හඬපටයක් නිසා තායි ඇගමැතිනිගේ වැඩ තහනම්

කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග සිදු කළ දුරකතන සංවාදයක් කාන්දු වීම හේතුවෙන් ඉල්ලා අස්වන ලෙසට දැඩි බලපෑමකට ලක්ව සිටින තායිලන්ත අගමැතිනි පේටොංටාර්න් ෂිනවත්‍රා ධූරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය මගින් අත්හිටුවා ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.

තායිලන්ත අගමැතිනිය කාම්බෝජ හිටපු නායකයාට “uncle” ලෙස අමතා තායි හමුදා අණ දෙන නිලධාරියෙකු විවේචනයට ලක්කල බව ෂිනවත්‍රාට එල්ලවී ඇති ප්‍රධාන චෝදනාවයි. මේ හේතුව මත ඇයව සේවයෙන් පහ කරන ලෙස ඉල්ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් විය. මේ වන විට ඇයගේ සේවය අත්හිටුවීමට ව්‍යවස්ථා අධිකරණය තීරණය කර තිබේ.

තවමත් 38 වන වියේ පසු වන පේටොංටාර්න් ෂිනවත්‍රා එරටට පත් වූ ළාබාලතම අගමැතිනිය වූ අතර ඇයගේ නැන්දණිය වන යින්ග්ලක්ට පසුව එම තනතුර දරන දෙවන කාන්තාව ඇය විය.

මේ අතර, නියෝජ්‍ය අගමැතිනිය වැඩබලන නායිකාව ලෙස කටයුතු කරන බවත්, අගමැති ෂිනවත්‍රාගේ සේවය අත්හිටුවීමට පැය කිහිපයකට පෙර අනුමත කරන ලද කැබිනට් සංශෝධනයකින් පසුව හිටපු ඇගමැතිණිය සංස්කෘතික අමාත්‍යවරිය ලෙස කැබිනට් මණ්ඩලයේ රැඳී සිටින බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ දුරකතන සංවාදය පිළිබදව ෂිනවත්‍රා යළිත් සමාව අයැද සිටිමින් හුන් සෙන් සමග ඇයගේ දුරකතන ඇමතුමේ අරමුණ සියයට සීයක් රට වෙනුවෙන් බවත් පවසා තිබුනි.

මේ සම්බන්ධව තවදුරටත් කරුණු ඉදිරිපත් කරමින් ෂිනවත්‍රා මෙසේ පවසා තිබුනි.  “ඒක මම කළේ මට ලැබෙන වාසියක් නිසා නෙවෙයි. මම හිතුවේ මේ ආරවුල වළක්වා ගන්නේ කොහොම ද?, සටනක් ඇති වීමෙන් වැළකී සිටින්නේ කොහොම ද? සහ ජීවිත හානි වළක්වා ගන්නේ කොහොම ද? කියන එක විතර යි. “මේ හඩපටයට හොඳට ඇහුම්කන් දුන්නොත්, මට නරක චේතනා තිබුණේ නැහැ කියලා තේරෙයි.

අවසානයේ ඇය ධූරයෙන් පහ කරනු ලැබුවහොත්, පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට අගමැති ධූරයෙන් ඉවත් කරන ලද ෆියු තායි පක්ෂයේ දෙවන අගමැතිනිය පේටොංටාර්න් ෂිනවත්‍රා වනු ඇත. එමෙන්ම, පසුගිය දශක දෙක තුළ අගමැති ධූරයට පත් වූ ෂිනවත්‍රා පවුලේ සිව්වන සාමාජිකාව ඇය වනු ඇත.

Social Sharing

නවතම විදෙස්