මුදල් අමාත්‍යංශ විසින් සුරාබදු දෙපාර්තමේන්තුව, දේශීය ආදයම් දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා රේගුව වෙත ලබා දී තිබු බදු ඉලක්ක පසුකරමින් ඉන්නා බව ඉහත දෙපාර්තමේන්තු පෙන්වා දී තිබේ.
ඒ් අනුව සුරාබදු දෙපාර්තමේන්තුව 2025 වසරේ පළමු මාස 6 තුළ රුපියල් බිලියන 120.5 ක බදු ආදායමක් වාර්තා කර ඇත. එය වසර මැද ආදායම් ඉලක්ක 2.6%ක පසුකර යාමක් බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. ඒම දෙපාර්තමේන්තුවේ 2023 වර්ෂයේ බදු ආදායම රු.බි 178.1 බවත්, 2024 වර්ෂයේ බදු ආදායම රු.බි 226.7 බවත් වාර්තා වේ.
මේ අතර දේශීය අදායම් දෙපාර්තමේන්තුව 2024 වර්ෂය සදහා රුපියල් බිලියන 2620.07ක බදු ආදායමක් වාර්තා කර තිබේ. එය 2023 වසර ට සාපෙක්ෂව 42.2%ක වර්ධනයක් බව වාර්තා වේ. 2023 වසරේ දී ලැබී ඇති මුළු බදු ආදායම රු.බි 1844.32ක් බව වාර්තා වේ. නමුත් 2024 වර්ෂයේ ඔවුන්ගේ ඉලක්කය වී තිබුනේ රු.බි 2740 ක් බව සදහන් වන අතර එම ඉලක්කයෙන් 95.61%ක ප්‍රගතියක් වාර්තා කර තිබේ.
අතීතයේ සිට රජයේ බදු ආදයමෙන් 40%ක දායකත්වයක් සපයන ශ්‍රී ලංකා රේගුව පසුගිය මාස 6ට රුපියල් ට්‍රිලියනයක බදු ආදායමක් උපයාගෙන ගෙන තිබේ. එම ඉලක්කය පසු කිරීමට 2024 වසරේදී මාස 9ක් ගත වූ බව රේගුව පවසයි. 2025 වසරේ බදු ඉලක්කය රු.බි 2115ක් බවත් මේ වන විට ඒම ඉලක්කයෙන් 47.3% ක සම්පුර්ණ කර ඇති බවත්, වසර අවසානය වන විට රජයේ ලබා දී ඇති ඉලක්ක පසුකර යාමට හැකි වෙනු ඇති බවත් රේගුව පවසයි.