්ගේ ආරක්ෂාව සහතික කළේය. (2013 ජනවාරි 10)
  11. යාපනයේ ජනප්‍රියම දෙමළ පුවත්පත වන උදයන් පුවත් පත බෙදා හරිමින් සිටි සේවකයකුට පහර දුන් යතුරැපැදි කණ්ඩායමක් ඔහුගේ යතුරැ පැදිය සහ බෙදා හැරීමට ගෙන යමින් සිටි පුවත්පත් තොගය ද ගිනි තැබුවේ ය. (2013 ජනවාරි 10)
  12. අධිකරණයට විරැද්ධව පෙළපාලියක් මෙහෙය වූ ඇමැති රිෂාර්ද් බදුර්දීන් විවේචනය කරන වාර්තා පළ කළ මන්නාරමේ ජනමාධ්‍ය වාර්තාකරුවන් තිදෙනෙකුට මරණ තර්ජන සහිත ලිපි එවා තිබුණි. එ.ටී.මාර්ක්, එස්.ආර්. ලැම්බර්ට් සහ එන්.ජේ. බෙලෙස්තුස් එම ජනමාධ්‍ය වේදීන් තිදෙනාය. (2013 ජනවාරි 10)
  13. අම්පාර දිසාවෙහි ජේෂ්ඨතම ජනමාධ්‍ය වේදියකු වන පී.එම්.එම්.ඒ. කාඩර් මහතාට පාලක පක්ෂයේ දේශපාලනඥයකු විසින් දරැණු ලෙස පහර දෙනු ලදුව රෝහල් ගත කිරීමට සිදු විය. මෙම ප්‍රහාරය එල්ල වූයේ සරණාගත පිරිස් පිළිබදව තොරතුරැ රැස් කිරීමට ගොස් සිටි අවස්ථාවකදී ය. (2011 ජනවාරි 11)
  14. ජනාධිපති රාජපක්ෂ දුරකථනයෙන් කතා කොට සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංගට දරුණු ලෙස බැණ වැදීම. ඉන් තෙවසරකට දින හතරක් තිබිය දී පසු ලසන්ත ඝාතනය කෙරුණි. (2006 ජනවාරි 12)
  15. ජනප්‍රිය සහ විපාක්ෂික වෙබ් අඩවියක් වන ලංකා නිවිස් වෙබ් අඩවියට දිගින් දිගටම හැකර ප්‍රහායන් එල්ල වෙමින් පවතින බව එම වෙබ් අඩවිය වාර්තා කලේ ය. එම අඩවිය ශ්‍රී ලංකාන්ඩුව විසින් තහනම් කොට ඇති එකකි. (2012 ජනවාරි 12)
  16. සන්ඩේ ලීඩර් පුවත්පත් කාර්යාලය පොලීසිය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කිරීම (2010ජනවාරි 13)

 

  1. ජනමාධ්‍ය සංවිධානයන්හි ඉල්ලීම නොසළකා ආණ්ඩුව විසින් පිහිටුවන ලද පුවත්පත් කොමිසම වාඩ අරඹන ලද අතර ජනමාධ්‍ය සංවිධාන 08ක් ඊට විරුද්ධත්වය පල කරමින් නිවේදනයක් නිකුත් කරන ලදී. (2011 ජනවාරි 14)
  2. අතුරැදහන් කරන ලද ජනමාධ්‍ය වේදී ප්‍රගීත් එක්නැළිගොඩ විදෙස් රටක වාසය කරන බවය අතේ පැලවෙන මුසාවක් එක්සත් ජාතින්ගේ සංවිධානයට කියූ සහ නීතිපති වශයෙන් ජනමාධ්‍ය වේදීන් ඝාතනය කිරීම සම්බන්ධ කිසිදු පරික්ෂනයක් අවසන් නොකළ මොහාන් පීරිස් අගවිනිසුරැ ධුරයට පත් වීම (2013 ජනවාරි 15)
