පොලී­සි­යට සිදු­වන අප­කී­ර්තිය වළක්වා ගැනීමේ අර­මු­ණෙන් පොලි­ස්පති සොයා ගැනී­මට මහ­ජන සහාය පැතුවා

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා සැඟව සිටීම හේතු­වෙන් ඒ හරහා ශ්‍රී ලංකා පොලී­සි­යට සිදු­වන අප­කී­ර්තිය වළක්වා ගැනීමේ අර­මුණ ඇතිව පොලි­ස්ප­ති­ව­රයා සොයා ගැනී­මට විම­ර්ශන සිදු කළ කණ්ඩා­ය­ම්ව­ලට සහා­ය­වීම සඳහා මහ­ජන සහාය පැතූ බව එවක පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී නීති­වේදී බුද්ධික මන­තුංග මහතා ප්‍රකාශ කළේය.

පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා සිදු කර ඇතැයි කියන විෂ­මා­චාර සහ සිය ධුරයේ බල­තල බර­ප­තළ අන්ද­මින් අනිසි ලෙස යොදා ගැනීම සම්බ­න්ධ­යෙන් විම­ර්ශ­නය කර වාර්තා කිරී­මට පත් කළ පරීක්ෂණ කමි­ටුව හමුවේ ජුලි 01දා සාක්ෂි ලබා දෙමින් බුද්ධික මන­තුංග මහතා මේ බව ප්‍රකාශ කළේය.

පොලි­ස්ප­ති­ව­රයා සොයා ගැනී­මට යෙදවූ පොලිස් කණ්ඩා­ය­ම්ව­ලට දේශ­බන්දු තෙන්න­කෝන් මහතා සොයා ගැනී­මට නොහැකි වූ බවත් ඒ අනුව වැඩ­බ­ලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහතා විසින් මහ­ජන සහාය පැතී­මට උප­දෙස් ලබා දුන් බවද ඒ මහතා පැව­සීය. ඒ අනුව පසු­ගිය මාර්තු 06 වැනිදා තමා පැවැත්වූ මාධ්‍ය සාක­ච්ඡා­වේදී මාධ්‍ය­වේ­දි­යකු යොමු කළ ප්‍රශ්න­ය­කට පිළි­තුරු ලබා දෙමින් අදාළ ඉල්ලීම ජන­තා­වට ඉදි­රි­පත් කළ බව ද ඒ මහතා පැව­සීය.

මේ අතර 2025 මාර්තු 06 වැනිදා තමා විසින් පැවැත්වූ මාධ්‍ය සාක­ච්ඡාවේ ප්‍රධාන අර­මුණ වූයේ සංවි­ධා­නා­ත්මක අප­රා­ධ­ක­රු­වකු වන ගණේ­මුල්ලේ සංජීව ඝාත­නයේ විම­ර්ශ­න­වල ප්‍රග­තිය, මිද්දෙ­ණිය ඝාත­නයේ විම­ර්ශ­න­වල ප්‍රග­තිය, වෙඩි­තැ­බීම් ඇතුළු අප­රාධ පිළි­බඳ දැනු­වත් කිරීමේ අර­මු­ණින් යැයි ද සාක්ෂි­කරු ප්‍රශ්න කිරීම් හමුවේ සඳ­හන් කළේය.

‍ජූලි 01 දින නීති­පති දෙපා­ර්ත­මේ­න්තුව නියෝ­ජ­නය කර­මින් පරී­ක්ෂණ කමි­ටු­වට සහ­භාගී වූ අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහ­තාගේ පාර්ශ්වය සහ නීතිඥ සංජීව වීර­වි­ක්‍රම මහතා පෙනී සිටි වග­උ­ත්ත­ර­කාර පාර්ශ්වයේ සාක්ෂි විම­සීම අව­සන් කළ බව පරී­ක්ෂණ කමි­ටුවේ සභා­පති ශ්‍රේෂ්ඨා­ධි­ක­රණ විනි­සුරු ප්‍රීති පද්මන් සූර­සේන මහතා ප්‍රකාශ කළේය.

මෙම කමි­ටුව හමුවේ දෙපා­ර්ශ්ව­යම නියෝ­ජ­නය කර­මින් සාක්ෂි­ක­රු­වන් 37ක් කැඳවා සාක්ෂි මෙහෙය වූ බව කමිටු සාමා­ජික විනි­සුරු නීල් ඉද්ද­වල මහතා පැව­සීය.

