අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය නිකුත් කෙරේ.

අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවන අදියර සඳහා සුදුසුකම්ලාභීන්ගේ නාමලේඛනය නිකුත්කර ඇත. ඒ අනුව සියළුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි දැන්වීම් පුවරුවේ සහ ග්‍රාම නිලධාරී සහ විෂය භාර ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාලයන්හි දැන්වීම් පුවරුවේ මෙම නම් ලැයිස්තුව ප්‍රදර්ශනය කර ඇති බව සඳහන් වේ.

තවද අස්වැසුම දෙවන අදියරයේ සුදුසුකම්ලාභීන්ගේ නාම ලේඛනය සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලයේ නිල වෙඩ් අඩවිය වන www.wbb.gov.lk ට පිවිස අස්වැසුම – 2 අදියර සුදුකම්ලාභීන්ගේ නාම ලේඛනය -2025 යොමුවට පිවිස දැක බලා ගැනීමේ හැකියාව පවතිනවා.

එමෙන්ම දෙවන අදියරේ නාම ලේඛනය තුළ නම් සඳහන් නොවූවහොත් හෝ දෙවන අදියරේ තොරතුරු එක්රැස් කිරීමේදී ලබා දී ඇති තොරතුරුවල වැරැද්දක්, වෙනස්කමක් තිබෙන බවට හැගී යන අයදුම්කරුවන්ට අභියාචනාවක් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බැව් වාර්තා වේ.

අස්වැසුම 2 අදියර සදහා මූලික අයදුම්පතක් ඉදිරිපත් කළද නිවාස තොරතුරු ඒ රැස් කිරීමට රජයේ ක්ෂේත්‍ර නිලධරියෙකු තම නිවසට නොපැමිණියේ නම් එවැනි අයදුම්කරුවන්ටද අභියාචනාවක් ඉදිරිපත් කළ හැක හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එක් අභියාචනාකරුට ඉදිරිපත් කළ හැක්කේ එක් අභියාචනයක් පමණි. ඔවුන් පවසන ආකාරයට අභියාචනා ගොනු කිරීමට පෙර සියළුම අභියාචනාකරුවන් නිවාස තොරතුරු එක්රැස් කිරීමේදී තම පවුල පිළිබඳ ලබාදුන් තොරතුරු IWMS දත්ත පද්ධතියට පිවිස නිරීක්ෂණය කළ යුතුයි. ඒ සඳහා තම QR / HH අංකය සහ මුරපදය භාවිත කළ යුතු බවයි. අභියාවනා ගොනු කිරීමේදී අයදුම්කරුවන් ලබා දුන් ජංගම දුරකථන අංකය නිවැරදි සහ සක්‍රීයව තිබීම අත්‍යාවශ්‍ය කරුණක් වන අතර ජංගම දුරකතන අංකය නිවැරදී නොවේ නම් හෝ අක්‍රීය තත්වයේ පවතී නම් අයදුම්කරු අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් නව අංකය පද්ධතියට ඇතුළත් කළ යුතු බව ඔහු සඳහන් කරයි.

Social Sharing

අවකාශය නවතම පුවත්