ලක්ෂ 75ක් අල්ලස් ඉල්ලු සුරා බදු නිලධාරීන්ට එරෙහිව අල්ලස් කොමිසමෙන් කිසිඳු පරීක්ෂණයක් නෑ..

වර්ෂ 2023 ජනවාරි මස 2 වන දින වැලිගම මිදිගම පිහිටි “චිකිමන්ති” හෝටලය වෙත කඩා වැදුණු, රාජගිරියෙහි පිහිටි, ශ්රී ලංකා සුරාබදු ඒකකයෙහි නිලධාරීන්, එහි හිමිකරු සහ සේවකයින් අට පහරදී, හිමිකරු එම නිලධාරීන් විසින් ඔවුන්ගේ රාජගිරිය පිහිටි සුරාබදු දෙපාර්තමේන්තුව වෙත රැගෙන ගොස් ඇත.
සුරා බදු ඒකකයෙහි නිලධාරීන් හෝටලයේ හිමිකරුගේ සහෝදරයා අමතා “ඔයාගේ අයියා අප ළඟ සිටිනවා අපි එයාට හෙරෝයින් ළඟ තබා ගැනීමේ වරදට දණ්ඩ නීති සංග්රහයේ 54 වගන්තිය යටතේ නඩු පවරන බව” පවසා ඇත.
සුරාබදු
එසේ නොකිරීමට නම් එහි නිලධාරියකු වන තමා හට රුපියල් ලක්ෂ 75 මුදලක් ලබා දෙන ලෙස පවසා ඇත මේ අවස්ථාවේ ඔහු පවසා ඇත්තේ අප කිසි දිනක මත්ද්රව්ය ජාවාරම් නොකරන බවත් එසේ මුදලක් ලබාදිය ට අපහසු බවත්, එසේ නොකළහොත් තම සහෝදරයා පනස් හතර වගන්තිය යටතේ නඩු පවරන බව පැවසීම හේතුවෙන් තම සහෝදරයා බේරා ගැනීමේ අරමුණින් එම නිලධාරීන් හට රුපියල් ලක්ෂ පණහක මුදලක් ලබා දී ඇත.
සුරාබදු
මේ පිළිබඳව 2023 ජනවාරි මස 6 වැනි දින ලිඛිත පැමිණිල්ලක් මගින් සහ ලිඛිත සාක්ෂි මගින් සභාපතිතුමා, අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිසමට දැන් වුවද, එහි පරීක්ෂණ සිදු කරන බව පැවසුවද මේ දක්වා කිසිදුුන් සාක්ෂි විමක් හෝ වෙනත් කිසිදු ක්රියාමාර්ගයක් ගෙන නොමැත.
නැවත අගතියට පත් පාර්ශවය කරුණු විමසීමේ දී 2025 පෙබරවාරි මස 02දින, බීසී 146/2023 ලිපිය මගින් දන්නා ඇත්තේ. 2023-01-09 දින පැමිණිල්ලට අදාළව විමර්ශනයක් සිදුකිරීමට කොමිෂන් සභාව තීරණය කර ඇති බව. එහෙත් මේ දක්වා එහි කිසිදු සාක්ෂි විමසීමක් හෝ කරුණු පරීක්ෂාවක් සිදු කර නොමැත.
“ඉමදුව” මානව හිමිකම් ප්රථමාධාර මධ්යස්ථානය – 0760943638
Social Sharing
අවකාශය නවතම