පරී­ක්ෂණ කමි­ටුව වෙත ඊයේ දින­යේදී හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී බුද්ධික මන­තුංග මහතා සහ අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර පොලිස් අධි­කාරී වයි.එස්. කීර්ති­සේන මහතා කැඳවා සාක්ෂි විම­සීම සිදු කළේය.

මෙහිදී බුද්ධික මන­තුංග මහතා විසින් සිදු කරන ලද මාධ්‍ය සාක­ච්ඡාවේ පටි­ගත කළ දර්ශන පරී­ක්ෂණ කමි­ටුව හමුවේ ප්‍රද­ර්ශ­නය කරන ලෙස අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා සිදු කළ යෝජ­නා­වට වග උත්ත­ර­කාර පාර්ශ්වයේ නීතිඥ සංජය වීර­වි­ක්‍රම මහතා දැඩිව සිය විරෝ­ධය පළ කළේය.

ඒ අනුව මේ සම්බ­න්ධ­යෙන් දෙපා­ර්ශ්ව­යේම අද­හස් සලකා බැලූ පරී­ක්ෂණ කමි­ටුව එය ප්‍රද­ර්ශ­නය කිරීම සිදු නොකි­රී­මට තීර­ණය කළේය.

පරී­ක්ෂණ කමි­ටුව හමුවේ දෙපා­ර්ශ්ව­යේම සාක්ෂි කැඳ­වීම අව­සන් වූ අතර ලිඛිත දේශන මේ මස 8 වැනි දින භාර­දී­මට කමි­ටුව නිර්දේශ කෙරිණ.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා – දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාට ලැබුණු අධි­ක­රණ නියෝ­ග­යෙන් පස්සෙ ඔබතුමා කාර්ය­භා­ර­යක් සිදු කළාද?

පිළි­තුර – ඔව් ස්වාමීනි, අධි­ක­රණ නියෝ­ග­යෙන් පස්සේ මාධ්‍යය මේ සම්බ­න්ධ­යෙන් කිහි­ප­ව­රක්ම මගෙන් ප්‍රශ්න කළා. මොහු සම්බ­න්ධ­යෙන්, දේශ­බන්දු තෙන්න­කෝන් මහතා ඇයි අත්අ­ඩං­ගු­වට ගන්නෙ නැත්තෙ කියලා. මම 2025.03.06 වන දින මාධ්‍ය සාක­ච්ඡා­වක් පැවැ­ත්වූවා. පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ලෙස මා වෙත පවරා ඇති වග­කී­මක් තිබෙ­නවා. එහිදී පොලී­සිය පාර්ශ්ව­යෙන් ජන­තාව වෙත ජන­ගත කළ යුතු මත ජන­තාව අත­රට ගෙන­යාම, පොලී­සිය සම්බ­න්ධ­යෙන් මාධ්‍ය ඔස්සේ හෝ වෙනත් ක්‍රම­වේද යටතේ සිදු කරන ප්‍රකාශ සිදු­වීම් පිළි­බඳ පොලිස් මතය ප්‍රකාශ කිරීම ඉන් කිහි­ප­යක්. ඒ වගේම එදි­නෙදා විද්‍යුත් මාධ්‍ය, පුව­ත්පත්, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ඔස්සේ පොලී­සිය සම්බ­න්ධ­යෙන් සිදු­ක­රන මාධ්‍ය වාර්තා එක් රැස් කර ඒවා සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කිරීම, අවශ්‍ය පිය­වර ගැනීම ආදි­යත් පොලිස් මාධ්‍ය කොට්ඨා­සය වෙත පැව­රෙන වග­කී­මක්. එම කොට්ඨා­සය සෘජුව පොලි­ස්ප­ති­ව­ර­යාගේ අධී­ක්ෂ­ණ­යට ලක් වෙනවා. ඒ වගේම යම් මාධ්‍ය සාක­ච්ඡා­වක් සිදු කිරී­මට පෙර මම පොලි­ස්ප­ති­ව­රයා ඇතුළු අදාළ අංශ­ව­ලින් විම­සීම් සිදු කර­මින් අවශ්‍ය තොර­තුරු එක්රැස් කර ගැනී­මත් සිදු කර­නවා.

