මරණ දණ්ඩනයකින් තම සහෝදරයා බේරා ගැනීමට සහෝදරියක් කළ වසර 56ක අරගලය

91 හැවිරිදි Hideko Hakamata, ලොව වැඩිම කාලයක් මරණ දණ්ඩනයට නියම වූ තම සොහොයුරා නිදහස් කර ගැනීමට සිය ජීවිතයෙන් අඩක් සටන් කළාය.

 

ජපානයේ හමමත්සු (Hamamatsu) හි වාසය කරන 91 හැවිරිදි හිදෙකෝ හකමතා (Hideko Hakamata) සිය සහෝදරයා වන ඉවාඕ හකමතා (Iwao Hakamata) නිදහස් කරගැනීම සඳහා වර්ෂ 1968 සිටම අරගල කළාය.

ඉවාඕ හකමතා (Iwao Hakamata) කම්හලක සේවය කිරීමට පෙර වෘත්තීය බොක්සිං ක්‍රීඩකයෙකි. 1966 දී, ඔහුගේ ආයතනයේ ප්‍රධානියා, ප්‍රධානියාගේ බිරිඳ සහ ඔවුන්ගේ නව යොවුන් වියේ දරුවන් දෙදෙනා පිහි ඇනුමකින් මිය ගොස් ඇත. ඔවුන්ගේ නිවසද ගිනි තබා යෙන් ලක්ෂ දෙකක් සොරකම් කර ඇත.

පොලිසිය ඉවාඕ (Iwao) අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරීක්ෂා කළේය. මුලදී, ඉවාඕ (Iwao) පැවසුවේ ඔහු එම අපරාධය නොකළ බවයි. එහෙත් දීර්ඝ ප්‍රශ්න කිරීම්වලින් හා පහරදීම්වලින් පසු ඔහු එම වරද කළ බවට පාපොච්චාරණය කළේය. වසර දෙකකට පසු ඔහුට මරණ දඬුවම නියම විය.

1968 දී සිව් පුද්ගල මිනීමැරුමක් සම්බන්ධයෙන් ඉවාඕ හකමතා (Iwao Hakamata) ට මරණ දණ්ඩනය නියම වූ දා සිට හිදෙකෝ විසින් ඉවාඕගේ නඩුව යළි කැඳවීම සඳහා සටන් කරමින් සිටියේය. 2014 දී නඩුව නැවත විභාග කිරීමට අධිකරණය එකඟ විය. දැන් වයසක කාන්තාවක් වන හිඩෙකෝ තම සහෝදරයා වෙනුවෙන් කතා කිරීමට උසාවියට ​​පැමිණියාය.

වසර ගණනාවක් හිදෙකෝ ඇගේ සහෝදරයාගේ නීතිඥයා ලෙස කටයුතු කළාය. සැක සහිත සාක්ෂි නිසා ඔහුගේ නඩුව අවධානයට ලක් විය. කර්මාන්ත ශාලාවේ මිසෝ ටැංකියක තිබී රතු පැහැති ඇඳුම් සොයා ගන්නා ලද අතර එම ඇඳුම් ඉවාඕට අයත් බව පැමිණිල්ල ප්‍රකාශ කළ නමුත් විත්තිකරු තර්ක කළේ එම ඇඳුම්වල තිබෙන ලේ පැල්ලම් ඉවාඕගේ රුධිරය සමග නොගැලපෙන බවයි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැමිණිල්ල විසින් ඉවාඕට එරෙහිව සාක්ෂි ගොතා ඇති බවට විනිසුරුවරයා තීරණය කළ අතර ඉවාඕ (Iwao) නිර්දෝෂී බව ප්‍රකාශ කළේය.

වසර 56 කට පසු එනම් ඉවාඕ හකමතා (Iwao Hakamata)ට වයස අවුරුදු 88 දී ඔහුගේ නිර්දෝෂී බව ඔප්පු වූයේ ජපානයේ පැවැති දීර්ඝතම නඩු විභාගය අවසන් කරමිනි.

උසාවිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විට, හිඩෙකෝ කඳුළු සලමින් සැනසුණාය. “මම අඬන කෙනෙක් නෙවෙයි, නමුත් මට පැයක් නවත්වන්න බැරි වුණා,” ඇය පැවසුවාය.

2024 සැප්තැම්බරයේදී, ජපාන අධිකරණය විසින් ඉවාඕ හකමතා (Iwao Hakamata) නිර්දෝෂී පුද්ගලයෙකු බව ප්‍රකාශ කළ විට, සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට ඉවාඕට නොහැකි විය. හිදෙකෝ සිය සහෝදරයා අමතා ඔහු මරණ දඬුවමෙන් නිදහස් බව ඔහුට කී නමුත් ඔහු නිශ්ශබ්දව සිටියේය. ඇය සඳහන්කළ දෙය තේරුම් ගැනීමට තරම්වත් ශක්තිමත් මානසිකත්වයකින් යුක්තව ඉවාඕ නොසිටියේය.

ඉවාඕගේ නඩුව ඔහුගේ දුක් වේදනා පමණක් නොව ජපානයේ අධිකරණ පද්ධතියේ කටුක පැත්තද පෙන්නුම් කළේය. ජපානයේ මරණ දණ්ඩනය නියම වූ සිරකරුවන්ට ඔවුන්ව මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම ගැන කියන්නේ එය සිදුවීමට පැය කිහිපයකට පෙරය. ඔවුන් සෑම දිනකම ජීවත් වන්නේ එය ඔවුන්ගේ අන්තිම මොහොත වේදැයි නොදැන ය.

හිටපු මරණ දණ්ඩනය නියම වූ සිරකරුවෙකු වූ මෙන්ඩා සකේ ඔහුගේ වසර 34ක සිරගතව සිටීම ගැන මෙසේ ලිවීය: “සෑම උදෑසනකම මට දරුණු කනස්සල්ලක් දැනුනි. ඒ දවස මගේ අන්තිම දවස වෙයිද කියලා මම කවදාවත් දැනගෙන හිටියේ නැහැ.

විශේෂඥයන් පවසන්නේ මෙම කටයුත්ත කුරිරු බවත් ඒ හරහා සිරකරුවන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු නරක අතට හැරෙන බවත්ය. ඉවාඕට ඔහු නොකළ අපරාධයක් සඳහා වසර 40 කට වැඩි කාලයක් හුදකලාව සිරගතව සිටීමෙන් විශාල හානියක් සිදු විය. කෙසේ වෙතත්, Iwao තවමත් අරගල කරයි. ඔහු තම කුඩා සිර මැදිරියේ කළාක් මෙන් පැය ගණන් එහා මෙහා යයි.

දැන්, ඇයගේ එකම ඉලක්කය වන්නේ ඉවාඕට (Iwao) සාමකාමීව ජීවත් වීමට ඉඩ ලබා දීමයි. ඇය විසින් සෑම දිනකම ඔහුගේ මුහුණේ රැවුල බෑම, හිස සම්බාහනය කිරීම සහ ඔහුගේ කෑම පිළියෙළ කරයි. 2014 දී නිදහස් වීමෙන් පසු ඉවාඕ, හිඩෙකෝගේ රැකවරණය යටතේ ජීවත් වේ. දැන් 91 වන වියේ පසුවන හිදෙකෝ හකමතා (Hideko Hakamata) තවමත් සෑම දිනකම තම සහෝදරයා රැකබලා ගනී.

“මම තවදුරටත් අතීතය ගැන සිතන්නේ නැහැ, මට අවශ්‍ය වන්නේ ඉවාඕට නිශ්ශබ්ද හා ප්‍රීතිමත් ජීවිතයක් ගතකිරීමට ඉඩ ලබා දීමයි.” හිදෙකෝ පවසයි.

සටහන
Srimal DC

Social Sharing
අවකාශය නවතම පුවත් විදෙස්