ඉන්දියාවේ මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (පෞද්) සමාගම ශ්රී ලංකාවේ කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී ( කොළඹ නැව් තටාකාංගන සමාගම) මිලදී ගැනීම සදහා වූ ගිවිසුම් පසුගියදා අත්සන් කර තිබේ.
ඒ අනුව කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ සියයට 51ක කොටස් හිමිකාරීත්වය ඉන්දියාවේ මැසගොන් සමාගමට හිමි වේ. ඒ සදහා මෙම සමාගම ඉදිරිපත් කර ඇති ලන්සුව ඇමරිකානු ඩොලර් මිලියන 52.96ක් බව වාර්තා වේ.
කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ අනෙකුත් කොටස් හිමිකරුවන් වන්නේ සේවක අර්ථසාධක අරමුදල 16.34%, ශ්රී ලංකා රක්ෂණ සංස්ථා අරමුදල 10%, ශ්රී ලංකා වරාය අධිකාරිය 5%, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල 2.4% යන ආයතනයන්ය.
ඉන්දියාවේ මැසගොන් මැගසොන් සමාගමට පෙර කොළඹ ඩොක්යාර්ඩ් සමාගමේ ප්රධාන කොටස් හිමිකරුවා වුයේ ජපානයේ ඔනොමිච් ඩොක්යාර් සමාගම වූ අතර, ඔවුන්ට සමාගමෙන් කොටස් 51%ක් හිමිව තිබුනි. 2024 නොවැම්බර් මාසයෙන් පසු තම කොටස් ඉවත් කරගන්නා බව ජපන් ඔනොමිච් සමාගම කොළඹ ඩොක්යාර්ඩ් සමාගම වෙත දැනුම් දී තිබුනි.