ඒ වගේම 2025-02-27 වැනිදා මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් පොලි­ස්පති දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙස නියෝ­ග­යක් නිකුත් කළා. ඉන් පසුව දින කිහි­ප­යක් ගත­වී­මෙන් පසු­වයි මෙම මාධ්‍ය සාක­ච්ඡාව සිදු කළේ. මොකද මේ සම්බ­න්ධ­යෙන් මාධ්‍ය ආය­තන හා මාධ්‍ය­වේ­දීන් විසින් මගෙන් වරි­න්වර විම­සීම් කළා. ඒ අය සඳ­හන් කළා, පොලි­ස්ප­ති­ව­රයා නිසාද අත් අඩං­ගු­වට ගැනී­මක් සිදු නොක­රන්නේ කියලා. ඒ ආකා­ර­යට පවා මාධ්‍ය විසින් ප්‍රශ්න කළා. ඒ අනු­වයි මෙම මාධ්‍ය සාක­ච්ඡාව පැවැ­ත්වූයේ. මෙම මාධ්‍ය සාක­ච්ඡාව පැවැ­ත්වූයේ සුහු­රු­පායේ පිහිටි පොලිස් මාධ්‍ය කොට්ඨා­සය පිහිටි කොටසේ තිබෙන ශාලා­වේ­දීයි. මෙම මාධ්‍ය සාක­ච්ඡාව පව­ත්ව­න්නට පෙර මම පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ලෙස දැනට වැඩ­බ­ලන පොලි­ස්ප­ති­තු­මා­ගෙන් විම­සී­මක් කළා. මේ සම්බ­න්ධ­යෙන් මම කුමන ප්‍රකා­ශ­යක් ද කරන්නෙ කියලා. එහිදී වැඩ බලන පොලි­ස්ප­ති­ව­රයා මට ප්‍රකාශ කළා විම­ර්ශන කණ්ඩා­යම් සඳහා සහා­ය­වීම වෙනු­වෙන් මහ­ජන සහාය ඉල්ලා සිටින ලෙස. ඒ වගේම දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අත්අ­ඩං­ගු­වට ගැනීම වෙනු­වෙන් මහ­ජන සහය පතන ලෙස මෙන්ම ඒ මහ­තාට සැඟව සිටී­මට සහාය දක්ව­න්නේ­නම් එයද දඬු­වම් ලැබිය හැකි වර­දක් බව ප්‍රකාශ කරන ලෙසද එතුමා මට උප­දෙස් ලබා­දුන්නා.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා –

ඔබ­තුමා දන්න­වද දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අතු­රු­ද­හන් වුණා කියලා.

පිළි­තුර – ඔව් ස්වාමීනි, මම දැන­ගත්තා.

සභා­පති විනි­සුරු – අතු­රු­ද­හන් වුණා කියලා දැන­ගත්තේ කව­දද?

පිළි­තුර – අධි­ක­රණ නියෝ­ග­යෙන් දින දෙක­කට පමණ පසු ස්වාමීනි.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා – මෙම මාධ්‍ය සාක­ච්ඡා­වට යන්න කලින් ඔබ­තුමා දේශ­බන්දු තෙන්න­කෝන් මහතා සම්බ­න්ධ­යෙන් තොර­තුරු දැන­ග­ත්තාද?

පිළි­තුර – ඔව්, මම දැන­ගෙන හිටියා මේ මාධ්‍ය සාක­ච්ඡා­වේදී මීඩි­යා­ව­ලින් මේ සම්බ­න්ධ­යෙන් තොර­තුරු අහ­නවා කියලා. දින ගණ­නා­වක සිට මෙම තොර­තුරු එක්රැස් කළා. එහිදී මට තේරුනා මොහු අත්අ­ඩං­ගු­වට ගන්න බැහැ කියලා. අයි.ජී. ගෙන් ඇහුවා දේශ­බන්දු තෙන්න­කෝන් මහතා ගැන ඇහු­වොත් මොකද කියන්නේ කියලා. අයි.ජී. කිව්වා මහ­ජන සහාය පතන්න කියලා. මට ලැබුණු තොර­තුරු අනුව සැඟව සිටියා අතු­රු­දන් වුණා කියන නිග­ම­න­යට මම ආවා එත­නදී.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා – පොලී­සිය ගැන අප්‍ර­සා­ද­යක් තියෙ­නව කියලා ඔබ දැන­ග­ත්තාද?