  3. අගවිනිසුරුවරිය වූ ශිරානි බණ්ඩාරනායක නිල නිවෙසින් පිටවී යෑම වාර්තා කිරීමට ගිය බොහෝ වූ ජායාරැප ශිල්පීනට පොලීසිය තහංචි පැන වූ අතර එම ජනමාධ්‍ය වේදීන්ට සිය අදහස් දැක්වීමට ඇය දැරෑ ප්‍රයත්නයට පොලීසිය ඉඩ දුන්නේ නැත. (2013 ජනවාරි 15)
  4. යාපනය නගරයේ විරෝධතා බැනරයක් අත්සන් කිරීමේ යෙදී සිටි සම අයිතිය ව්‍යාපාරයේ සාමාජිකයන්ටත් ජනමාධ්‍යවේදීන් ඇතුළු රැස්ව සිටි පුරවැසියන්ටත් යුද හමුදා ඇඳුම් හා සමාන ඇදුම් හැද සිටි පිරිසක් පැමිණ කළුතෙල් ප‍්‍රහාරයක් එල්ල කරන ලදී. එදින සම අයිතිය ව්‍යාපාරයේ නියෝජිතවන් යාපනය බලා ගිය වාහනයේ විදුරු කුඩුපට්ටම් කල පිරිසද ආරක්ෂක රැකවල් මැදින් පලා ගියේ ය. (2013 ජනවාරි 15)
  5. ශ්‍රී ලංකාවෙහි පවත්වා ගැනෙන පුවත් වෙබ් අඩවි සියල්ල ජනවාර් 15 දිනට පෙර ගාස්තු වශයෙන් රු.35,000ක් ගෙවියයුතු බවට ජනමාදය අමාත්‍යාංශය නිවේදනය කලේ ය. (2013 ජනවාරි 15)
  6. රාජ්‍ය පාලිත සිළුමිණ නම් පුවත්පතෙහි කතුවරයා විපාක්ෂික අදහස් පතුරවන වෙබ් අඩවි තහනම් කරන ලෙස ඉල්ලා සිටි බව වාර්තා විය. (2011ජනවාරි 16)
  7. මව්බිම පුවත්පතෙහි කතරගම වාර්තාකරුවන චන්දිම අල්විස් මහතාට රජයේ දේහපාලනඥයකු වන අත්තනායක නම් ප්‍රා. සභා මංත්‍රීවරයකු විසින් ඔහු කරන ලද වාර්තාකරනයක් හේතු කොට පහර දෙන ලදී. (2012 ජනවාරි 16)
  8. යාපනයේ තිනක්කූරල් පුවත්පත්ට අයත් තිනකුකූරල් නවාතැනට නාදුනන පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් බරපතල හානි සිදුවිය. මෙම ප්‍රහාරය එල්ල කරන ලද්දේ උතුරෙහි සිදුවන අතුරැදහන්වීම්වලට එරෙහිව පැවැත්වීමට තිබූ පුවත්පත් සාකච්ජාවක් නතර කිරීමට බව වාර්තා විය. (2012 ජනවාරි 17)
  9. ආදායම් බදු දෙපාර්තමේන්තුවෙහි නිලධාරීන් මව්බිම සහ ද සන්ඩේ ස්ටෑන්ඩර්ඩ් පුවතපත් කාර්‍යාලයට ද එම පුවත්පත් හිමිකරුගේ වෙනත් ව්‍යාපාර දෙකකට ද හදිසියේ පැමිණ ප්‍රශ්න කිරීම සහ පුවත්පත් සඳහා වෙළද දැන්වීම් සපයන ආයතන ලැයිස්තුව රුගෙන යාම. පසුව දිගින් දිගටම එල්ල වූ මර්දනය හමූයේ පුවත්පත් දෙකම වසා දැමීමට සිදු විය. (2007 ජනවාරි 18)
  10. අගවිනිසුරැවරියට එරෙහිව ගෙන ආ අනිසි දෝශාභියෝගයට එරෙහිව පැනු නැගුනු පුළුල් විරෝධතාවයේ නායක වැඩ කොටසක් ඉටු කළ ජේෂ්ඨ නිතිවේදීන් හතර දෙනෙකුට මරණ තර්ජන සහිත ලිපි එවා තිබුණි. (2013 ජනවාරි 18)
