වසර 40කට එහා දිවෙන අතීතතයක් තියෙන, ඉතාම නිවුණු වර්තමානයක් සහිත මේ සහෝදර ඇසුර තරම මානවීය බැඳීමක් මම ජීවිතයේ අත්දැක නැහැ. අපේ ඇසුරේ අක්මුල් ඇත්තේ පවුල් අතර තිබූ බැඳීමකින් වුවත්, අප දෙදෙන ඉන් පරිබාහිර මිතුරන් බවට පත්වන්නේ පාසැල් බස් රියේ එකට පාසැල් ගිය සමයෙන්. ඉනික්බිති පාසැල් සමය නිමාකර ලුම්පන් ජීවිත වලට පිවිසෙන අප රැකියා සොයමින් හා සුලු රැකියා කරමින් උසස් අධ්‍යාපනයද ලබමින් එක මොහොතක එකම ආයතනයක රැකියාවට පිවිසී ජීවිතය පටන් ගන්නවා. එකට කවි ලියූ, එකට චිත්‍රපට නැරඹූ, එකම බත් පාර්සලය බෙදාගෙන කෑ, අතේ කීයක් හෝ ගැවසුන මොහොතක මහනුවර ග්‍රීන් කැෆේ හි ඉහළ මාලයේ බීර බී වෙරි වූ, පේරාදෙණිය කැම්පස් වලේ නාට්‍ය …
වැඩිපුර කියවන්න