පිළි­තුර – මාධ්‍ය­වේ­දීන් මගෙන් දිගින් දිග­ටම ප්‍රශ්න කළා ස්වාමීනී මේ සම්බ­න්ධ­යෙන්. එහිදී ඔවුන් කිව්වා ඔයා­ලට බැරිද තෙන්න­කෝන් මහතා අත්අ­ඩං­ගු­වට ගන්න කියලා. බුද්ධි අංශ කෝ කියලා ඇහුවා . සමාජ මාධ්‍ය හරහා පොලී­සිය හාස්‍ය­යට ලක්වුණා. ඒවා­යින් තමා මම තීර­ණය කළේ පොලී­සිය මේ වෙන­කොට අප්‍ර­සා­ද­යට ලක්වෙලා තියෙන්නේ කියලා. ඒ අනුව සමාජ මාධ්‍ය තුළ පොලී­සිය සම්බ­න්ධ­යෙන් හා මේ සම්බ­න්ධ­යෙන් බර­ප­තළ ලෙස විවේ­චන සිදු­ක­රන විට මම පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ලෙස මගේ ෆේස්බුක් ගිණුම හරහා ඒ සම්බ­න්ධ­යෙන් අද­හස් පළ කළා. මම පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක ලෙසයි ඒ අද­හස් දැක්වීම් සිදු කළේ. මොකද දිගින් දිග­ටම විවේ­චන එල්ලවූ නිසා.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල් ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා – පොලිස් ඉති­හා­සයේ අවු­රුදු 160ක කාලය තුළ පොලි­ස්පති කෙනෙක් අත්අ­ඩං­ගු­වට ගන්න කියලා නියෝ­ග­යක් නිකුත් කරල තියෙ­න­වද? පොලිස් ඉති­හා­සයේ අධි­ක­ර­ණය මග­හැර සැඟව සිටියා කියල ඔබ දන්න­වද?

පිළි­තුර – නැත ස්වාමීනී. මගේ දැනුම අනුව මරණ පරී­ක්ෂණ වාර්තා­ව­කින් ලැබුණ නියෝ­ග­ය­කට මෙවන් සිද්ධි­යක් වෙලා නැහැ.

නීතිඥ සංජීව වීර­වි­ක්‍රම මහතා – හිටපු පොලි­ස්පති පූජිත් ජය­සු­න්ද­රව අත්අ­ඩං­ගු­වට ගන්න කියලා අධි­ක­ර­ණ­යෙන් නියෝ­ග­යක් තිබුණ කියලා ඔබ දන්නේ නැද්ද?

පිළි­තුර – දන්නව ස්වාමීනී. ඒත් මෙවන් සිද්ධි­ය­කට නොවේ.

නීතිඥ සංජීව වීර­වි­ක්‍රම මහතා – මේ සම්බ­න්ධ­යෙන් සමාජ මාධ්‍ය­යෙහි පළවූ පෝස්ට්ව­ලට ඔබ­තුමා කමෙන්ට් කළේ ඇයි?

පිළි­තුර – මෙතු­මාගේ ක්‍රියා­ක­ලා­පය නිසා ඒ පළ­වෙච්ච පෝස්ට්ව­ලින් පොලී­සිය ලැජ්ජා­වට පත්වෙලා තිබුණා. ඉන් මිදී­මට පොලී­සියේ මතය පළ­ක­රන්න තමයි මම කමෙන්ට් කළේ.

නීතිඥ සංජීව වීර­වි­ක්‍රම මහතා – මම යෝජනා කර­නවා ඔබ­තුමා දේශ­බන්දු තෙන්න­කෝන් සමග තිබ්බ පෞද්ග­ලික වෛර­යක් පිරි­ම­හ­ගන්න තමයි මේ විදි­හට කමෙන්ට් කරලා තියෙන්නේ.

පිළි­තුර – නැත ස්වාමීනී. අප දෙදෙනා අතර ඉතා හොඳ සම්බ­න්ධ­තා­වක් තිබුණා. එතුමා සමඟ මගේ කිසිම වෛර­යක් තිබුණේ නැහැ.

නීතිඥ සංජීව වීර­වි­ක්‍රම මහතා – ඔබ­තුමා අද වෙන­කොට පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක තන­තුරේ නැහැ නේද? ඉවත් කළා නේද?

පිළි­තුර – ඉවත් කළා කියන එකට මම විරු­ද්ධයි ස්වාමීනී. මම දීර්ඝ කාල­යක් ඉල්ලා හිටපු ස්ථාන මාරුව තමයි මට ලැබිල තියෙන්නේ.