  11. ප්‍රකාශ් ශක්ති පිල්ලෙයි නම් එල්ටීටීඊයට සම්බන්ධ ජනමාධ්‍යවේදියකු ගුවන් තොටුපළෙහි දී අත් අඩංගුවට ගැනීම. එල්ටීටීඊ කාර්‍යධරයකු වන ඔහුට ව්‍යාජ මාධ්‍ය හැදුනුම් පතක් ලබා දී තිබුණේ මා විසින්යැයි ජනාධිපතිවරයා පුවත්පත් හිමිකරු රුස්වීමක දී කීවේ ය. ත්‍රස්ත විමර්ෂන අංශයේ රඳවාගෙන ඔහු පිළිබඳ කළ සොයා බැලීම් වලින් එල්ටීටීඊ ය සමඟ ඔහුට සබඳතා ඇතැයි සොයා ගැනුනේ නැත. ඔහු අත් අඩංගුවට ගෙන තිබුණේ ඔහුම සකසා ගත් ව්‍යාජ ජනමාධ්‍ය හැඳුනුම් පතක් තිබූ නිසා ය. ඔහුට සිදු වූයේ කුමක්දැයි කිසිවකු දන්නේ නැත. (2009 ජනවාරි 22)
  12. ත්‍රි‛මලයේ මාධ්‍යවේදී සුගීර්ධරාජන් වෙඩි තබා ඝාතනය කිරීම. (2007 ජනවාරි 24)
  13. රිවිර පුවත්පතෙහි කර්තෘ උපාලි තෙන්නකෝන් ඝාතනය කිරීමේ අරමුණින් එල්ල වූ සන්නද්ධ ප්‍රහාරය. සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා නොකළ බව ජනමාධ්‍යට ප්‍රකාශ කළ ඔහු පසුව රට හැර ගියේ ය (2009 ජනවාරි 24)
  14. ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම. ඔහු ස්ව කැමැත්තෙන් සැඟව සිටින්නේ යැයි රාජ්‍ය ගැති ප්‍රචාරකයින් දැවැන්ත ව්‍යාපාරයක් දියත් කළේ ඔහුගේ අතුරුදහන්වීම පිළිබඳ පරීක්ෂණ නොමඟ යැවීමට හෝ නතර කිරීමට ය. (2010 ජනවාරි 24)
  15. ජනමාධ්‍ය වාරණයක් අත්‍යවශ්‍ය බවත් යුද හමුදාවන් ගැන ලිවීම කිසිසේත්ම අවශ්‍ය නොවන බවත් ආරක්ෂ ලේකම් රාජපක්ෂ පුවත්පතකට ප්‍රකාශ කිරීම. ඉන් අනතුරුව යුද මෙහෙයුම් සම්බන්ධයෙන් විවේචනාත්මක වාර්තා සැපයූ ජනමාධ්‍යවේදීන් දෙදෙනෙකුට දරුණූ මරණිය ප්‍රහාරයන් එල්ල විය. (2008 ජනවාරි 25)
  16. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිශ්පාදකකවරයකු වූ ජනමාධ්‍යවේදී ලාල් හේමන්ත මාවලගේ රාත්‍රි සිය නිවස බලායන අතරතුර ඔහුට දී තියුණු ආයුධයකින් පහර දීම, . මෙම ප්‍රහාරයෙන් ඔහුගේ දකුණු අත දරුණූ ලෙස කැපී ගිය අතර ශල්‍ය කර්මයකට ද භාජනය කරන ලදී. මෙම සිදුවීම අමාත්‍ය මර්වින් ද සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ (2008 ජනවාරි 25)
  17. ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නිදහස සඳහා කටුයතු කරන ජනමාධය සංවිධාන සහ ජනමාධ්‍යවේදීන් එල්ටීටීඊ සංවිධානයේ අරමුදලින් යැපෙන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කලේ ය. (2012 ජනවාරි 26)
