එක්සත් ජනපද පොලීසිය ජෝර්ජ් ෆ්ලොයිඩ් ඝාතනය කිරීම බිහිසුනු අපරාධයකි. අප්රිකානු ඇමරිකානුවෙකු වූ ෆ්ලොයිඩ් සඳුදා පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් බිම හෙලා පොලවට තදකරගෙන ගෙල සිරකිරීමෙන් අනතුරුව මිය ගියේය. ඔහුට යන්ට හරින ලෙස ඉල්ලා කෑගැසූ සෙනඟ ඉදිරියේ මෙය සිදුවිය. අපරාධයේ වැඩි හරියක් අසල සිටි අයෙකුගේ වීඩියෝ කැමරාවට සහ නිරීක්ෂන කැමරාවලට හසු විය. ඩෙරෙක් ෂෝවින් නමැති සුදු පොලිස් නිලධාරියා, ඔහුගේ දනහිසෙන් මිනිත්තු ගණනාවක් ෆ්ලොයිඩ්ගේ ගෙල තදකරගෙන සිටිනු එක් වීඩියෝ දසුනක දැක්වෙයි. 46 හැවිරිදි ෆ්ලොයිඩ් මෙසේ කියනු ඇසින. “මට හුස්ම ගන්ට බෑ, ඔබ මාව මරන්න යනවා! ” ඩොලර් දහයක හොර නෝට්ටුවක් භාවිතා කිරීමට උත්සාහ කල බවට වෙලඳසැලකින් ලැබුනු දුරකථන ඇමතුමකින් පසුව ෆ්ලොයිඩ් අල්ලා ගනු …
වැඩිපුර කියවන්න