නීතිඥ සංජීව වීර­වි­ක්‍රම මහතා – ඉෂාරා සෙව්වන්දි සොයන්න බැහැ කිය­ලත් මේ වගේ මාධ්‍ය සාකච්ඡා තියල කිව්වද?

පිළි­තුර – දේශ­බන්දු තෙන්න­කෝන් හොයන්න බැහැ කියන එක එකක්. ඉෂාරා සෙව්වන්දි හොයන්න බැහැ කියන එක තව එකක්. මොහු රටේ පොලි­ස්පති. පොලි­ස්පති හොයන්න බැහැ කියන එකයි ඉෂාරා සොයන්න බැහැ කියන එකයි සංස­න්ද­නය කරන්න බැහැ. ඒක පොලී­සි­යට බල­පාන්නේ ආකාර දෙක­කට. පොලි­ස්පති හොයන්න බැහැ කියන එක තමයි පොලී­සි­යට ලොකු­වට දැනෙන්නෙ.

(අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ සහ­කාර පොලිස් අධි­කාරී වයි.එස්. කීර්ති­සේන මහ­තා­ගෙන් සාක්ෂි විම­සීම.)

අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා – මාතර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යෙන් දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාට ලබා­දුන් නියෝ­ග­යෙන් අන­තු­රුව ඔබට රාජ­කා­රි­යක් පැව­රු­ණාද?

පිළි­තුර – ඔව් ස්වාමීනි.දේශ­බන්දු තෙන්න­කෝන් මහතා අත්අ­ඩං­ගු­වට ගන්න කියලා මගේ උසස් නිල­ධා­රීන් මාව දැනු­ම්වත් කළා. එහිදී මට නිල­ධා­රීන් 30කගේ කණ්ඩා­ය­මක් ලබා­දුන්නා. ප්‍රදේශ විස්සක මම සෝදිසි මෙහෙ­යුම් කළා. නුගේ­ගොඩ, ගම්පහ, නිට්ට­ඹුව, ගිරි­උල්ල, බෝපි­ටිය යන ප්‍රදේ­ශ­ව­ලත් සෝදිසි කළා.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා – දේශ­බන්දු තෙන්න­කෝන් මහතා ඉන්න­වද කියලා ඔබ ගිරි­උල්ල ප්‍රදේ­ශයේ සෝදිසි කළාද?

පිළි­තුර – ඔව්. මම දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ ගිරි­උල්ල ප්‍රදේ­ශයේ නි‍ෙවසේ ආවේ­ක්ෂණ රාජ­කාරි සඳහා නිල­ධා­රීන් යෙදෙව්වා. එහිදී ඔහුගේ සහෝ­ද­රි­ය­ගෙන් ප්‍රකා­ශ­යක් ලබා­ගත්තා.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා – දේශ­බන්දු තෙන්න­කෝන් මහ­තාගේ ඔහුගේ ගිරි­උල්ල නි‍වෙසේ සිටි­යාද?

පිළි­තුර – නැත ස්වාමීනී.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා – එම නි‍වෙස ආශ්‍රි­තව රාත්‍රී කාලයේ දී ආවේ­ක්ෂණ රාජ­කාරි සිදු­ක­ළාද?

පිළි­තුර – ඔව් ස්වාමීනි. දවස පුරාම ඒ ආස­න්නයේ ආවේ­ක්ෂණ රාජ­කාරි කළ බවට මගේ නිල­ධා­රීන් මාව දැනු­ම්වත් කළා.

අති­රේක සොලි­සි­ටර් ජන­රාල්, ජනා­ධි­පති නීතිඥ දිලීප පීරිස් මහතා – එම නි‍ෙව­සට දේශ­බන්දු තෙන්න­කෝන් මහතා ආව නම්, බැහැ­රට ගියා­නම් ඔබගේ නිල­ධා­රීන්ට සම්මුඛ වන්නට ඉඩ තිබෙ­න­වාද?

පිළි­තුර – ඔව් ස්වාමීනී. ඔහු ගමන් කළා නම් අනි­වා­ර්ය­යෙන් අපේ නිල­ධා­රීන්ට සම්මුඛ වනවා.

දිනමිණ – ස්වර්ණා විජේ­කෝන්

 

Social Sharing

අවකාශය නවතම