  18. තිනකරන් දිනපතා පුවත් පතෙහි සහාය කර්තෘ සුහීබ් එම්. කසීම්ට එල්ල වූ කිණිසි ප්‍රහාරය. මෙම ප්‍රහාරයට පෙර ලේක්හවුස් සභාපති විසින් සුහීබ් දැරූ තනතුරෙන් මාරුකර යවා තිබූ අතර ප්‍රහාරය ඊට සම්බන්ධ යැයි සැළකේ. (2008 ජනවාරි 28)
  19. ලංකා පුවත්පතෙහි කර්තෘ චන්දන සිරමල්වත්ත අත් අඩංගුවට ගන්නා ලදී. කිසිදු චෝදනාවක් නැතිව පෙබරවාරි 16දා ඔහු නිදහස් කරන ලදී. (2010 ජනවාරි 28)
  20. නිදහස නිව්ස් නම් ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් වෙබ් අඩවිය වාරණය කිරීම (2010 ජනවාරි 28)
  21. රැපවාහිනී සංස්ථාවේ වැඩසටහන් නිශ්පාදක රවි අබේවික්‍රමට එහි සභාපතිවරයා විසින් පහර දීම. ඉට හේතුව වූයේ සමබර මැතිවරණ වාර්තාකරණයක් ගෙන යන ලෙස මාධ්‍ය පිරිස් කරන ලද උද්ඝෝෂණය යි. (2010 ජනවාරි 28)
  22. ශ්‍රී ලංකා රෑපවාහිනී සංස්ථාවේ මාධ්‍ය සේවක දුලීප් දුෂ්‍යන්ත ඝාතනය කිරීමේ අරමුණින් පිස්තෝලකරුවන් දෙදෙනෙකු රාත්‍රියෙහි ඔහුගේ නිවසට කඩා වැදීම. මෙම සිදුවීම අමාත්‍ය මර්වින් ද සිල්වා 2007 දෙසැම්බර් 27 දින රෑපවාහිනී සංස්ථාවට කඩා වැදීම ඊට එරෙහිව එහි ජනමාධ්‍ය ප්‍රජාව දැක්වූ විරුද්ධත්වයට කරන ලද පළිගැනීමක් වශයෙන් සළකනු ලැබේ. (2008 ජනවාරි 29)
  23. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන්නේ යැයි සිරස මාධ්‍ය ජාලයේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට තීරණය කිරීම. නමුත් පසුව එම තීරණය ක්‍රියාත්මක නොකිරීමට තීරණය කරන ලදී. (2010 ජනවාරි 29)
  24. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ කාර්‍යාලය මැරවර පිරිස් විසින් වැටලීම (2010 ජනවාරි 29)
  25. ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාට සහාය දුන් ජවිපෙට සම්බන්ධ ලංකා පුවත් පත් කාර්‍යාලයට මුද්‍රා තැබීම” පසුව කිසිදු චෝදනාවක් නැතිව එම මුද්‍රා ඉවත් කරන ලදී. ( 2010 ජනවාරි 29)
  26. ජනප්‍රිය ත්‍රෙ භාෂා වෙබ් අඩවියක් වන ලංකා ඊ නිව්ස් හි කාර්‍යාලයට නාදුනන මැරවරයින් විසින් ගිනි තබන ලදී. ගින්නෙන් කාර්‍යාලයේ පරිගණක සමඟ මිල කළ නොහැකි පුස්තකාලය සහමුලින්ම දැවී ගියේ ය. (2011 ජනවාරි 31)
Social Sharing

Related posts