මානව හිමිකම් කොමිෂන් සභාවේ මාතර ප්‍රාදේශීය කාර්යාලයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව නීතිඥවරුන් කනස්සල්ලෙන්…

මානව හිමිකම් කොමිෂන් සභාවේ පැරණිතම ප්‍රාදේශීය කාර්යාලයක් වන මාතර කාර්යාලය වෙත වාර්තා වන මානව හිමිකම් කඩවීම් සිද්ධීන් සම්බන්ධව සිදුකරනු ලබන විමර්ශන නිසි ආකාරයෙන් සිදු නොවන බව රයිට් ටූ ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානයේ මාතර ප්‍රාදේශීය නීතිඥ එකමුතුවේ නීතිඥවරුන් ඊයේ පැවති නීතිඥ හමුවේ දී ප්‍රකාශ කර සිටියහ.

ඔවුන් තවදුරටත් එහිදී පවසා සිටියේ වසර දහයකට අධික කාලයක් තිස්සේ එහි සම්බන්ධීකාරකවරයා එම කාර්‍යාලයේ කටයුතු කරන බවත් විමර්ශන කටයුතුවලදී ඔහුගේ ක්‍රියාකලාපය ප්‍රශ්න සහගත බවයි. මේ හේතුව නිසා කාර්‍යාලායට වෙත පැමිණෙන වින්දිතයන්ට යුක්තිය ඉටු වීම අකර්මණ්‍ය වී ඇති අතර ප්‍රදේශය කාර්‍යාලායට කෙරෙහි ඔවුගේ විශ්වාසය ද පළුදු වී ඇති බවයි. එමෙන්ම ඉදිරියේදී පාර්ලිමේන්තුව වෙත මෙම ගැටලුව යොමු කිරීමට බලාපොරොත්තු වන බවත්, ප්‍රදේශයේ බහුලව සිදුවන පොලිස් වදහිංසනය, ව්‍යාජ නඩු පැවරීම් සහ අත්තනෝමතික සිරභාරයට ගැනීම් සම්බන්ධව රයිට් ටු ලයිෆ් මාතර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය හා එක්ව කටයුතු කිරීමට බලා‍පොරොත්තු වන බවද ඔවුන් ප්‍රකාශ කර ඇත.

මෙම හමුව රයිට් ටූ ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය සහ මාතර මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථනයා හා එක්ව, නීතිඥ දුලාන් දසනායක මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (29) මාතර සර්වෝදය දිස්ත්‍රික් මධ්‍යස්ථානයේදී පවත්වන ලදි.

Social Sharing

අවකාශය නවතම පුවත්